Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Lansi's

Delivery only


A home-based venture that does some superb Lamprais, among other treats.



ලන්සීස් කියන්නෙ ගල්කිස්සෙ තියන හෝම් බේස්ඩ් ෆුඩ් ඩිලිවරි සර්විස් එකක්. ඒගොල්ලන්ගෙ වැඩි අවධානය ලම්ප්‍රයිස්වලට. ඊට අමතරව තව බේක් කරපු කෑම වර්ග එහෙමත් එයාල ළඟ තියනවා. කලින් ඕඩර් එක දීලා කෑම තමන් ළඟට ම ඩිලිවර් කරගන්න වගේ ම එතෙන්ට ගිහින් කෑම ටික පිකප් කරගන්නත් ඕගොල්ලන්ට පුළුවන්.

ඕඩර් කරන විදිහ

ලන්සීස් එකේ දුරකතන අංකය 0778627353ට කෝල් කරලා වගේ ම, එයාලගේ ඉන්ස්ටග්‍රෑම් එකට මැසේජ් කරලත් ඕගොල්ලන්ට ඕඩර්ස් ලබා දෙන්න පුළුවන්. 

ලම්ප්‍රයිස්

මෙතන විශේෂ ම කෑම ලම්ප්‍රයිස් නිසා අපි ඕඩර් කළෙත් ලම්ප්‍රයිස්. ලම්ප්‍රයිස් වර්ග තුනක් ඒගොල්ලො ළඟ තියනවා. ඔතෙන්ටික් ලම්ප්‍රයිස්, චිකන් ලම්ප්‍රයිස් සහ ඔතෙන්ටික් විත් මට්න් තමයි ඒවා. ඒ වෙලාවේ මට්න් එක අවේලබල් නෑ කියපු නිසා අපි මුල් ජාති දෙක ගත්තා. ඔතෙන්ටික් ලම්ප්‍රයිස් එක රු. 650යි. චිකන් ලම්ප්‍රයිස් එක රු. 600යි.

මේ තියෙන්නේ ලන්සීස් එකේ ඔතෙන්ටික් ලම්ප්‍රයිස් එක. කෙසෙල් කොළේ දිග අරිනකොට ම ආපු සුවඳින් අපේ බඩගින්න දෙතුන් ගුණයකින් වැඩි වුණා. මේකේ තිබුණු ජාති තමයි සීනි සම්බෝල, බැදලා උයපු අළු කෙසෙල්, මික්ස්ඩ් මීට් කට්ලට් දෙකක්, බ්ලන්චන්, අබ සෝස්වල දවටපු බැදපු වම්බටු සහ, චිකන්, පෝක් සහ බීෆ් මික්ස් කරි එකක්.

චිකන් තම්බපු වතුරෙන් උයපු බතට පාවිච්චි කරල තිබුණේ සූදුරු සම්බා හාල්. හොඳට තැම්බිලා තිබුණු බත හරි ම සොෆ්ට් වගේ ම හොඳ රසයි. බ්ලන්චන් එකෙන් යන්තමින් එන සැරයි, සීනි සම්බෝලෙන් එන පැණි රසයි, අළු කෙසෙල් කරියෙ ක්‍රීම් ගතියයි එක්ක ලම්ප්‍රයිස් එකේ රස හැම අතින් ම සමබර වෙලා තිබුණා. මික්ස්ඩ් මීට් කට්ලට් දෙකත් මසින් සරුයි. චිකන්, පෝක්, බීෆ් මික්ස් කරි එකේ වැඩිපුර ම තිබුණෙ බීෆ්. චිකන් කෑලිත් තරමක් තිබුණට පෝක් නං තිබුණෙ තෙල් කෑලි ටිකක් තමයි. ඒ වුණාට හැම ජාතියක ම රස මික්ස් වෙලා ඇවිත් අපේ රස දිව පිනා ගිය නිසා ඒක ඒ තරම් දෙයක් විදිහට අපි සැලකුවෙ නෑ.

චිකන් ලම්ප්‍රයිස් එක ඔතෙන්ටික් එකෙන් වෙනස් වෙන්නේ මස් කරියෙන් සහ කට්ලට්වලින් විතරයි. මික්ස් මස් කරිය වෙනුවට මේකට ආවේ චිකන් කරියක්. ඒ වගේ ම චිකන් ලම්ප්‍රයිස් එකේ කට්ලට්වල ෆිලිං එක හදල තිබුණෙ මාළුවලින්. සෑහෙන හොඳ සැර පදමට චිකන් කරිය හදල තිබුණ නිසා චිකන් ලම්ප්‍රයිස් එකෙත් බත් ඇටයක්වත් ඉතුරු නොවෙන්න ගිලලයි අපි නැවතුණේ.

අවසාන වශයෙන්

මේගොල්ලන්ගෙ ලම්ප්‍රයිස් ගැන වැඩි කතා නැතුව කෙටියෙන් ම කියනව නං පට්ට! ලම්ප්‍රයිස්වලට කියාපු ම තැනක් කියල දෙපාරක් නොහිත කියන්න පුළුවන්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment