Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

5/5

OLEAF Cafe & Family Restaurant

High level road, Maharagama


'O Leaf' is one of the best restaurant in Maharagama serving up a range of delicious Sri Lankan, Chinese & Western cuisines at an affordable price.



කොහුවල පැත්තෙන් අළුත් ප්ලේස් එකක් ලයින් කරල වැඩේට බහින්න කියල හැදුවෙ. ඒත් කොහෙද, තිබ්බ ට්‍රැෆික් එකත් එක්ක අළුත් ප්ලේස් එකක් තියා පරණ ප්ලේස් එකක්වත් හොයාගන්න බෑ. ඇයි අප්පේ... පාර දෙපැත්ත නොපෙනෙන ගානට වාහන පෝලිමනෙ. අන්තිමට ඉතින් කරන්න දෙයක් නැතිම තැන ඇද්ද හයිලෙවල් එකට දාලා මහරගම පැත්තට. හරියනව නම් එහෙන්වත් එකක් කියල.

අර කිව්වට,

කොහෙද? යනව යනව ඉවරයක් නෑ.

යාළු, මහරගම ඔරලෝසු කණුවත් පහුවුණා… නෑ කියන්නකො හරි හමන් කෑම ටිකක් කන්න කඩයක්. ඒත් අපි උත්සාහය අතහැරියෙ නෑ දිගින් දිගටම ගියා ඉස්සරහට. ඒ යද්දි තමයි... මහරගම ධර්මාශෝක ප්‍රාථමිකේ ඉස්සරහදි, එක පාරටම මහ විශාල කඩයක් හමුවුණේ. ආයෙ කෙලින්ම හයේ හතරෙ කඩේ ඈ. තට්ටු 3යි, තනි වීදුරුවෙන් හදලා කොළයි කහයි ගාලා, ඇතුළත් ලී මේස පුටුවලින් හැඩ කරලා.. සුප්ප ප්ලේස් එක!

වැඩේ කියන්නෙ ඉතින් කඩේ එහෙම තිබ්බට කෑම කොහොමද දන්නෙ නෑනෙ. ඒ නිසා මම කෝකටත් කියල කඩේට ගොඩවුණා. ගොඩවෙලා බැලුවා කොහොමද වැඩේ යන්නෙ කියල.

කිව්වත් වගේ, වැඩේ නැගල යනව කියන්නකො. ශ්‍රී ලංකන් විතරක් නෙවෙයි චයිනීස්, ඉටැලියන්, වෙස්ටන් ඕන එකකින්...

ඒක දැනගත්ත විතරයි මායි යාළුවයි කෙලින්ම, දෙවනි තට්ටුවෙ. මොකද එතනලුනෙ හොඳම කෑම ටික හැදෙන්නෙ.

ගිහින් ඉතින්.. අයිනක් අල්ලල හරිබරි ගැහිල වාඩි වෙලා, සේවක මිත්‍රය ගෙනාපු මෙනුවෙන් කෑම බීම තෝරන්න පටන් ගත්තා.

පටන් ගත්ත විතරයි.. මෙන්න බොලේ මට්න්! ඒකත් නිකම් නෙවෙයි ‘මට්න් සබ්මැරීන්’. මට නේද, කටේ කෙල ඒ ඩිංගට.

“මල්ලි මට මේ, මට්න් සබ් එකක් (රු. 600) ඕන හොඳද. ඒකත් එක්ක මැංගො ජූස් එකකුත් ගේන්න.

ඒ උබට මොනවැයි?”

“මට… චිකන් ෆෙටුෂීන් පැස්ටා එකක් (රු. 900) හොඳයි බං. හැබැයි ඒකයි… දෙන්නටම කන්න පඩ්තායි මික්ස් රයිස් එකකුත් (රු. 1290) ගමුද?”

“හප්පට, බෝ අද ගජ කෑමක් කන්න වගේ හදන්නෙ. හාකො හාකො. ගේනව නම් ගේමු ඉතිං”

“ඒකනෙ කියන්නේ… පැස්ට එකයි මල්ලි පැඩ්තායි මික්ස් රයිස් එකකුත් ගේන්න. බොන්න.. මොහිටෝ එකකුත් (රු. 350) ගේන්නකො”

ඕඩරේ දැම්මා.

දාලා ඉතින් විනාඩි 15, 20ක් යනකම්ම අපි කලේ ඉන්ටීයර් එක දිහා බල බල කයියක් දාපු එක. වෙන දෙයක් නිසා නෙවෙයි, ඇත්තටම ඒකෙ කතා කරන්න තරම් ලස්සනක් තිබුණ නිසා. කොහොමහරි එ් අතරට අපේ බීම 2යි සබ් එකයි, පැස්ටා එකයිත් මේසෙට ආවා. උණුඋණුවෙ, සුවඳ ගගහ.. පිස්සු හැදෙනව ඈ.

ඇත්තම කියනව නම් මේසෙට ආවට පස්සේ... මගේ සබ් එක පැත්තක, යාළුවගෙ පැස්ටා එකට කෙල හලනව කියන්නකො. ඇයි අප්පේ, ඒකා මනුස්සකමට කන්න දීපු පැස්ටා කෑල්ලෙන්ම කට පිස්සු වැටුනනෙ. චීස් රසින් අනූනයි කියන්නෙ, ආයෙ ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. හිතන්නකො ඒ අතරට ලා ගම්මිරිස් රසක් එහෙමත් එද්දි. ලුණු රසත් නූලට. බොරු කියන්න ඕන නෑනෙ ඒකෙ මික්ස් වෙලා තිබ්බ චිකන් හැම් කෑලිත් ලොකුවට කපලා, රස එහෙමත් පදම් කරල නිසා ගමකට කන්න පුළුවන් ඉතින්, ගමකට!

කෑදර කමට පැස්ටා කටවල් 2, 3ක් රස බැලුවට මොකද ඊට පස්සෙ මම කෙලින්ම බැස්සෙ මගෙ සබ් එකට.‍

හප්පේ.. ඒකෙ නම්! කාපු පළවෙනි කටෙන්ම ඇඬුණා. ජීවිතේට බලාපොරොත්තු නොවුණු රසක් යාළු සබ් එකේ. මට්න් කියන්නේ… පොඩියට පොඩියට කපලා, ගම්මිරිස්, මිරිස් තුනපහත් හොඳ හැටි දාලා උයලා, බැදලා.. අඟල් 2ක විතර තඩි තට්ටුවක් බනිස් ගෙඩියෙ පලුවක් වැහෙන්නම. ඒ විතරක් නෙවෙයි චීස්, මයොනීස්, තව මොනවදෝ සෝස් වර්ගයක් එතකොට.. සලාද කොළ, ලූණු එහෙමත් පදමටම. කොටින්ම.. කන කන කටක් කටක් ගාණෙ රස නහර පිනා යනව, පිස්සු හැදෙන්න.

වැඩේ කියන්නෙ ඊට ටිකක් පරක්කු වෙලා ආපු පැඩ්තායි රයිස් එකේ නෑනෙ අන්න ඒ ගැම්ම. මොකක්දෝ අවුලක්!

ඒ කියන්නෙ ඒක කන්න බැරි තරම් අවුලක් නෙවෙයි. අනිත් කෑමටවලට සාපේක්ෂව රසේ මොකක් හරි මදිකමක් වගේ. මගෙ හිතේ බත් එකේ වෙන්න ඕන. කොහොම වුණත් ඒකෙත් තිබ්බ ඉතින් ලා පැණි රසක් එක්ක සැර ගතිය පදම් වෙලා එන විදියට හදපු ලොකු චිකන් කෑලි ටිකකුයි, බටර්ඩ් ඉස්සො ටිකකුයි එහෙම, කන කට්ටියට තලු මරමර කන්න කියන්න වගේ.

අර, ඒ නිසාම.. කාලා කාලා.

දන්නැද්ද, අපි දෙන්නටත් හොඳටෝම බඩු.

ඔය අතරෙ තමයි යාළුව මතක් කලේ බීම ටික.

ආයෙ, අත දිග ඇරලා ගත්ත විතරයි… එක හුස්මට වීදුරුවෙන් බාගයක් ඉවරයි.

ෂැහ්! ඒත් අඹ එක.. හොඳට ඉදිච්ච ගෙඩියකින් නෙවෙයි හදල තිබ්බෙ. ඇත්තටම ජූස් එකේ ෆ්‍රෙෂ් ගතිය සෑහෙන්න මදි. ඒ වගේම තමයි යාළුවගෙ මොහිටෝ එකෙත් රස තරමක් මදි සීන් එකක් තමයි එයත් කිව්වෙ.

ඒත් ඉතින් ඒ ඔක්කොම කැපිලා යන්න කියල අන්තිමට ගෙනාපු චොක්ලට මූස් එක (රු. 600) නම් තිබ්බා පංකාදු පහට. සුපිරිම චොක්ලට්වලින්, දෙන්නෙක්ට මදි නොකියන්න හදාපු සුප්ප මූස් එකක්!

ඉතින්.. අවංකයෙන්ම, එතනින් එහාට මුකුත් නොකිය ඉන්නම්. හැබැයි ‘ඕලීෆ්’ ගියොත් මට්න් සබ් එකයි, චොක්ලට් මූස් එකයි නම් මිස් කරගන්න එපා ඔන්න.

හොඳේ!


TIP

Try Mutton submarine or Mutton sandwich

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment