614 Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte
Closed right now
Mama Louie's has a new branch in Kotte.
Mama Louie's කියන්නේ මීට අවුරුදු දෙකකට විතර උඩ දී ඕපන් වුණු පීසා කඩයක්. සූරිය විලේජ් එකෙන් තමයි මේ කට්ටිය වැඩේ පටන්ගත්තේ. බොහොම පොඩි කාලෙකින් කොළඹ තියෙන හොඳම පීසා කඩවල් අතරට එන්න එයාලට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, අලුත් බ්‍රාන්ච් එකක් ඕපන් කරන්නත්. මේ අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ කෝට්ටේ පැත්තේ. ඔය Mother Sri Lanka ශෝරූම් එකේ උඩ තට්ටුවේ.
ලී මේස බංකු අහුරලා, වටේ පිටේ පේන විදියට වීදුරු ජනෙල් එහෙම දාලා හදපු ඉන්ටීරියර් එකක් මෙතැන තියෙනවා. පාරේ සද්දබද්දෙන් බාධාවකුත් නැහැ ඒ නිසා රිලැක්ස් එකේ කන්න බොන්න පුළුවන්.
හැමදාම පුරුද්දට වගේ අපට ගන්න ඕනේ වුණේ හාෆ්-බයි-හාෆ් පීසා දෙකක්. මොකද එතකොට අපට ටොපින්ග් හතරක ම රස බලන්න පුළුවන් නේ. හැබැයි Mama Louie's එකේ ඒ ඔප්ෂන් එක දෙන්නේ එක පීසා එකකට විතරයි. ඒ නිසා අපට ට්‍රයි කරන්න ලැබුණේ ටොපින්ග්ස් තුනක් විතරයි. එකක Quattro Formaggi (බාගයක් රු. 800) සහ Sorrentina (බාගයක් රු. 840). අනිත් එකේ Louie's Spicy Beef (රු. 1970).
Louie's Spicy Beef එකේ පොරොන්දු වෙච්ච විදියටම ස්පයිසි රසට තියෙන බීෆ් කෑලි ඇති තරම්. ඒ වගේ ම ඇති පදමට බෙල් පෙපර්, සහ බ්ලැක් ඔලිව්ස් දාලා. චීසුත් මදි නොකියන්න. පීසා ක්‍රස්ට් එකෙත් හොඳ ක්‍රන්ච් එකක් තිබුණා.
Quattro Formaggi එක හදලා තිබුණේ චීස් හතරකින් - රිකොට්ටා, ඉටෑලියන් බ්ලූ චීස්, පාර්මජාන් සහ මොසරෙල්ලා දාලා. මේ චීස් වර්ග හතරෙන් එන ෆ්ලෙවර්ස් වෙනස්. බ්ලූ චීස් එකෙන් පොඩි ලුණු රසක්, රිකොට්ටාවලින් ළා පැණි රැසක්, ඊළඟට පාර්මජාන්වලින් නටී ෆ්ලෙවර් එකක්. ඔය ඔක්කොමත් එක්ක මොස්රෙල්ලාත් එක්කාසු වුණාම මරු. ඒ විතරක්යැ, චීස් තට්ටුවලට යටින් තියෙන්නේ එයාලගේ ස්පෙෂල් ඉටෑලියන් ටෝමාටෝ සෝස්වල ටැඟී කික් එකත් පට්ට.
Sorrentina එකේ තිබුණු බෆලෝ මොස්රෙල්ලා, තක්කාලි, ස්පෙෂල් ඉටෑලියන් ටෝමාටෝ සෝස් සහ බැසිල් කොළවලින්. කියන්න තරම් ලොකු විශේෂයක් නැතත් ඒකත් කටට රසට තිබුණා.
බීමට අපි ගත්තේ Black Mojito (රු. 300) එකයි, Raspberry Milkshake (රු. 520) එකයි.
මේ Black Mojito කියන්නේ කොකාකෝලාවලට ලෙමන් ජූස් මික්ස් කරපු මොක්ටේල් එකක්. ලොකු අරුමයක් නැහැ මේකේ. හැබැයි රිෆ්රෙෂින්.
Raspberry Milkshake එක නම් පංකාදු පහයි. හෙනම ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන, කිරි රස වෑහෙන, රාස්බෙරි යහමින් දාපු බීම එකක්. තිබහට විතරක් නෙමෙයි බඩගින්නටත් මරු.
සර්විස් එක ගොඩක් හොඳයි. හැමෝම හරි මිත්‍රශීලී විදියට කතා බහ කරනවා. කෑම බීම ටික එන්නත් ගියේ විනාඩි 20කට වඩා අඩු කාලයක්.
කෝට්ටේ පැත්තට එද්දී කටට රහට පීසා කෑල්ලක් කන්න සුපිරිම තැනක් තමයි මේක.
Closed right now
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
The warm reception we received on arriving at Earl's was…
Delete Comment