Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Palpatha

253/10, Etul Kotte-Mirihana Road, Nugegoda

Get it delivered on Pickme Food

Palpatha down Etul Kotte - Mirihana Road is known for their massive spread of rice and curries.



බත් කඩ ගැන කතාවක දි ඕන කෙනෙකුට මතක් වෙන මුල්ම නම් කීපය අතරෙ අනිවාර්යයෙන් තියන නමක් තමයි 'පැල්පත' කියන්නෙ. රයිස් ඇන්ඩ් කරිවලට සුප්‍රසිද්ධ තැනක් වෙන මෙතන විශේෂත්වය තමයි, බත් එකට තෝරගන්න වැඩිම කරීස් ප්‍රමාණයක් ඔෆර් කරන එක. පැල්පත තියෙන්නෙ නුගේගොඩින් ඇතුල් කෝට්ටේ මිරිහාන පාරේ ගියාම. පැල්පත කිව්වට මේක දුගී පැල්පතක් නෙමෙයි. ලන්ච් ටයිම් එකට හොඳටම සෙනඟ පිරෙන පොහොසත් පැල්පතක්!

කෑම

බඩගින්නෙ දැවි දැවී තැවි තැවී ගිය අපි පැල්පතේ තිබුණ නානා ප්‍රකාර කරි ජාති අතරෙ අතරමං වුණේ මොනවා තෝරගන්න ද කියල හිතාගන්න බැරුව. බත් එක්ක කරීස් පහක් තෝරගන්න එයාල අපිට ඉඩ දීල තියෙනවා. රතු, සුදු, කහ බත් එක්ක ලොකු ඇතිලිවල දාල පේළියට තියල තිබුණ කරීස් අතරේ බෝංචි, බතල, ගෝවා, ලීක්ස්, පොළොස්, පතෝල, පිපිඤ්ඤා, මාළුමිරිස්, නෝකෝල්, අළුකෙසෙල්, කරවිල වගේම, සෝයාමීට්, කිරි මාළු, මිරිස් මාළු, චිකන්, පෝක් වගේ දහසක් ජාති තිබ්බා. ඊට අමතරව බැදපු වැව් මාළු, ඔම්ලට්, පපඩම්, බැදපු මිරිස් වගේ ජාති වෙන වෙනම පිළිවෙළට. රයිස් ඇන්ඩ් කරිවලට ආස නැත්තං ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන්, බිරියානි වගේ ඔප්ෂන්ස් කීපෙකුත් තියනවා.

අපේ පළවෙනි තේරීම වුණේ චිකන් එක්ක කහ බත්. (රු. 240) එළවළු විදිහට අපි ගත්තේ තෙල් දාපු ලීක්ස්, තම්බපු බතල, පිපිඤ්ඤා සම්බෝල, සෝයාමීට් සහ තෙල් දාපු ගෝවා එක්ක පපඩම් සහ බැදපු මිරිස්. මුදු සුමුදුවට තැම්බුණ බතල එක්ක සූස් සූස් ගෑවෙන සෝයාමීට් කරිය හැපෙනකොට දිව්‍යලෝක රස! ඒකට ම හරි යන්න පිපිඤ්ඤා සම්බෝලෙ ඇඹුල් ගතියයි කූල් ගතියයි දෙකම ගාණට බැලන්ස් වුණා.

ඊළඟ තේරීම කිරි මාළු එක්ක සුදු බත්. (රු. 280) ඒකට කරි විදිහට අපි තේරුවේ පොළොස් ඇඹුලක්, තෙල් දාපු මාළුමිරිස්, නෝකෝල්, පතෝල සලාදයක් සහ තෙල් දාපු ගෝවා එක්ක පපඩම් සහ බැදපු මිරිස්. පතෝල සලාදේ කිරි රහ එන තරමට හරිම ෆ්‍රෙෂ්. පොළොස් ඇඹුලෙ පොළොස් කෑලි නං තව පොඩ්ඩක් සොෆ්ට් වුණා නං හොඳයි කියල හිතුණා. සුදු බතයි කිරි මාළුවයි එකතු වෙලා ආපු කිරි රසට ඔක්කොම දෙවෙනියි.

අපේ අන්තිම තේරීම වුණේ බිරියානි එකක්. (රු. 350) ඒකට සුපුරුදු විදිහට චිකන්, බිත්තර, චිලි පේස්ට්, ලූණු සම්බෝලයක් සහ ෆ්‍රයිඩ් මෂ්රූම් දාලා තිබුණා. මෂ්රූම් එක රන්වන් පාට එනකං ගාණට බැදිලා. ලූණු සම්බෝලෙට යහමින් අමුමිරිස් තක්කාලි එහෙම දාලා. ඒ වගේම ඕනවට වඩා තෙල් දාල නොතිබ්බ එක මේගොල්ලන්ගේ කෑමවල හොඳ ලක්ෂණයක්. කෑමවල රහ වැටුණම අපි කඩේට වහ වැටෙන බව අහන්නත් දෙයක් ද?

තැන සහ සර්විස් එක

රහ බත් වේලක් කන්න ඇඟිලි ගැණ ගැණ අපි පැල්පතට ගොඩ වුණේ හරියටම ලන්ච් ටයිම් එකේ නිසා එවෙලෙ නං කඩේ ඇතුළේ හොඳටම සෙනඟ. වැඩ කරන අය හැමෝම තමන්ට පුළුවන් උපරිමෙන් කාර්යක්ෂම වෙන්න උත්සාහ කරනවා අපි දැක්කා. ලී මේස පුටු දාල වාඩිවෙලා කන්න පරිසරේ හදල තිබ්බට මොකද, එන සෙනඟ කන්දරාවත් එක්ක හැරෙන්න කරන්න පොඩ්ඩක් ඉඩ මදි. ඒ වගේම මැසි උවදුර ගැනත් තව ටිකක් අවධානය යොමු කරන්න ඕන.

අවසාන වශයෙන්

පැල්පතේ තිබුණ එකම අවුල වුණේ, ඉවර කරන්න බැරි තරං ලොකු කොත ගහපු බත් පංගුවක් බෙදල දෙන එක! ඉතිං කොහොම හරි අපි පැල්පතෙන් එළියට ආවෙ පැල්පතකින් කෑව වගේ නෙමෙයි, මාලිගාවකින් කෑව වගේ බඩ පුරෝගෙන. පැල්පත වචනයේ පරිසමාප්ත අර්ථෙන් ම රස බත් වේලකට කියාපු කඩයක් කියල දෙපාරක් නොහිත කියන්න පුළුවන්.

Address

253/10, Etul Kotte-Mirihana Road, Nugegoda

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment