Artwork for Coke with food - top banner 1
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

3/5

Mango Mango

Kurunegala - Trincomalee Highway, Dambulla


One of the best place to eat delicious authentic Sri Lankan rice & curry.



ගමනෙ මුල් හරිය නොකියා කෙළින්ම අවසානයට අතගහපු එක ගැන නම් සමාවෙන්න ඕන. ඒත් ඒ අවසානයෙත් අමුතු ම ගතියක් තිබ්බනෙ. මොකද අපි කෑමට යෑමෙ ඉඳන් ම, ඊටපස්සෙ රවුම් ගහපු හැම වැව් අමුණු, කුඹුරු යායක් වෙනකම්ම... සුන්දරත්වයෙන් අනූන දර්ශන තලවලින් පිරිල ඉතිරිලා ගිහිල්ලනෙ තිබ්බෙ. ඉතින් ඇත්තටම ඒ ටුවර් එක නම් සුපිරිම ඈ... අන්තිම දවසෙ හැන්දැ වරුවත් ගෙවිලා ගියා නිකම් දැනුනෙවත් නැති ගානයි. ඊටත් ඒ රවුම් ගැහිල්ලට ගැම්ම දුන්නෙත් අපි හොඳ හැටි දන්න කියන අපේ ම රෙස්ටුරන්ට් එකක්නෙ.

‘මැන්ගො මැන්ගො’

දඹුල්ලෙ කාගෙ කාගෙත් හිතගත් නොම්මර එකේ රෙස්ටුරන්ට් එක. අපි කලින්ම කතාවෙලයි ගියේ එතනට. මොකද වෙන තැන් හොය හොය බොරුවට කාලය කනවට වැඩිය හොඳයිනෙ කෙළින්ම දන්න කියන තැනකට යන එක. ගිහිල්ල හිටං ඔන්න වාහනයත් පාකින් එකට දාලා නැග්ග කෙළින්ම උඩ තට්ටුවට. මොකද එතනනෙ යන්නෙ හොඳම වැඩකිඩ ටික. නැගල කරලා... මුල්ලක් අල්ලල වාඩි වුණා.

වාඩි වෙලා අනික් පැත්තටනෙ, සේවක මිතුරියක් මෙනුවත් එක්ක සනික අපේ ළඟ කියන්නකො. ඉතින් අපිත්, නොදන්න මෙනුවක්යැ කියල ගත් කටටම ඕඩර් කලා මාළු රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 290), චෙෆ්ස් ස්පෙෂල් රයිස් එකයි (රු. 690), අයිස් කෝපියයි  (රු. 110), ඇවකාඩෝ එකයි  (රු. 230). ඊට පස්සෙ වෙලාව අරගත්තෙ චිකන් සැලඩ් එකට  (රු. 380) විතරයි. ඒකත් අර ලෙඩෙක් ඉඳපු නිසා.

වැඩේ කියන්නෙ ඕඩරේ දාපු අනික් පැත්තට...

රයිස් ඇන්ඩ් කරියයි, ස්පෙෂල් රයිස් එකයි... මේං මේසෙ උඩට! මට නම් හිතාගන්න බැරි වුණා හොඳේ. සැකේට ම අවුස්සල බැලුව එහෙන් මෙහෙන් කලින් දාපු එකක්වත්ද කියල. එහෙමත් නෑ යාළු, ෆුල් ෆ්‍රෙෂ් බඩු. ඒත් ඉතින් කියන්න දුකයි, සැලඩ් එකයි අනිත් අඩුම කුඩුම ටිකයි මේසෙට ආවට පස්සෙ නම් එක පාරට ම සේවාව බිංදුවට වැටුන. කොටින්ම කියතොත් අන්තිමට වතුර ටිකක් ඉල්ල ගන්නවත් කවුරුත් නෑ. වෙලාවට අර ජූස් අනං මනං ටිකක් ඕඩර් ළේ. නැත්නම් කෑම හිර වෙලා මැරෙන්නෙ. හැරත් ඒ රෙස්ටුරන්ට් එකේ සෙනඟ හිටිය නම් ඒත් අවුලක් නෑ කිව්වහැකි. එහෙමත් නෑනෙ. 

වැඩක් නෑ ඉතින් කතා කරල. කොහොම කොහොමින් හරි කෑම ටික රසට තිබුන නිසා ඕං කෑවා බඩ පැලෙන්න.

ස්පෙෂල් රයිස් එක එහෙම... කිරි අප්පේ, ඒකෙ තිබ්බ දේවල්. ගැඹුරු තෙලේ බැදපු මාළු, ඉස්සො, දැල්ලො, චිකන්, පෝර්ක්... ඒ මදිවට බුල්සායි එකකුත් උඩින්! කැරට්, ලීක්ස්, ගෝවා, මෂ්රූම්, ලූනු, මිරිස්, සෝස් අඩුමකුඩුම පදමට දාලා හදපු චොප්සියකුත් දාලා නිසා... කන්න කන්න ආසයි ඉතින්. අනික හොඳ හැටි ගම්මිරිස් එහෙමත් දාලනෙ. ඒත්... පොඩි අවිශ්වාසයකුත් තිබ්බ යාළු රසකාරක මොනව හරිත් දාලද කියල. මොකද කාලා පැය බාගෙ යද්දි ආවනෙ අර වතුර තිබහ.

අන්න ඒකට රයිස් ඇන්ඩ් කරිය. ෂහ්! පිස්සු ආ... කෙලවල්ලන් කෑල්ලක් දාලා හදපු කිරි මාලුවක් තිබ්බා... නොම්මර එකයි ඈ. කොටින්ම කියතොත් මම යාළුවගෙන් ඉල්ල ගත්ත ඒක රයිස් එක කන්නත්. සත්තයි පංකාදු පහයි...

ඊට දෙවනි නැති පරිප්පුවයි, පොල් සම්බෝලෙයිත්. කිරි එහෙම හොඳ හැටි දාලා හින්දපු පරිප්පුවට, තකටතක යන්නෙ යාළු රස පදමට හදාපු පොල් සම්බෝලෙ. ඇයි ඉතින් ලුණු, මිරිස්, දෙහි ඇඹුලෙ ඉඳන් ම ඒකෙ නූලට ම නෙ. සැර එහෙමත් හොඳහැටියට. ම්... උම්බලකඩ කෑල්ලකුත් වැටුන නම් තමයි බලන්න තිබ්බෙ. ලීක්ස් තෙල් දාපු එකක් තිබ්බ, හොඳ සැරට එහෙම. අර බතට, කටගැස්මට වගේ වෙන්න. ඒකයි... තව අළු කෙහෙල් මාලුවක් තිබ්බ ආයෙ ගෙදර හැදුව වගේ. ටොපේ ටොප් ඈ... ඒක නම් රතු බතකට වගේ…

අපේ ලෙඩා කියපු විදියට නම් චිකන් සැලඩ් එක එච්චරට ම හරි නෑලු. මොකද ඒකට තව එළවළු මොනවහරි වැටෙන්න ඕනලු. ඒකෙ තිබිල තියෙන්නෙ සලාද කොළයි, ෆ්‍රයිඩ් චිකනුයි විතරයි කියන්නෙ. උඩින් ඕං යාන්තම් ටෝස්ට් කරපු පාන් පෙති වගයක් දාලා තිබ්බලු. ඔලිව් ඔයිලුත් නෑලු, චීස්, ක්‍රීම් චීස්, මයොනීස් මොනවත් ඇත්තෙත් නෑලු. අර ලුණු ඇඹුල් පදම හොඳ හැටි තිබ්බ නිසා මිසක් නැත්නම් කටේ තියන්න බෑලු. හැරත් රෝස්ට් චිකන් හීනියට ඉරල දානවද අහනව සැලඩ් එකකට?

ඇත්තනෙ යාළු ඉතින්. එහෙම දානවද අපි අහන්නෙ.

කොහොමහරි අවුලක් නෑ… හැබැයි හිතපු තරම් හරිත් නෑ වගේ,

නේ...?

ආ... කියන්න බැරි වුණානෙ...

අයිස් කෝපියට නම් තරු පහයි. සුපිරිම කෝපි රස, අඩු සීනි, අඩු කිරි.

එතකොට... ඇවකාඩෝ එකත් එහෙමයි. ෆ්‍රෙෂ් ඇවකාඩෝ ගෙඩියක් හරි දෙකක් හරි එහෙම පිටින්ම දාලා, මගෙහිතේ සීනි පොඩ්ඩක් දාලා. එච්චරයි. ඉතින් හොඳ ඝනේට, රසට... බොන්න බොන්න ආසයි හොඳේ!


TIP

Try banana leaf rice & curry

Have you visited this place?

Write your own review!
Leave a comment