3/5

Kuku

103/1A, Katuwawala Gardens, Boralesgamuwa


Some are delicious, but think twice.



මේකත් ඌබර් ඊට්ස් ඕඩරයක්. ඒ වගේම තමයි කලින් පාරවල් වල වගේ නැතුව සිං.. ගාලා ආපු ඕඩරයක්.

මම එදත් හිටියෙ යාළුවෙක්ගෙ දිහා, පොඩි වැඩ වගයක් කරගන්න කියලයි ගියේ. වැඩේ කියන්නෙ ඉතින් අපේවුන්ගෙන් වැඩ කරගන්න පගාව දෙන්න එපැයි.

ඔන්න ඉතින් පටන් ගත්ත ඥරු ඥුරුව.

“හා හා හිටහන් හිටහන්. දවල් කෑම ගෙන්නන්නං”

බැරිම තැන ගත්ත යාළු ෆෝන් එක අතට. අරගෙන ඔන්න හොයනව කෑම කඩයක් හරි හරියට.

“මෙහ් මොනවද කන්නෙ කියහල්ලකො දැන්”

“අඩේ.. පෝර්ක්, පෝර්ක ඕන. ඒවයි රයිසුයි, කොත්තුයි ඕන දෙයක් ඉතින්”

“එහෙමද. එහෙනං මම දාන්නං.. පෝර්ක් කොත්තුවයි (රු. 550), සීෆුඩ් නාසි (රු. 650) එකයි, මට්න් ස්ටු (රු. 850) එකකුයි?”

“හප්පේ.. බෝව අල්ල ඉඹින්න හිතෙනව. දාං දාං”

එතනින් පස්සෙ ඔන්න ටික වෙලාවකට සද්ද නෑ. ඒත් පැය බාගෙ ගියේ නෑ,

“කෝ බං. බඩගිනියිනෙ”

“ඉඳාන් ඉඳාන්. මේ ළඟ ඉන්නෙ. මම පාරට ගිහින් අරන් එන්නම්. ඔන්න ඔය පිඟන් 2, 3ක් ලෑස්ති කරාංකො”

අඩියට දෙකට පහළට බැහැපු මම ගිහින් හිටගත්ත ගේට්ටුව ළඟින්ම. වෙලාව කියන්නෙ ඒ වෙද්දිම ආවා ඌබර් මිත්‍රයත් කෑම ටික අරගෙන.. උණුඋණුවෙන්ම කියන්නකො.

හප්පේ, ඊට පස්සෙ උඩට ගිහිල්ල පිඟන් වලට දාද්දිනෙ ගැම්ම. ෂැහ්, ටොප් ආ.. සුවඳේ බෑ. 

“බෙදාගනිල්ල ඉතින් බකං නිලං ඉන්නෙ”

කිව්වට.. එච්චරයි කියන්න හම්බවුනෙත් යාළු. දෙන්න බැස්සා.. ඔලු උස්සද්දි කොත්තු හැඳි 2, 3කුයි රයිස් කාලකුයි වගේ ඉතුරු වෙලා තියෙනව. මොනව කරන්නද ඉතින්, මගේ වැඩේනෙ’ කියල මම දාගත්ත ඒ ඉතුරු ටික. දාගෙන.. මට්න් හොදියි කෑලි 2, 3කුයිත් දාගෙන ඔන්න පටන් ගත්ත යමරෙට දෙසා බාන්ට.

අඩේ… කොත්තුව නිකම් වියළි ගතියයි.. මගෙ හිතේ එහෙමෙකට හොදි දාලා නැද්ද කොහෙද. හැබැයි කැරට්, ලීක්ස්, මිරිස්, බිත්තර අඩුම කුඩුම ටික නම් ගානට දාලා තියෙනව. ඊටත් මම මුලින් හිතන් හිටියෙ අපේවුන් ෆ්‍රයිඩ් පෝර්ක් කෑලි ටික ඔක්කොම කාලා කියල. බැලින්නම් එහෙම නෙවෙයිනෙ වෙලා තියෙන්නෙ, ඇත්තටම කොත්තුවටම පෝර්ක් කෑලි 8, 10යිනෙ තිබිල තියෙන්නෙ. ඒකත් හොයාගත්තෙ කට්ටියගෙන් අහල. චැහ්! ඒ සීන් එක මාට්ටු වුණාට පස්සෙ නම් කෑම ටික එපා වුනා අප්ප.

මොකද ඒ ගැම්මට කාපු නාසි එකෙත් තිබ්බෙ නෑනෙ ඒ හැටි නාසි ගතියක්. සෝස් අඩුම කුඩුම දාලා නොදාලා වගේ. එතකොට කැරට්, ලීක්ස්, බිත්තර, ඉස්සො, දැල්ලො, මාළු කෑලිත් හරිම පොඩියට කපල, පෝ..ඩ්ඩක් දාලා. ඇත්තටම, සවුත්තුයි නේ... අඩුම තරමෙ එළවළු ටිකක් හරි දාන්න තිබ්බ සීෆුඩ් දාන්න බැරි නම්. ම්ම්.. ඒ හැරුණාම ඉතින් බත් එක ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැති ගානයි.

වෙලාවට දෙයියනේ කියල මට්න් ස්ටු එක ටොප් එකට තිබ්බෙ. සත්තයි ඒක නම් මරේ මරු ආ.. දාලා තියෙනව ආයෙ කිරි, අමු මිරිස්, ගම්මිරිස්, අල පදමටම. හැබැයි ඉතින් අනිත් ඒවයෙ වගේ මස් කෑලි නම් අඩුයි. ඒත් රසයි. මොකද මස් කෑලි වලටත් හොඳ හැටි මිරිස් තුනපහ, කිරි පදම අල්ලලනෙ. ඒ වගේම හොද්දත් ආයෙ පාන් කන්න කියාපු ගානටම. උණුඋණුවෙ ගත්තාම ඇඬෙනව ඉතින්, පෝරණු පාන් ගෙඩියකුත් තිබ්බ නම්… පංකාදු පහයි!

හැබැයි ඉතින් සමස්ථයක් හැටියට මොනවත් ලොකුවට ඕඩර් කලේ නැති එක ගැන නම් කට්ටියම සන්තෝසයි. මොකද සමස්ථයක් හැටියටම කෑම වේල මෙලෝ රහක් නෑනෙ, හී...


TIP

Try Mutton & Rice

Have you visited this place?

Write your own review!
Leave a comment