Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

Oynise Beach Cabin

129, Bara Beach, Pitiwalla Boossa


Awesome wooden beach cabanas at Boossa.



‘සෙක්සො’ හමුවුන මගේ ගාලු ගමනෙ අවසාන දවස..

උණවටුනෙනුත් එළියට බැහැලා තනිපංගලමෙ පාඩුවෙ ඉන්නව කියලයි හිතාගත්තෙ. හිතාගෙන ආයෙත් එන අතරෙ සෙක්සො එකෙන්ම කෝපියකුත් බීලා.. එතන ඉඳන්ම බැලුවා ලඟපාත මොනවද පොඩි බීච්හට්, කබානා වගේ ප්ලේස් තියෙන්නෙ කියලා.

ඒ බලද්දි ඔන්න තැන් කීපයක් වගේම හමුවුනා. ඒත් කෝල් කරලා බැලින්නම් එකක්වත් මේ දවස්වල ෆන්ෂන් වෙන්නෙ නෑ. හැබැයී.. එක පොඩි තැනක, කතාබහ ටිකක් ඇදගෙන යනකොට දෙයියනේ කියලා මට වචනෙ ලැබුන.

“මහත්තයා එන්නකො ඒනම්. එක නයිට් එකයිනෙ. මම කබානා එකක් ඇරේන්ජ් කරලා තියන්නම්”

හරිනෙ එච්චරනෙ වෙන්න ඔ්න! ඊටත් මගේ හිතේ උඩින්ම තිබ්බ තැනත් එතනමයි. ෆොටෝවල හැටියට නම් පුංචියට හදපු බීච් කබානා පේලියක්. ලස්සන පොල්රුප්පාවක, ගල් වැටියක් මායිමේ..

යනකම් ඉවසිල්ලක් නැතුව හිටියට.. කැෆේ එකේ සන්සෙට් එක නොබල යන්නත් මොකක්දෝ වගේ නිසා.. දෙවනි කෝපියත් හිස්කරන ගමන් මම හැන්දෑවෙ 7 විතර වෙනකම්ම එතන. ඉඳලා ඔන්න දාගත්තා පික්මියක් යන්න බූස්සට. දාගෙන.. රෑ කෑමබීම අඩුපාඩු ටිකත් යන ගමනෙම එකතු කරගෙන මම පැය බාගෙට වගේ ඔ්නයිස් පිවිසුම ලඟ.

ඇත්තටම ගිහින් බැලින්නම් ඒක තියෙන්නෙ ගෙවල් පේලියක් පිටිපස්සෙ. මම වාහනෙන් බැහැපු ගමන් පොඩ්ඩක් අන්දුන් කුන්දුන් වුනා. හැබැයි සනික එතනම ගෙදර දොර ඇරගෙන එළියට ආවනෙ කබානා එකේ අයිතිකාරිනිය. ඉතින් වැඩේ ෂේප්.

“මහත්තය ඔතනින් එන්න” තාප්ප දෙකක් මැදින් වැටුණු පටු පාරක්..

ඒ පාරෙන් වැඩිදුරක් යන්න තිබ්බෙත් නෑ ඇත්තටම.. ඔ්නයිස් පිවිසුම!

ෂැහ්, කහ පාට ලයිට් දාලා දිග පටිය වගේ බිමේ, බීච් එක අයිනටම වෙනකම්ම. ඒකත් කුන්දිරා පොල් රුප්පාවක් නිසා කබානා වලට උඩින් තවත් වහලයක් වගේ. ඊටත් කබානා ටිකට අනික් පැත්තෙන් පුංචියට ලෑල්ලෙන් හදපු රෙස්ටුරන්ට් එක. ඊට පස්සෙ බීච් එක අයිනටම වෙන්න තට්ටු දෙකේ හට් එකක්.. මං හිතන්නෙ හැන්දෑවට සෙට්වෙන්න, වෙන්න ඔ්න. කොහොම වුනත් මම යනකොට.. බීච් එකට ලඟින්ම මේසයක් බංකුවක් දාලා, එතනම තිබ්බ ලී කබානාවත් රෙඩි කරලා.

“මහත්තයා මෙන්න කී එක. ලයිට්ස් අතන. කැමති විදියට ඔන් ඔෆ් කරගන්න. එන තැනම වොෂ්රූම් එක හොඳද මහත්තයා.. අර පේන්නෙ! ම්.. තව මොනවහරි ඔ්න මගේ මේ නොම්මරේට කෝල් එකක් දෙන්නකො”

සුහදශීලි සේවාව විතරක් නෙවෙයි, ලස්සන හිනාවකින් ආපු වෙල්කම් එකත්.. හොඳටම ඇති ඉතින්. පුංචියට කරගෙන ගියාට මොකද ඒ කොලිටිස් නම් උපරිමයෙන්ම එයාලා ලඟ..

එතනින් පස්සෙ ඉතින්.. මම හෙමින් සැරේ මගේ බඩුමුට්ටු ටිකත් කබානා එකෙන් තියලා දාගත්තා පොඩි වොශ් එකක්. දාගෙන අර ලෑස්ති කරලා තිබ්බ ලී බංකුවෙ හෙමින් සැරේ ඇද ගැහුවෙ..

බීර කෑන් එකක් කැඩෙන සද්දෙට, ගල් පරයෙ වැදිලා රළ බිඳන සද්දෙත් තාලෙට, ගතට හිතට එකතු කරගන්න ගමන්. ලා සීතලක් එක්ක ඇඟේ දැවටිලා යන මුහුදු හුලඟයි, මැදියමට මුදුන්වුනු පුර හඳයි..

හ්ම්.. නිදහසේ ඉන්න හිතුවට මෙච්චරම නිදහසක්!

ලා පදමට වැදීගෙන එනකොට පුංචි ලී පඩි 4කින් ගොඩවෙන්න තිබුනු කබානාව ඇතුලට මම..

ගිහිල්ලත් ටික වෙලාවක් යනකම් දොරෙන් එළියට කකුල් දෙක දාගෙන මොකක්දෝ මනෝ පාරක!

ලොකු ඉඩක් නැතිවුනාට ඒක ඇතුලෙ දෙන්නෙක්ට නම් හොඳ හැටියට නිදාගන්න පුලුවන්. ෆැමිලි මෙට්ටයක් එහෙම දාලා.. කොට්ටත් දෙකක්ම තියලා..

ෂැහ්! ඒක නම් මාරම, අමුතුම, අපූරුම අත්දැකීමක් ආ..

කොටින්ම කියනව නම් උදේ පාන්දර නැගිටලා මම වෙරළඉම දිහා බලාගෙන ඉර එළිය වැටෙනකම්ම ඉඳලා, ආයෙත් පොඩි ඇලට් එකක් දාලා.. දවල් වෙලා කොළඹ බස් එකකට ගොඩවුනේ.

ඒකත් හිත එනත තියෙද්දිම, හ්ම්…!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment