Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

5/5

Mabroc Bubble Tea

Mabroc Bubble Tea, Liberty Plaza Food Court, Duplication Road, Colombo 03.


Great bubble tea, plenty of flavours, and super value for money.



බබල් ටී දැන් කොළඹ එන්න එන්න ප්‍රචලිත වේගෙන එනවා. ඉස්සර බබල් ටී බොන්න කියල තැනකට තිබුනේ බම්බලපිටියේ බබල් ක්වීන් එක විතරයි. ඒත් දැන් ඒක වැහිලා ගියාට පස්සෙ ඒකෙ තැන ගන්න තැන් කිහිපයක්ම ඇවිල්ල තියෙනවා. අලුත්ම එක තමයි ලිබර්ටි ප්ලාසා එකේ ෆුඩ් කෝර්ට් එකේ ”මාබ්‍රොක් බබල් ටී” එක.

බබල් ටී කියන්නේ මොකද්ද කියල ෂුවර් නැත්තං පොඩ්ඩක් ඒක ගැන කියල ඉමුකෝ. බබල් ටී කියන්නේ තායිවානේ උපත ලැබුන බීමක්. සරල ව කිව්වොත් විවිධ රසවලින් එන තේ හරි කිරි තේ මිශ්‍රණයකට කටට හැපෙන පොඩි බෝල වගයක් එකතු කරනවා. මේවා සාමාන්‍යයෙන් හදන්නේ මඤ්ඤොක්කා පිටිවලින්. නිකං ජෙලි වගේ තමයි කටට දැනෙන්නේ. මේවට තමයි ”බබල්” කියල නම වැටිලා තියෙන්නේ. අලුත් තාලේ බබල් නං ජෙලි වලින් හදල එක එක රසවල් දාලත් එනවා.

දැන් අලුතෙන්ම මේකට අත දාල තියෙන්නේ ”මාබ්‍රොක් බබල් ටී” එකයි. මාබ්‍රොක් කියන්නේ අවුරුදු විස්සකටත් වැඩිය පරණ තේ නිෂ්පාදනය කරන සහ අපනයන කරන සමාගමක්. ඉතින් තේ ගැන නං ප්‍රශ්නයක් මෙතනට නැතුව ඇත. එ්ත් අනික්වා  කොහොමද කියල බලමු.

 

තැන


මෙතන තත්වේ කොහොමද බලන්න ෂේප් එකේ අපි උදේ වරුවක ලිබර්ටි ප්ලාසා එකේ අලුත් ෆුඩ් කෝර්ට් ඒකට ඇදුනේ තවම වැඩි සෙනගක් නැතුව ඇති කියල. එත් ගිහිල්ල බලනකොට කවුන්ටරේ ගාව සෙනගකුයි තව ඒ මදිවට පෝලිමකුයි තිබුණා. හොඳ වෙලාවට ඉක්මනට ඒක විසිරිලා ගියා. විශේෂයෙන් කියන්න ඕනේ මෙතන සේවය නං හරිම හොඳයි. හරි සුහදයි. අපෙන් අහලත් බැලුව ඒගොල්ලන්ට හදාගන්න වැරදි තියෙනවද කියල.

ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකේ අනිත් කඩ ඔක්කොම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන විදියට කවුන්ටර් විතරක් විදියට සකස් කරලා තිබුණට මාබ්‍රොක් එකේ අය වෙනම පොඩි කඩයක් විනිවිද පේන ෆයිබර්ග්ලාස් බිත්ති දාල හදාගෙන තිබුණා එගොල්ලොන්ගේම පුටු, මේස තියන්න පුළුවන් වෙන්න. ඇතුල නිකං සෙල්ලං බඩුවක් ඇතුලේ වගේ. සුදුපාට බිත්ති, මේස පුටුවල පාට පාට රවුම් මෝස්‌තර දාල හරි හුරුබුහුටි පෙනුමක් අරගෙන තිබුණා. ඔයාල තායිවාන්, කොරියන් පොප් සංස්කෘතියේ හැඩතල, විලාසිතා අඳුරනවා නං සමානකමක් පෙනෙයි.

කොළඹ අනිත් බබල් ටී තැන්වලට වැඩිය මෙතන මෙනුවේ තෝරගන්න ගොඩක් ඒවා තිබුණා. අපි කොහොමහරි තුන්දෙනෙකුට බබල් ටී ජාති හතක්ම ඔඩර් කරල තමයි ගිහිං වාඩි වුනේ. කඩේ කට්ටිය මොනා හිතුවද දන්නේ නෑ. මොනා වුනත් දෙන්න බැහැ කිව්වෙ නෑ; එච්චරයි. අනික්වා අදාල නෑ නේ. හැබැයි අදාල දෙයක් තමයි මෙතන පුටු ටිකක් උසයි, ටිකක් වැනෙනවා. වාඩි වෙනකොට පරිස්සමෙන්. විනාඩි 10ක් 15ක් විතර බලං හිටියට පස්සෙ තේ ටික ලෑස්තියි කියල පණිවිඩේ ආවා. ඉතින් අපි  ආපහූ කවුන්ටරේට ගිහිල්ල කඩේ මෝස්තරේටම සීල් කරපු ප්ලාස්ටික් කෝප්ප 7ක් අරගෙන ආවා.

 

බබල් ටී

හොඳ තේ රසක් ආවේ උණු තේ එකෙන්. මේක නං වැඩිය අටුවා ටීකා අවශ්‍ය නැහැ, හොඳ රස කහට තේ එකක් ගැන හිතන්න. දැන් ඒකට බබල් පොඩ්ඩක් දාන්න. නියමයි. බොහොම සරලව හදපු බබල් ටී එකක්. ඒ වගේම ඒක සැහෙන්න හිතට වැදුනා. සීතල දවසක ගෙදර සැප පහසුවේ කහට එකක් හදාගෙන බිව්වා වගේ තමයි. හොඳ සනීපයක් දැනුණා.

ඊටපස්සේ බීල බැලුවෙ ”ග්‍රීන් ඇපල්" එක. මේකේ කියන්න වැරද්දක් නැහැ. නිකං කොළ ඇපල් ගෙඩියක් වතුර වෙනකං කොටලා අරගෙන එකට කිරි ටිකකුත් දැම්ම වගේ තමයි තේරුණේ. වැඩිය තේ රහක් නං ආවේ නැහැ. හොඳට හැපෙන බබල් ටිකකුත් දාල තිබුණා. හැබැයි මේක හොඳට බොන්න පුළුවන්. රත් වෙච්ච වෙලාවක ඇඟයි ඔළුවයි නිවෙන්න බොන්න මේකේ නරකක් නැහැ.

ඒක අගුණයි කියල හිතල ගුණ දෙයක් ඕනේ කියල හිතනවා නං ඔයාලට හර්බල් බබල් ටී එකක් ගන්න පුළුවන්. තේ කියල නං හිතෙන්නෙ නැහැ මොකද මේකෙ හරි සැහැල්ලු, ලා ගතියක් තියෙන්නේ. තේ වලට වැඩිය බෙලි මල් වතුර වගේ. හැබැයි හොඳ බෙහෙත් ඔසු රසක් බිව්වට පස්සෙ වදිනවා.

පීච් බබල් ස්නෝව් එක දැකපු ගමන් නං වැඩි දෙයක් කියල හිතෙන්නෙ නැහැ. එ්කත් වැඩි දෙයක් නෙමෙයි තමයි. කුඩු කරපු අයිස් වලට පීච් රස එකතු කරලා. හැබැයි ඒකෙන් සෑහෙන්න සනීපයක් දැනෙනවා. මේකත් රස්නෙ දවසක බොන්න හොඳයි.


අයිස් ටිරමිසූ එක නං වැඩිය කියන්න දෙයක් නැහැ. හැමදාම හුඟක් තැන්වල හම්බවෙලා බොන අයිස් කෝපි එකක් වගේ තමයි මට තේරුණේ. හැබැයි හොඳ කෝපි දාල හදපු අයිස් කෝපි එකක්.

ඊළඟට අපි බීල බැලුවෙ අඹ සහ පීච් බබල් ටී එක. මේක ඉස්සෙලම බීල බලනකොට වැරදිලාවත්ද කියල හිතුනා මොකද අඹ රසක් වැඩිය ආවේ නැති හින්ද. පස්සෙ තමයි තේරුණේ; තේ එක පීච්, බබල් ටික තමයි අඹ රස. මේවා සාමාන්‍ය බබල් නෙමෙයි. ජෙලටින් වලින් තමයි හදල තිබුනේ. අනිත් එක මේවා කටේ එකපාරටම දියවෙන්න හදල තිබුන “පොපිං බබල්ස්" ඉතින් අමුතුම ගතියක් එකේ තියෙනවා. අයිෂාට කියවුනේ ඒකේ හරි හුරුබුහුටි රසක් තියෙනවා කියල. මේක රස්නේ දවසක බොන්න නං නියමයි. හරි සැහැල්ලුයි. සීතලට හරි සනීපයක් දැනෙනවා.

හුරුබුහුටි වෙන්න කියල හිතලම හදල තිබුණේ ”ඩොල්ෆින් බබල්” එක්ක ආපු “නිල් කොරල්” තේ ෂේක් එක. මේක ළමයින්ට කියලම තමයි හදල තියෙන්නේ. මේකේ අමුතුම රසක් තියෙන්නෙ. හරියට චුවින් ගම් රස මිල්ක්ෂේක් එකක් බිව්වා වගේ. හැබැයි එහෙම කියල මේක නරකයි කියල හිතන්න එපා. ඔයාලට අල්ලලා යන්න පුළුවන්. මට නං අල්ලලා ගියා.

හොට් චොක්ලට් තේ එක තමයි අපි අන්තිමට ගත්තේ. අපිට දැනගන්න ලැබුන විදියට මේකට එක එක අය එක එක කතා කියල තියෙනවා. හැබැයි අපිට හිතාගන්න බැරිවුණා ඇයි කියල. මේක මාර රසයි. බඩ පිරෙනවා කියල හිතෙන තරං හොඳට චොක්ලට් දාල තිබුණා.  ලාවට තමයි තේ රසක් ආවේ. චොක්ලට් කැමති  අයට නං හොඳටම හොඳයි.

 

 

අවසාන වශයෙන්


බබල් ටී දැන් කොළඹ අලුත් විලාසිතාවක් වගේ වෙලා. එච්චරට බබල් ටී බොන්න පුළුවන් තැන් දැන් ඇවිල්ලා. හැබැයි ඒ තැන්වලින් හොඳම එකක් කියල අපිට මාබ්‍රොක් බබල් ටී එක කියන්න පුළුවන්. ඔයාල බබල් ටී බොන්න ආසනං, නැත්තං අලුතෙන් බීල බලන්න ආසනං, මෙතනට යන්න. වරදින එකක් නැහැ.

 


TIP

Get the Mango Bubble Shake if you're feeling summery!

Address

Mabroc Bubble Tea, Liberty Plaza Food Court, Duplication Road, Colombo 03.

Directions

Liberty Plaza is right at the Colpetty Junction. Walk down to the food court, it's right in front of the elevator.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
User Reviews
D
1

2/5

0

Dolaya

We got the chocolate and hazelnut. It wasn't for us. I throw it away after few drinks.

N
1

1/5

0

NaveenKR

When ever I feel overly happy about life I always visit mabroc bubble tea and basically try any flavour . Because the watered down bubble tea always slaps me back in place and let's me know that the world is mostly a shitty place and that flavourless tasteless bubble tea places like Mabroc still exisit in the world. A great place to visit to shock you back to reality that people make a quick buck by serving you coloured water as an excuse for bubble tea. Will visit again

D
1

2/5

0

Dolaya

We got the chocolate and hazelnut. It wasn't for us. I throw it away after few drinks.

N
1

1/5

0

NaveenKR

When ever I feel overly happy about life I always visit mabroc bubble tea and basically try any flavour . Because the watered down bubble tea always slaps me back in place and let's me know that the world is mostly a shitty place and that flavourless tasteless bubble tea places like Mabroc still exisit in the world. A great place to visit to shock you back to reality that people make a quick buck by serving you coloured water as an excuse for bubble tea. Will visit again

See 16 Comments