Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

3/5

Nelum Kole

203/B, Main road, Attidiya

  • Open until 08:00 PM


Serving spicy meat & seafood along with a normally taste rice and curry, all for a reasonable price.



මාර කේස් එකනෙ වුනේ.

මම අද පොඩි වැඩ වගයකට රත්මලානට ගියා. ගිහින් එන ගමන් ඉතින් උහුලන්න බැරි බඩගින්න නිසා ගොඩවුනා අත්තිඩිය හරියෙදි බත් කඩයකට. නෙළුම් කොළේ කියල. නමත් හොඳ හැටි හුරු නිසා මම හිතුවෙම බඩ කට පිරෙන්න බත් ටිකක් බඩට දාගන්න. ඒත් කොහෙද, බොලේ කඩේට ගොඩවුනා විතරයි මට නිකම් පොල්ලෙන් ගැහුව වගේ කියන්නකො. ඇතුල පට්ට කළුවරයි. ෆොටෝස් ගන්න තියා කෑම පිඟානෙ තියෙන එළවළු මාළු ටිකවත් හරි හැටි පේන්නෙ නැති තරම්!

වැඩේ වුනේ, කඩේ එළියෙ ඩෙකරේෂන් එක සුපිරියටම තිබ්බනෙ. ඒකනෙ අහුවුනේ. පොල් අතු, මැටි, ලී කෝටු වලින් හැඩ කරලා සුපරියටම ආයෙ.

“දැන් මොකද යකෝ කරන්නෙ?”

ටික වෙලාවක් එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉඳපු මම.. ටික වෙලාවක් කල්පනා කරල අවසාන තීරණයකට ආව, ඔන්න ඔහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල ටේකඅවේ බත් එකක් ගන්නව කියල. ඒකත් නිකම් නෙවෙයි මට්න් එක්ක (රු. 270) චිකන් ලිවර් පෝෂන් (රු. 250) එකකුත් වෙනමම දාලා. හැබැයි බත් එකට එළවලු බෙදන්න කිව්වෙ අඹයි, කොස් මැල්ලුනුයි, වට්ටක්කයි. මොකද කටගැස්මට මිරිස්, පපඩම්, කාරල්ලෙක් එහෙමත් තිබ්බනෙ.

කොහොම හරි ඉතින් බත් එකත් අරගෙන මම ට්‍රැෆික් එකේ චොර වෙලා චොර වෙලා යාන්තම් ඔෆිස් එකට ගැලපුනා. ගැලපුන අනික් පැත්තට ඕං ලන්ච් රෑම් එකේ. සරිත්ටත් අඬගහගෙන දිග ඇරියා බත් එක පිඟානකට.

චැහ්! කිසිම නෑනෙ පාටක් සුවඳක්. හැබැයි නෙළුම් කොළ බාගයක් නම් තියෙනව යට වෙලා බත් ටිකට. බාග වෙලාවට මේක රසවත් තියෙන්නැතෑ කියල දෙන්න පටන් ගත්ත ගේම. අර චිකන් ලිවර් ටිකක් එහෙමත් දාගෙන. ම්හ්.. කිව්වත් වගේ, නෑ නේන්නම් යාළු රසක්, ගැම්මක්.

කිව්වට විශ්වාස කරන්න කොස් මැල්ලුම නිකම් වේලිලා ගිහින්. පාට විතරයි. කොස් වලින් රසක් එන්නෙත් නෑ, මැල්ලුමේ අඩුම කුඩුම රසකුත් නෑ. අනේ මන්දා. ඊටත් අඹ එක. පජාතයි අප්පා. මළ ජරාවක්! ඇටවත් පීදිලා නැති ඇට්ටි අඹ. මසක් නෑ ලෙල්ල විතරයි. මිරිස් තුනපහ තියා අඩුම තරමෙ ඒකට සීනි, ලුණු ටිකවත් පදමට වැටිලා නෑ. අනේ මන්දා ඉතින්. එක්කො බැරි කඩ නොකර ඉන්න ඕන.

යාන්තම් වට්ටක්කා එක තිබ්බෙ ලා කිරි රසට. ඒකෙත් ඉතින් මිරිස්, තුනපහ නම් නෑ. අර අනිත් එළවලු වලට සාපේක්ෂව යාන්තම් බත් ටිකක් කාගන්න ඇති.

එළු මස් එක!

ඔයාලා කෑව නම් එහෙම මූණට දමල ගහන්නෙ, මූණට. ඇයි හත් දෙයියනේ ඒකෙ මුකුත්ම නෑ කියන්නකො. නිකම් මස් ටික තැම්බිලා විතරයි. මිරිස්, බැදපු තුනපහ, මස් කරි, ලුණු, ඇඹුල්… ලඟින්වත් ගිහිල්ල නෑ යාළු. අඩුම තරමෙ වෙන එළවළුවකට දාද්දි වැරදිලා වැටිලවත්,

ෂුවර් ආයෙ එහෙමත් නෑ.

යාන්තම් කන්න පුලුවන් තත්වෙකට කියල තිබ්බෙ චිකන් ලිවර් එක විතරයි. ඒකෙත් හැබැයි ලිවර් කෑලිවලට අඩුම කුඩුම අල්ලපු ගතියක් නෑ. අර උඩින් රස පදම ගැලපිලා. හොඳ හැටි ගම්මිරිස්, ලුණු ඇඹුල් පදම සෙට් වෙලා… ඔන්න බයිට් එකකට එහෙම නම් ටොපේ ටොප්.

ඒ හැරුනාම ඉතින් මිරිස්, පපඩම්, කාරල්ලෙක් තිබ්බ. ඔක්කොමත් හරි එතන බත් එකට දෙන්නෙ එළවලු ජාති 3යිනෙ. කියල වැඩක් නෑ ඉතින්, රෙද්ද!


TIP

Try any meat rice curry


Have you visited this place?

Write your own review!
Leave a comment