Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Lauries Lane Short-Eat Van

Lauries Lane, Colombo 4

  • Open 7am to 6pm Monday-Friday.


While the location of this short eat van isn't all that, it’s not a bad place to stop and have a quick munch in the sunshine. It's clean, the chap that runs it friendly, and the food stands out next to many of the short-eats I've sampled in town.



එක් දිවාආහාර විවේකයක පොඩි කෑමක් කන්න තැනක් සොයා බම්බලපිටියේ සරද්දී මට හමුවුණා හොඳ කෙටිකෑම කඩයක්, නමක් නැති. තිඹිරිගස්යායේ 'The Takeaway' මෙන් නොවෙයි, මෙහි කෑම විකුණනු ලබන්නේ ඩුප්ලිකේෂන් පාර අද්දර නවතා ඇති වීදුරු පැති සහිත වෑන්රියකින්. මෙහි ඇති කෙටිකෑම පුරයේ බොහෝ මවිසින් කා බලන ලද තැන්වල කෙටිකෑමවලට වඩා හොඳයි. කොළඹත්, මුළු රටේමත් මෙවැනි කෙටිකෑම වෑන්වල කෑමවලට වඩා ඒවා හොඳයි. ලෝරිස් පටුමගේ ඇති මේ වෑන්රිය දිවාකාලය තුළ නවත්වලා. එහි කෑමවල විවිධත්වයත්,  තත්වයත් අනෙක් තැන්වලට වඩා ඉහළයි.

මම මුලින් එහි යනවිට එහි සමෝසා වර්ග, පැටිස්, රොටි, කට්ලට්, රෝස්පාන්, බනිස්, චයිනීස් රෝල්ස්, කේක් හා වෙනත් පැණිරසත් තිබුණා. කෙටිකෑමවලට අමතරව ඔවුන් දිවා ආහාර පාර්සල්, තේ, සිසිල් බීම, සිගරට් මෙන්ම තව පුංචි, පුංචි දේත් විකුණනවා. මම චිකන් පැටිස් දෙකකුත්, එළවළු කට්ලට් එකකුත් කෑවා. ඒවා රසයි. මිළ වුණේ රු. 100යි.

තැනනම් එතරම් ප්‍රසන්න නැහැ. එය නවතා තිබෙන්නේ කුණු සහිත පාරක වාහන නැවතුම් ස්ථානයක් අසල. ඒ ළඟ අද්භූත සතෙක් වැනි කොංක්‍රීට් බිල්ඩිමකුත් තිබෙනවා. ඒත්, දවල්ට යමක් කාලා දුවන්න නවත්වන්න හොඳ තැනක්. පුංචි වෑන්රිය පිරිසිදුයි. ගනුදෙනුකරුවන් නිතර එන අය. කඩහිමි ගැටයා මිත්‍රශීලීයි. මේ පැත්තෙන් යනවානම් නවත්වා යමක් කන්න සුදුසු තැනක් කියා මම නිර්දේශ කරනවා.

TIP

Unless you like eating in a car-park (i'm a bit partial myself), you'll probably want your short-eats to go, though people do hang about to eat and chat by the van.

Address

Lauries Lane, Colombo 4

Report Inaccuracy

Open 7am to 6pm Monday-Friday.

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments