720 Galle Road, Colombo 3
Open 11 AM to 3.30 PM, 6 PM to 9.30 PM
They do chicken biryani pretty darn good and now have crab and lamb on the menu.
කෙහෙල් කොලේ බත් වේලක් කිව්වාම මට නම් මතක් වෙන්නෙ අපේ ආච්චිලගෙ ගමේ කුඹුරු හාන කාලෙට ඕවිටේ ඉඳන් කාපු ඇඹුල. මොන හෝටලේකින්වත් ඒ තරම් රසට කෑම ටිකක් කන්න බෑ. හැබැයි ඒ රසට ලඟින් යන ටිකක් නූතන පන්නයේ කෑම වේලක් කන්න පුළුවන් තැනක් මට මේ ලඟදි හමුවුණා.
බම්බලපිටියෙ නිව් බනානා ලීෆ් එක රෝස්ට් චිකන් බිරියානි එක නිසා ගොඩක් අය අතරෙ ප්‍රසිද්ධයි. අපේ YAMU කට්ටියත් හරිම ආසයි බනානා ලීෆ් එකේ කෑම වලට. භාග්‍ය කියපු විදියට නම් එතන තියෙන කෑම ජාති ටිකේ රස බලන්න අඩුම තරමෙ දෙන්නෙක් වත් යන්න ඕන. ඉතින් දවල් කෑමට පිටත් වෙන්න කලින්ම කොල්ලුපිටිය පැත්තෙ වැඩ කරන යාළුවෙක්ටත් ඔය කඩේ ලඟට එන්න කියල කෝල් එකක් දීලම තමයි මම ඔෆිස් එකෙන් එළියට බැස්සෙ.
අපි බනානා ලීෆ් එකට යද්දි දවල් 2ට විතර ඇති. පල්ලෙහා තට්ටුවෙ සෙනඟ පිරිලා එක මේසෙකවත් ඉඩක් නෑ. අපි දන්නෑනෙ උඩ තට්ටුවකුත් තියෙනව කියල. පොඩ්ඩක් වටේට ඇඹරෙද්දි අපේ ලඟට ආපු සේවක මිත්‍රෙයක් ''සර්, උඩට එන්න'' කිව්වා.
වට පිට බලන ගමන්ම අපි දෙන්න උඩ තට්ටුවට ගියා. විදුලි පංකා දාලා වායු සමනය කරල තියෙන බනානා ලීෆ් එකේ භෝජනාගාරෙ ගාපු තීන්ත එකේ ඉඳන්ම ඔළුවට දෙන්නෙ කෙහෙල් කොලේ චිත්ත රූපෙ තමයි. උඩ තට්ටුවනෙ ලස්සන. පඩිපෙළ නැගල ඉවර වෙන තැනම 'Ayubowan' කියල බිත්තියෙ ගහල කෙහෙල් කොලේ පාටෙන්ම ජනෙල් රෙදි දාලා හදල තියෙන භෝජනාගාරෙට අමුතු සරල ගතියක් ගේන්නෙ සයිවර් ස්ටයිල් එකේ පුටු මේස ටික තමයි. මම නම් හරිම ආසයි මේ ස්ටයිල් එකට. ටිකක් අයිනට වෙන්න තිබුණු මේසයක් අල්ලලා වාඩි වුණ අපි දෙන්නට ඇහි පිය ගහන්න වෙලාවක් ලැබුණෙ නෑ සේවක මිත්‍රයෙක් මෙනු දෙකකුත් අරගෙන අපේ මේසෙ ලඟ. මෙච්චර සෙනඟ ඉඳලත් මේ වගේ සේවාවක් දෙනව කියන්නෙ හරි පුදුමයිනේ.
අපි දෙන්න කෑම තෝරල ඉවරවෙලා කෑම ඇණවුම් කරන්න අර සේවක මිත්‍රයා හොයන කොට මෙන්න එයා එනව ලොකු කෙහෙල් කොල දෙකකුත් අරගෙනම. ඇවිත් අපි දෙන්නගෙ ඉස්සරහින් තියල අපි ඉල්ලපු මට්න් බිරියානි එකයි (රු. 700) ක්‍රැබ් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 400) පොතේ ලියා ගෙන ගියා. කඩේ නම බනානා ලීෆ් නිසා ඉතින් කන්න තියෙන්නෙ කෙහෙල් කොලේට බෙදාගෙනනෙ.
විනාඩි පහක්වත් හිතන්න හම්බුන්නෑ කෑම ටික එනව. සේවක මිත්‍රයා නිකන් විශ්වකර්ම වගේ. අත් දෙකේ පිඟන් පහක්! කෑම ජාති ටික මේසෙ උඩින් තිබිබාම තමයි මට තේරුණේ මෙයාලා කෑම පිළිගන්වන විදිය. වෙන කඩවල් වල නම් සාමාන්‍යයෙන් බිරියානි එකක් ඉල්ලුවාම පිඟානට බෙදලා බිත්තරෙයි මස් කෑල්ලයිත් උඩින් තියලාමනෙ දෙන්නෙ. ඒ වුනාට මෙතන එහෙම නෑ. බිරියානි බත් එක වෙනම බිත්තරේ වෙනම සලාද, ග්‍රීන් පීස් ව්‍යංජනය, උම්බලකඩ සම්බෝල වෙනම. රයිස් ඇන්ඩ් කරි එකත් එහෙමයි. බත් වෙනම එළවළු වෙනම හරිම පිළිවෙලයි. හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. අනික ව්‍යංජන ජාති බෙදා හදා ගන්නත් පුළුවන්.
යාළුවා කෙහෙල් කොලේට බිරියානි බෙදා ගන්න අතරෙ මම සුදු බතුයි එළවළුයි බෙදාගත්තා. කකුළුවා ඉන්නවා දිලිසි දිලිසි බත් එක උඩ. කකුළු හොද්දෙ සුවඳට මගේ කටට කෙලත් උනනවා. බත් එක වටේට තියෙන එළවළු ගොඩ දැක්කාම කොහෙන් කන්න පටන් ගන්නද කියල හිතා ගන්න බෑ. කලවම් කොල මැල්ලුම් වලින් පටන් ගත්තාම බටු මෝජු, පරිප්පු, බෝංචි, බිරියානි එකට ආපු ග්‍රීන් පීස්, කජු ව්‍යංජනයි උම්බලකඩ සම්බෝලයිත් මම බෙදාගත්තා. එළවළු ටික පොඩ්ඩක් එහාට මෙහාට කරල බත් ටික පාද ගත්ත මම අනිත් එළවළු ටිකත් එක්ක කකුළු මස් පොඩ්ඩකුත් අනාගෙනම බත් කටක් කෑවා. කියල වැඩක් නෑ පට්ට රසයි.
අනිත් ජාති ගැන කියන්න කලින් කකුළු ව්‍යංජනේ ගැන කියන්න ඕන. පදමට තැම්බුන කකුළුවගෙ මස් නිකන්ම ගැලවෙනවා. කහ පාටට තියෙන කකුළු හොද්දෙ උඩ තෙල් ටිකක් පා වුනාට මිරිස් තුන පහ නම් නියම ගාණට දාලා. කකුළු මස් රසට එකතු වෙලා තියෙන සැර ගතියට පදමට ගැලපෙන කුළු බඩු රස නිසා කකුළු හොද්ද වුනත් ඇති බත් ටික කන්න.
මට මතක් වුනේ මගෙ මීගමුවෙ යාළුවගෙ අම්මා හදන කකුළු හොද්ද. මූදු වෙරලට වෙලා පොඩි අඩියක් දාන අපි තුන් හතර දෙනා රෑ වෙලා යාළුවගෙ ගෙදරට යන්නෙ පාන් ගෙඩිත් තුන හතරක් අරගෙන. පැය භාගයක් යන්නෙ නෑ ඉතින් ඇන්ටිගෙ කකුළු හට්ටිය ඉවර වෙන්න.
කකුළු හොද්දටම ගැලපෙන අනිත් එළවළු වලින් නැගලම ගියේ බටු මෝජුවයි පරිප්පු එකයි. වෙනදට කඩල පරිප්පු කන්නැති මම බනානා ලීෆ් එකේ කඩල පරිප්පු එක කෑවා. හොඳට කිරි දාලා උයපු පරිප්පු ව්‍යංජනේ පරිප්පු ඇට පිටි ගතිය එනකම් හොඳට තම්බලා. ඉතින් නොකා ඉන්න පුළුවන්ද? දිගට කපපු වම්බටු වල බැදුම් ගතිය පොඩ්ඩක්වත් අඩු නොවෙන්න බටු මෝජුව හැදිලා තිබුණා. ලුණු ඇඹුලුත් ගාණට. පරිප්පු එකේ රසට නියමෙට පෑහුණේ උම්බලකඩ සම්බෝලෙ. ළූණු ටිකක් හොඳට බැදල පොඩියට කපපු උම්බලකඩ කෑලි ලාවට බැදෙන්න ඇරල කලවම් කරල අරන් තිබුන සම්බෝලෙ, උම්බලකඩ කෑල්ලක් බත් කටට හැපෙන කොට නියම ගැමි රහක් තමයි එන්නෙ. මදි නොකියන්න කිරි දාලා පොඩ්ඩක් හිඳෙන්න ඇරල හදල තිබුන බෝංචි ව්යංජනෙයි හීනියට කපල පදමට ලුණු ඇඹුලුත් එකතු කරල තිබුණ මිශ්‍ර කොල මැල්ලුමෙයි රස නම් කෙලින්ම ගෙදර හැදුව වගේ තමයි.
බත් එකේ භාගෙටත් වැඩිය කෑවට පස්සෙ තමයි මට හිතුනෙ යාළුවගෙ බිරියානි එකට ආපු එළු මස් එකෙත් රස බලන්න ඕන කියල. ඔළුවවත් උස්සන්නෙ නැතුව බිරියානි එකට වැඩේ දෙන යාළුවට හොරෙන් තමයි මම එළු මස් කෑලි තුන හතරකුයි හොදි ටිකකුයි බෙදා ගත්තෙ. ඒකටම ගැලපෙන්න කියල බිරියානි බත් ටිකකුත් කෙහෙල් කොලේට දාගත්ත මම එළු මසුයි පරිප්පු චුට්ටකුයි විතරක් එකතු කරගෙන බත් කටක් රහ බැලුවා.
මීට කලින් මට එළු මස් ටිකක් බෙදා ගන්න තිබුනෙ. කාලෙකින් එළු මස් කෑවෙ. හොඳ සැරට හදල තිබුන එළු මස් ව්යංජනේට තෙල් චුට්ටක් එහෙම එකතු කරලා හොඳට තුන පහත් දාලා, ගමේ රහට හදලා නියමයි. පොඩියට කපපු එළු මස් කෑලි දහයක් දොලහක් විතර තියෙනවා දීසියෙ. යාළුව ඔළුව උස්සනකොට නම් ඔක්කොම වෙලා ඉවරයි.
බත් ජාති දෙකෙන්ම රස බලපු මම කාලා ඉවර වෙලා අත හෝදන්න යන්න නැගිට ගන්න බැරුව පොඩි වෙලාවක් යාළුවත් එක්ක කයියක් දාගෙන හිටියෙ කිරි මැටි ගිලපු කිඹුලෙක් වගේ. දෙන්නට හරිම සතුටුයි. බනානා ලීෆ් එකේ කෑම වෙන තැන්වල අජිනොමොටෝ දාලා හදන කෑම වගේ නෙවෙයි. කෙලින්ම ගෙදර හැදුව වගේ. කාලා ඉවර වෙලා වතුර ලීටර් ගණන් බිබී දුක් විඳින්න ඕන නෑ. බම්බා පැත්තෙ ආවොත් අනිවාර්යයෙන්ම යන්න බනානා ලීෆ් එකට. 'රාජ භෝජන පරාදයි'
Good biriyani with crab and lamb options. They close early at night, so best stop by for lunch.
The New Banana Leaf isn't all that "new" anymore, but their chicken biryani is still pretty darn good. It's got some local influence to it, but most of it works quite well.
Banana Leaf is back. Those golden grains ensconced in thick, emerald palms, the hefty hunks of masala-smothered chicken, the crispy deep-fried boiled egg...this was one of my - and perhaps even Colombo's - favourite Sunday lunchtime repasts.
සිංහල සත්තයි! ඒ දසුන දක්කත් හරි නෙත් දැහැන් බිඳ කඳුලු ඉනුවා. කිව්වට විශ්වාස කරන්න යාළු පළවෙනි වතාවට දැක්කෙ බනානා ලීෆ් එකේ භෝජනාගාරයෙ එක මේසයක විතරක් කට්ටිය ඉන්නව. හප්පේ.. ඉස්සර, ඔ්කට ඇඟිල්ලක් ගහන්න බෑ. කොටින්ම, කට්ටියක් කාලා නැගිටිනකම් තව කට්ටියක් බලාගෙන ඉඳපු දවසුත් තිබ්බ.
සිංහල පංකාදු පහයි!. මට්න් නම් අන්න මට්න් ඈ… ඒ කරියට එයාලා කියන්නෙ පෙපර් මට්න් කියල. මම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඕන හොඳ සැර ගතියකුත් තියෙනව. පාන්, පරාටා කන්න කියාපු.
සිංහල ඒ වුනාට මෙතන එහෙම නෑ. බිරියානි බත් එක වෙනම බිත්තරේ වෙනම සලාද, ග්‍රීන් පීස් ව්‍යංජනය, උම්බලකඩ සම්බෝල වෙනම. රයිස් ඇන්ඩ් කරි එකත් එහෙමයි. බත් වෙනම එළවළු වෙනම හරිම පිළිවෙලයි. හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. අනික ව්‍යංජන ජාති බෙදා හදා ගන්නත් පුළුවන්.
සිංහල බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය.
Address
Directions
It's before you get to Barefoot on Galle Road, just before the St. Kilda's Lane turnoff. Big green building.
Contacts
Report Inaccuracy
Open 11 AM to 3.30 PM, 6 PM to 9.30 PM
Cuisine
Sri Lankan Jaffna Sri Lankan Chinese
Price Range
Dish Types
Eggs Seafood Vegetarian Biriyani Rice And Curry Fried Rice Fried Chicken Lamb Mutton Fish Crab Cuttlefish Ice Cream
Ratings Breakdown
Superb place to have a delicious Jaffna, Sri Lankan style…
The warm reception we received on arriving at Earl's was…
Was having the question whether the "New Banana Leaf" is actually the old that we liked and patronized. Apparently you guys have missed the 'Fish Sambol" in hte menu. It sure is a winner among all the quality stuff they have. Thanks for the info and the new location.
Menu has very less items and things finish up early. Also last time I had Chicken buriyani the rice tasted bad.
Menu has very less items and things finish up early. I visited there at around 8:30 all they had was the Chicken Buriyani…So i bought the chicken Buriyani and it tasted pretty bad, they put some weird curry on the buriyani which made it taste bad.
LOL at the comment above on their chicken being out of the world from Nirosh. guess you have not tried any other proper places. The chicken is good, I agree, But nuthin special to call it out of this world. Please open your eyes Nirosh.
The original Banana Leaf's special was the 'Chicken Singapore'. Does this one have it? Keep up the good work, guys. :-)
Well they do have Singapore Chicken, tastes pretty good. But as Nirosh has commented it is nothing out of this world. I guess the chicken still is decent but the rice itself is way too oily and they use a new curry. Which tasted very bad.
I think the old days 'Singapore Chicken' is now what they refer to as the chicken biriyani - tastes pretty much the same, ie. great.
Diners please be forewarned that This Banana Leaf establishment is a Fraud and is not connected whatsoever to the real Banana Leaf which closed down recently .
@Afker, why do you say this establishment is not connected to the old Banana Leaf?
@Yamu, can you guys please verify, as your post states "Banana Leaf is back'.
Karthik, it's not the old banana leaf really - they told us it was under new management. Food tastes pretty much the same though.
The Food at Banana leaf was goood so long ago it used to be our family place but from recent the food is not so tasty ………………
The portion of rice looks pathetic. If that is how much you get for paying a hefty price, I'd rather make my 'buriyani date' with hotel top form - Nugegoda (next to the bo tree). They've got the original SL style buriyani (not the terribly condiment flavoured pakistani one) and is much more reasonably priced with a bigger portion too!
It's more or less of a quiet place to be with ur family… My kids enjoy the food… they dont have much of a variety… but, it always brings back good memories!!! In 1997 me n my friend used to stand in those long ques to grab a table to have the buriyani every Saturday…i guess the new one will b the same… anyway good luck guys
@Shru, thanks for getting back. Checked out the place on Sunday. No difference in the taste and the look of the food. I must admit the rice portion may be a bit less, but the food hasn't changed.
Managed to check it out this Saturday for an afternoon meal, well the place is much more roomier than what it was before, as for the food, hmmm…ya the taste was there but felt something was missing…cant really say, the chicken did lack something, but there were couple of waiter guys who gave a really good service. At least the place is back rather than it going into the list in the "restaurant graveyard!
Their String Hopper Biriyani was ok. Rice biriyani lack of flavor. Chicken had that authentic flavor the old Banana Leaf had.
Well, I am really disappointed with Yamu's review of this bullshit of a restaurant
Firstly, this is not the old banana leaf and secondly, the taste is no where near the old one…
After reading the review here, I visited this place last night, ordered chicken buriyani and, there is no second thought, this was the worst buriyani I've ever eaten… leave alone the buriyani part, it's the worst portion of rice I've consumed… The rice- salt-less and stupid (to say the least) , chicken pieces are huge and useless…gravy - don't talk about it…
I have visited a hell of a lot of restaurants in Colombo and this one sucks the most…
YAMU - Your article tempted me to go there and I am extremely disappointed… To top it all off, a man came and shouted that the chicken he bought was rotten !!
I was so damn upset that I had to visit the pillows nearby to fulfil my appetite…
last weekend I visited the place with my wify…she was impressed with the Mutton curry……I found some small iron rust particles with my chicken buriyani… I didn’t drag the thing with the management……but left with broken expectations…
Reading your post made me reminisce about the good old days when I started my career. I must admit it was way too many years ago. The Banana Leaf Chicken Biriyani was our staple food when we worked night or weekends. And we worked a lot but never got tired of it. So it was with great anticipation I drove over to The New Banana Leaf to see if I could sample the good old Biriyani.
It looked the same. It even felt the same. But sadly it did not taste the same. The chicken was soft but it was not the same chicken as before and the mutton we had ordered was so hard we had to throw it away. So all in all my experience with this new place was a disaster. Maybe I had gone on one of their off days but I must confess I don’t plan to be going there again in the near future.
Especially now that I have found the near perfect Biriyani at Hazari’s middle eastern café. It is to die for.
I HOPE THE OLD WAITERS ARE NOT EMPLOYED AS THEY WILL POCKET THE MONEY OF CUSTOMERS WITHOUT PRODUCING INVOICES, THUS FORCING THE MANAGEMENT TO CLOSE THE ESTABLISHMENT
VERY IMPORTANT: I commit myself as ex Manager of Banana leaf the reason mainly to fall down in reputation was the staff as mentioned above, also the Production where some were adicts to drugs, where the CEO tried many occasions to solve the isuue but turned up vain. the CEO was a great business oriented personality, a man always rendered a helping hand for the staff in need, ruined his business due to theft. i hope the new management will also look into this very serously.
@Karthik . I personally know the Owners of the Original Banana Leaf and this establishment is simply using its good name Fraudulently.
Hmm I regret now for not reading your comments before going to that crap place……workers are so rude and looks like thugs…( I felt it that way) however, the food is also same….not very contentment ;( miss my Old & Best Banana leaf food….this shop is good for the Secret lovers ;)) I never ever going to recommend to my friends nor family.
I wonder if their Chicken is still "finger-licking good"?! Despite the viewers' contrasting comments, I can't wait to sample the food at the New Banana Leaf………
Tried their 'once famous' chicken biriyani and was quite disappointed. Definitely NOT the old Banana Leaf standards.
Wrong the biriyani taste is different its not taste like before the taste has gone dont know what has happened
They have an amazing Chicken String Hopper pillau, with a generous portion of chicken & a large amount of rice…Beats the buriyani in style. However its only available after 6 in the evening.
Best rice and curry in Colombo. They only have 3 curries, but that is more than enough. The taste is the best. I am not a big fan of their chicken buriyani or any other dishes. The Buriyani chicken is good on the outside, but not so good on the inside.
I had a bad experience yesterday in New Banana Leaf and if anyone can give me the new Management's name and the contact details, I would appreciate. As Nirmala mentioned, I too regret now for not reading your comments before going to that crap place……workers are so rude and looks like thugs…( I too felt it that way) however, I went for dinner @ 7.15, the food was cold and when I wanted them to heat it, they refused to heat. I was so disappointed and went very sadly ( I miss my Old & Best Banana leaf food) I never ever going to recommend to my friends nor family. If any one can give me the Management's details, please email it to me vasanthim@abansgroup.com. Tnx
I was very disappointed when I went there for lunch today. The guy at the counter recommended we try the 2 different mutton curries. When they were served we realised they were both cold, like cold as in fridge-cold. Also the pepper mutton curry was so rubbery that it could not be broken by hand. When we commented on this one of the waiters tried to cut the mutton with a knife and couldn't do so even after trying for five minutes.
When we were given the bill (500RS per Mutton Curry! + 1 Coke at 60Rs + 106Rs Service Charge) we were not offered a discount nor given the drink for free, despite the waiter agreeing that the meat was barely edible. When I said I was unwilling to pay the service charge the waiter tried to say it was not the restaurants fault that they served cold, rubbery mutton, and basically said it was our fault for eating in their place!
Won't be going there again!
Worst place i have been to. They served a pre cooked and freezed food. Not even hot enough. Rice was chill. Complained them and not good response from them. Never went back. Never wanted to…
Had a chicken biriyani, prawn biriyani and a portion of mutton curry.
Chicken biriyani at rs450 is pricey but has a good amount of yellow rice and a tasty piece of whole leg with other accompaniments. Waiter meticoulasly put 6 big prawns in the prawn biriyani which was rs400 and tasted spicy and adequate. Mutton curry had cubes of soft and tasty mutton with thick gravy at rs450 however portion size will fit one person and a bit more. Great food overall and efficient service.
Went to new banana leaf on 21st this month and to be honest the food was good. We ordered prawn Britain and chicken b iriyani and both of them had a reasonable quantity.
There is a person called SAMEERA who served us that day and his customer service is excellent. We have visited this place many times And all of the people are very friendly and doing their job well. So active. I wish them all the very best
Well… i went there a few weeks ago with about 7 friends, China Doll was our choice but it was CLOSED!!!, so we ended up at Banana leaf. Welcome was good, orders were taken quickly and food was served… however the problem started on the rice portions… rice was brought in two bowls however the portion was very little… there were never 7 portions of rice (in the two bowls) equal, if we had individually ordered… piece of chicken was good but fish and cuttlefish portions were not impressive… NOT the best place to go with a lot of guys, even if you do make sure to order individual portions …
3 years ago, I was mislead by a YAMU review which led me to visit this place. The food and service here were thoroughly disappointing and never visited again. No where near the good-old BANANA LEAF we've known over the years.
Again I see a highly positive review from YAMU for the same place. Unless the management has changed complete, from 3 years ago, avoid this place at all costs.
Read the comments above. Complete contrast to the review.
"specializes in a localized Chinese Biriyani that's pretty solid. "
Chinese Biriyani? Invented in Sri Lanka?
Vegetable rice & curry is now increased to 165.00. i.e. 150 + 15 tax. Nothing great, but somewhat different.
4 curries/sambol they have.
Went Sunday (30th Oct 2016).
Ordered 1 Fish rice and curry and 1 Jumbo Prawns portion. 450 each total was 900.
Prawn portion is only 2 prawns. That was absurd. And honestly to be considered Jumbo is should be much bigger.
Had to wait for 30 mins on the queue to get the food. Fish rice and curry was great but not going back again.
Don’t buy the prawns only.
4/5
Vaish S
Rated 4/5
1/5
Zaf
Rated 1/5