Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Lau Pa Sat (One Galle Face)

Galle Face Center Rd, Colombo

  • Open until 10:00 PM


Some of the best Singaporean dishes in town!



කට්ටියක් එක්ක වන් ගෝල් ෆේස් ගියොත් හැම කෙනාගෙ ම කෑම රුචියට ගැළපෙන රෙස්ටොරන්ට් එකක් හොයාගන්න හම්බෙනවා සිකුරුයි. මේ පාර වන් ගෝල් ෆේස් ගිය අපි ට්‍රයි කරල බැලුවෙ සිංගප්පූරු කෑම වේලක්.

තැන

Lau Pa Sat රෙස්ටොරන්ට් එක තියෙන්නෙ වන් ගෝල් ෆේස් එකේ හතරවෙනි මහලේ. තනිකර ම සිංගප්පූරු පෙනුමින් යුතු මෙතන, ඔයා දෙතුන් දෙනෙක් එක්ක ගියත්, ඊට වඩා ලොකු පිරිසක් එක්ක ගියත්, හොඳට අතපය දිග ඇරලා හිතේ හැටියට කන්න බොන්න තරම් ඉඩ තියනවා.

ඒ වගේ ම බැල්කනි එකේ අවුට්ඩෝ ඒරියා එකකත් වාඩි වෙන්න ඉඩ සලසලා තියෙන නිසා, හැන්දෑ වරුවක ගියොත් එතන ඉඳන් ඉර බැහැල ගිහින් මුහුදෙ ගිලෙන ලස්සන වීව් එකත් බල බල ම කෑම කන්න පුළුවන්.

කෑම

අපේ පළමු තේරීම වුණේ ඇසෑම් ෆිෂ් රයිස් ඇන්ඩ් කරි (රු. 800). ඒ කියන්නෙ සුදු බත් සහ බැදපු බිත්තරයක් එක්ක මාළුයි වම්බටුයි එකට දාල හදපු සැර පාට කරියක්. වෙන වෙන ම ටේස්ට් කළාම සාමාන්‍යයි කියල හිතුණට එකට එකතු කරල කෑවම මේක මාර රස කෑම වේලක්. විශේෂයෙන් මාළු කරිය රස දිව පිනා යන රසින් යුක්තයි.

මීගුරන් (රු. 800) තමයි අපේ ඊළඟ කෑම තේරීම. මේක ඉස්සො ගොඩක් දාපු සැර ම සැර නූඩ්ල්ස් එකක්. ශ්‍රී ලංකන් ඩිෂ් එකක් කියල හිතෙන තරමට කුළුබඩු පාවිච්චි කරල හදල තිබුණු මේකෙන්, සීෆුඩ් ෆ්ලේවර් එකත් ඇති පදමට ආවා.

අපි ගත්ත සයිඩ් ඩිෂ් එක වුණේ සෝල්ටඩ් එග් යෝක් ප්‍රෝන්ස් (රු. 1550). හොඳට සුමුදුවට තැම්බුණු ඉස්සො, බිත්තර මදේ දවටලා ෆ්‍රයි කරල ලුණු එක්ක කලවම් කරලා. මේක කෑමට එකතු වුණාම රස දෙගුණ වුණා.

බීම

මෙනු එකේ තිබුණු බීම තේරීම් ගොඩක් අතරින් අපි තේරුවේ මයිලෝ ඩයිනසෝර් එකයි (රු. 400), ස්ට්‍රෝබෙරි කූලර් එකයි (රු. 400). මයිලෝ ඩයිනසෝර් එක සෑහෙන ලොකුයි. ඒ වගේ ම රසයි. උඩින් මයිලෝ පවුඩර් ගොඩක් දාල ආපු මේක උකු බවිනුත් ඉස්තරම්.

මිංචි කොළ සහ ස්ට්‍රෝබෙරි කෑලි ගොඩකුත් එක්ක ආපු කූල් ම කූල් ස්ට්‍රෝබෙරි කූලර් එක මල් හතයි. මේක මහන්සි නිවෙන්න නියම රිෆ්‍රෙෂිං බීමක්. 

අතුරුපස

Lau Pa Sat එකේ අතුරුපස මෙනු එක සෑහෙන ලොකුයි. හැබැයි ඒ වෙද්දිත් බඩකට වගේ ම හිතත් සෑහෙන පිරිල නිසා අපි එක ඩෙසට් එකකට සීමා වෙන්න තීරණේ කළා. Goreng Pisang and Vanilla Ice-Cream (රු. 500) තමයි අපි ගත්ත ඩෙසට් එකේ නම. මේක සරලව කිව්වොත් බැදපු කෙසෙල් ගෙඩි අයිස්ක්‍රීම් එක්ක මිශ්‍ර කරපු අතුරුපසක්. ඊට උඩින් චොක්ලට් සෝසුයි කජුයි ඉහලා. සිම්පල් වුණාට දිව්‍යලෝක රසයි. කෑමවේලට නිමාවක් දෙන්න හොඳ ම ඩෙසට් එකක්.

සර්විස් එක

ස්ටාෆ් එක හිතමිතුරුයි. මෙනු එකේ තියෙන දිව උළුක් වෙන අපිට නොතේරෙන ඩිෂස් ගැන ඇහුවම එයාල සුහදව අපිට ඒව පැහැදිලි කළා. කෑම බීමත් ඉතා ඉක්මනින් ලැබුණා.

අවසාන වශයෙන්

හොඳ කොලිටියෙ කෑමයි, සුහද සේවාවයි, සුවපහසු සහ ලස්සන ප්ලේස් එකයි නිසා මෙතනින් අපිට ලැබුණේ අමතක නොවෙන රස අත්දැකීමක්. අමතක කරන්න එපා, සිංගප්පූරු කෑම වේලක් විදිහට මෙතන කෑම ගණනිනුත් අඩුයි.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment