Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

3/5

Madras Masala Restaurant

No. 11, Dr. E.A. Corray Mawatha, Wellawatte

  • Closed right now


Madras Masala Restaurant is specialised in Indian food.



වැල්ලවත්ත කියන්නේ ඉන්දියන් කෑමවලට ආස අයට සුරපුරයක්. ඒ පැත්තෙ කරක් ගැහුවොත් ඉන්දියන් රෙස්ටොරන්ට්ස් තොගයක්ම හොයාගන්න පුළුවන්. මැඩ්‍රාස් මසාලා රෙස්ටොරන්ට් එකත් ඒ වගේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. ඉතිං ඉන්දියන් කෑම කන්න හිතාගෙන අපි ගියා මැඩ්‍රාස්.

තැන

මැඩ්‍රාස් මසාලා කිව්වට මේක තියෙන්නෙ මදුරාසියේ නෙමෙයි වැල්ලවත්තේ ගාලු පාරයි මරීන් ඩ්‍රයිව් එකයි යා කරන පටු පාරක. හරියටම කිව්වොත් දොස්තර ඊ. ඒ. කුරේ මාවතේ. රෙස්ටොරන්ට් එකක් බවට හරවපු ලොකු ගෙයක් නිසා මේකේ ඇතුළෙ ඕන තරම් ඉඩ තියනවා. පිළිවෙළට ඇරෙන්ජ් කරපු ලොකු මේසයි කුෂන් පුටුයි, වටපිටාවේ තියන පිරිසිදු ගතියයි නිසා අපහසුවකින් හිරිහැරයකින් තොරව කෑම වේලක් කන්න පුළුවන් බව පේනවා.

කෑම

නමෙන් කියවෙන විදිහටම මෙතන තියෙන්නෙ ඉන්දියානු කෑම ජාති. තෝසෙ, වඩේ, බිරියානි, චපාති, කුර්මා මෙකී නොකී ජාති. අපි ඕඩර් කළා මෂ්රූම් බිරියානි එකයි (රු. 400), චිකන් කුර්මා එකයි (රු. 550), එළවළු කුර්මා එක්ක චපාතියි. (රු. 250)

මෂ්රූම් බිරියානි එක ආවෙ දුම් දදා උණු උණුවෙන්. ඇති පදමට මෂ්රූම්ස් දාපු බාස්මතී හාලෙන් හදපු රස බිරියානි එකක්. වැඩිය සැර ගතියක් නොතිබ්බට ගම්මිරිස් එනසාල් එහෙම දාල බිරියානි රස තිතට එන්න මේක හදල තිබුණා. 

චිකන් කුර්මා එකේ පාට නියමයි. ඒ වගේම ක්‍රීමි ගතියයි. නියමෙට තුනපහ මිශ්‍ර වුණ රස චිකන් කුර්මා එකක්. අපි සාමාන්‍යයෙන් චිකන් කරියට දාන තරමට මිරිස් දාල තිබුණත් ඒකෙන් රසට කිසිම හානියක් වෙලා තිබුණෙ නෑ.

එළවළු කුර්මා එක්ක ආපු චපාති දෙකත් උණුම උණුයි. ඒ වගේම කර කර ගාල හැපෙන තරමට ෆ්‍රෙෂ්. අනික් ඒවාවල නොතිබුණ ස්පයිසි ගතිය මේකෙන් වැඩිපුරත් එක්ක ආවා. ඒ විතරක් නෙවෙයි, අපි චපාති දෙක චිකන් කුර්මාවල දවටලා රහ බලන්නත් අමතක කරේ නෑ. කොහොමින් කොහොම හරි අන්තිමේ අපි ආසම ගැලපුම වුණේ චපාති එක්ක චිකන් කුර්මා!

බීම

ජූස්, මොක්ටේල්ස්, ස්මූදීස්, මිල්ක්ෂේක් වගේ බීම ජාති ඒගොල්ලො ළඟ තියනවා. අපි ගත්තේ ස්ට්‍රෝබෙරි ජූස් එකයි (රු. 350) ඔරේන්ජ් ජූස් එකයි. (රු. 225) ස්ට්‍රෝබෙරි ජූස් එක රතුම රතු පාට හින්ද නියම ස්ට්‍රෝබෙරි ජූස් නෙමෙයි බව පැහැදිලියි නෙ. මේක හදල තිබ්බෙ ස්ට්‍රෝබෙරි සිරප් එකක් දාල. රහ නං අවුලක් නෑ ඉතිං සාමාන්‍ය ස්ට්‍රෝබෙරි රහ ආව. තද රතු පාට තමයි අවුල.

ඒකට මොකද ඔරේන්ජ් ජූස් එක නම් නියම දොඩම් යුෂ. හොඳට ඉදුණු දොඩම් ගෙඩියක රස වගේම සුවඳ මේ ඩ්‍රින්ක් එකෙන් දැනුණා. සීනි ගොඩක් දාල පැණි රහ වැඩි කරල තිබුණෙත් නෑ. ඒ වගේම ප්‍රසන්ටේෂන් එකත් ලස්සනයි. ජූස් දෙකම ලොකුයි, ආවෙ උස වීදුරුවල.

සර්විස් එක 

විනාඩි දහය පහළොවක් ඇතුළත කෑම බීම ඔක්කොම ලැබුණා වගේම ස්ටාෆ් එකත් එන අයට හිතමිතුරු ලීලාවෙන් සැලකුවා. ඒ නිසා සර්විස් එකේ වරදක් නෑ කියල කට පුරා කියන්න පුළුවන්.

අවසාන වශයෙන්

මැඩ්‍රාස් මසාලා එකේ කෑම දිව පිනවන අතරෙ රෙස්ටොරන්ට් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ ලාවට ප්ලේ වුණ ඉන්දියන් මියුසික් එක අපේ දෙසවන් පිනෙව්වා. මැඩ්‍රාස් මසාලා කියන්නෙ කලබලයක් නැතිව රහට ඉන්දියන් කෑම වේලක් කන්න කියාපු තැනක්.

Address

No. 11, Dr. E.A. Corray Mawatha, Wellawatte

Contacts

Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Indian North Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment