Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Mintage Restaurant & Pub

154, Kynsey Road, Colombo 08.


A chilled out place in the heart of Colombo for a nibble and drink after work with friends, which doesn't require you to dress up or shell out serious dough.



එදා සෙනසුරාදා. “ෂහ්! පස්සට ඉර එළිය වැටෙනකං නිදාගන්න පුළුවන් දවස!”; ඔහොම හිතාගෙන තමයි මාත් කලින් දා රෑ ඇඳට වැටුණේ. ඒත් පහුවෙනිදා උදේ කණ ළඟ වැදෙන ෆෝන් එකේ සද්දෙට මාව උඩ ගිහින් ඇහැරුණා. ඉඳලා ඉඳලා අත පය දිග ඇරලා නිදියගන්න තියෙන දවසේ මහ පාන්දර (10ට විතර) යාලුවෙක් සෙට් වෙන්න කතා කරනකොට ඇත්තමයි ෆෝන් එකෙන් අත දාලා ඒකගෙ ඔලුවට අනින්න හිතෙනවා! ඒ වුණාට එහෙම කරන්න බැහැනේ. දුකට සැපට සේරට ම ඉන්නේ ඔච්චරනේ. මාත් ඉතින් තකහණියක් ඇඳුමක් දාගෙන පාරට ගියා.

“මචං ලාබෙට බූස් එක්ක, දවල් කෑම කන්න තැනක් නැද්ද? චයිනීස් නං වැඩිය හොඳයි. හැබැයි දෙකෙන් තුනෙන් මගේ ගාණ ශේප් වෙන්න ඕනේ”

මගේ නින්ද කැඩුවා මදිවට බලන්න එපැයි මුගේ කොන්දේසි තොගේ! දවල් කෑමත් ඕනේ. සැර බීමත් ඕනේ. ඔය සේරම ලාබෙටත් ඕනේ. අපේ යමු ඇප් පොඩ්ඩක් අරහෙට මෙහෙට ගිහින්, මං හොයාගත්තා ඔය සේරට ම හරි යන තැන. ඒ තමයි බොරැල්ලේ මින්ටේජ් එක.

තැන

මේක තියෙන්නේ බොරැල්ලේ කින්සි පාරේ. හෝටන් ප්ලේස් පැත්තෙන් එනවනම්, Gonuts with Donuts එකෙන් දකුණු පැත්තට හරවලා, මීටර් සීයක් විතර ඉස්සරහට ආවම හරි. පාරේ අයිනේ ම තියෙන නිසා ලේසියෙන් මඟ හැරෙන්නේ නැහැ.

මේකේ තට්ටු දෙකක් තියෙනවා. කුෂන් පුටු, ලී පුටු මේස හොඳ පිළිවෙලට පිරිසිදුවට අහුරලා තියෙන නිසා තට්ටු දෙකේ කැමති තැනක වාඩිවෙන්න පුළුවන්. උඩ තට්ටුවේ බැල්කනියක් එහෙමත් දැකගන්න ලැබුණා. දවල් වරුවේ නම් සෑහෙන්න රස්නෙයි ඒ හරිය. ඒ නිසා හොඳ ම විදිය තමයි ඇතුල් පැත්තේ තැනක වාඩිවෙන එක.

මේ කොහොම වුණත්, කොයිකටත් රෙසවේෂන් එකක් දාලා යන්න පුළුවන් නම් ඇඟට ගුණයි. මොකද ආරංචියේ හැටියට සතියේ දවස්වල කෑම පැයේ මේකේ සූ ගාලා සෙනඟ පිරෙනවලු.

ඉතින් උඩ තට්ටුවේ කුෂන් පුටුවකට බර වෙන ගමන් අපි මෙනුව පෙරළලා බැලුවේ, කතාබහකට මුල පුරන ගමන්මයි.

කෑම බීම

කලින් කිව්වා වගේ ම, මෙයාලගේ මෙනුවේ තියෙන්නේ ලංකාවේ තාලෙට හැදුණු චයිනීස් කෑම සහ සැර බීම ජාති වර්ග. මේ කෑම වර්ග ලොකු, පොඩි පෝෂන් සයිස් දෙකෙන් ම තියෙනවා.

ස්ටාටර් එක විදියට අපි ඕඩර් කළේ “ෆ්‍රයිඩ් චිකන් වින්ග්ස්” (රු.598) පිඟානක්. රන්වන් පාටට දිලිසි දිලිසි තියෙන වින්ග්ස් හයක් ම මේකට ලැබුණා. සමහර තැන්වල චිකන් වින්ග්ස්වලට දෙන්නේ ඔහේ අමුවෙන් බැදපු චිකන් කටුනේ. මේවා එහෙම නෙවෙයි, හොඳට මස් තියෙන ඒවා. වටේ තිබුණු දවටනයත් මරු. හපද්දී ලාවට කරස් සද්දයක් ආවට මොකද, ඇතුල් පැත්තෙන් මේ චිකන් වින්ග්ස් හෙන ම මෘදුයි. අම්මපා ඇත්තමයි දැනටත් මතක් වෙද්දී කටට කෙළ උනනවා.

ඊටපස්සේ ආවේ බත් වර්ගය තෝරාගැනීමේ මහා තරඟයයි. ඔය කොච්චර ෆ්‍රයිඩ් රයිස් මොන නමින් තිබුණත්, අපේ තාලෙට හදපු සුදු බත තරම් වෙන කිසිම දෙයක් අපට හරියන්නේ නෑනේ මහත්තයෝ. ඒ නිසා අපිත් ගත්තේ සාමාන්‍ය විදියට තම්බපු සුදු බත් කෝප්පයක් (රු.188). මේකේ එක්කෙනෙක්ට සෑහෙන්න තරමේ බත් තියෙනවා. ඇට්ට කුනා වෙන්නේ නැතුව නියම ගානට තම්බිලා.

සුදු බත් තිබුණු පළියට ඉතින් ඒක නිකං කන්නයැහ්. අපි මේක කන්න ගත්තේ “හොට්‌ බටර් කට්ල්ෆිෂ්” (රු.888) එකකුයි, “ඉන්දුනීසියන් ස්ටයිල් චිකන් ඉන් තික් ස්පයිස්ඩ් ග්‍රේවි” (රු.588) එකකුයි. ලාබෙට සැර බීම ජාතිත් තියෙන නිසා “ස්මර්නොෆ්” මිලිලීටර 300ක් එක්ක, ඒකෙ සැර බස්සන්න “වල් අලියෙකුත් (Wild Elephant)” ගත්තා.

අහ්! මේ වෙලාවේ තව එකක් මතක් කරන්න ම ඕනේ. මේ දවස්වල මින්ටේජ් එකෙන් එක වල් අලියෙක් ගත්ත ම තව එකෙක් නොමිලේ ලැබෙනවා. ඒකත් නියම වැඩේ.

චයිනීස් කෑම කඩවල අපේ ජාතික ආහාරයනේ හොට්‌ බටර් කට්ල්ෆිෂ් කියන්නේ. අපරාදේ කියන්න බෑ මින්ටේජ් එකේ මේක පංකාදු පහට හැදෙනවා. හොඳ ගානට ක්‍රිස්පි ගතිය. කරස් ගාලා හැපෙන්නේ. අනං මනං වැඩි කතා නැතුව කට ඇරලා කියන්න පුළුවන් මේක තෙල් රස, කර රස නැති නියම ක්ලැසික් හොට්‌ බටර් කට්ල්ෆිෂ් කියන එක.

අපි ගත්ත ඉන්දුනීසියානු තාලේ චිකන් කරියත් පට්ටයි. ඒකෙ හොද්දත් එක්ක බත් බුසලකට වුණත් වග කියන්න පුළුවන්. කිරට හදපු චිකන් කරියක් වගේ පෙනුණට මොකද, මේ හොද්දේ තියෙනවා ලා ස්පයිසි රසක්. අනික බෙදාගන්න හැන්දක් ගානේ චිකන් කෑලි! ඉතින් තවත් මොනවද ඕනේ? හොඳ හැටි බත් මුට්ටිය කොටා බානවා මිසක්!

සර්විස් එක

අපට එහෙන් මෙහෙන් ආරංචි වෙලා තිබුණේ මෙහෙ සර්විස් එක සවුත්තුයි කියලා. කවුරු කොහොම කිව්වත්, අපි ගිය වෙලාවේ නම් ඒ වගේ අවුලක් දැකගන්න ලැබුණේ නැහැ. වෙලාවට කලාවට කෑම ටිකත් වැරදෙන්නේ නැතුව මේසෙට ආවා.සේවක අයියලත් හැමෝම එක්ක හරි ම සුහදයි. නියම රසට කෑම ටික තෝරගන්න අපට සෑහෙන්න උදව් කළා.

අවසාන වශයෙන්

ඔයත් කෑම ගන්න ගමන් ඉඳලා හිටලා ෂොට් එකක් දාන්න කැමති කෙනෙක්ද? එහෙනම් මින්ටේජ් එක තමයි ඔයාට හරි යන පොට් එක. දවස පුරා ම සැර බීම ජාති හරි අඩු මිලකට  මෙතැනින් ගන්න පුළුවන්. කෑමවලට වුණත් මේකේ යන වියදම සෑහෙන්න සාධාරණයි. ඒ නිසා බඩ කට පුරවගන්න පුළුවන් හිතේ හැටියට.


TIP

Parking can be an issue since they don't have an allocated space, so plan ahead.

Address

154, Kynsey Road, Colombo 08.

Directions

Mintage is at the very beginning of Kynsey Road when you turn in from the Borella Junction.

Contacts

Facebook Website

Report Inaccuracy
Similar Places

User Reviews
N
1

1/5

0

NalinaSelvanathan

Came here for 31st office dinner. The ambiance was ok and the service was disappointing. The water was not served to everyone and also when asked about the dishes, the waiter didn’t know anything but still said something and when I ordered, it was completely different from what the waiter said.

R
1

4/5

0

Rookie

Place was excellent. We watched the match between Germany & USA and the service we got from the staff was splendid. I would say the best food in the town without any hesitations. The only problem was the tax that we had to pay for our bill which was around 20% of the total bill.

N
1

1/5

0

NalinaSelvanathan

Came here for 31st office dinner. The ambiance was ok and the service was disappointing. The water was not served to everyone and also when asked about the dishes, the waiter didn’t know anything but still said something and when I ordered, it was completely different from what the waiter said.

R
1

4/5

0

Rookie

Place was excellent. We watched the match between Germany & USA and the service we got from the staff was splendid. I would say the best food in the town without any hesitations. The only problem was the tax that we had to pay for our bill which was around 20% of the total bill.

K
1

5/5

0

KachalAdhi

Awsme plc… no 25ml nonsense is a big favor.>!! liquor is afordable… 5*

O
1

5/5

0

oshan_6

Cheap drinks, Great food, Awesome service, Cozy place!!
TIPs:
-Try the HBC,
- Baked fish in Thai sauce
- Chliean wine at 1200 per bottle :)
- They show F1 on Sundays

B
1

5/5

0

Busha

Awesome food, friendly staff, nice cocktails. Best hangout joint in Colombo!

B
1

5/5

0

BIG_DADDY

The place is superb we hang out here after work .they have good Food Cheap Drinks & all sport channels plus they know how to treat there costumers.

See 29 Comments