Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

5/5

Panino

Diyatha Uyana, Battaramulla


Panino makes excellent sandwiches. Filled with tasty ingredients, grilled, prepared with love. If you visit the Good Market each Thursday they're well worth a try. Otherwise they're a good choice for catering or office lunches.



යාවත්කාලීන කිරීමයි: දි ඉංග්ලිෂ් කෙක් කම්පනි ඔවුන්ගේම අවුට්ලට් එකක් සතියේ සැම දිනකම විවෘත කර ඇත. මෙතනින් වැඩි දුර කියවන්න.

පැනිනෝ කදිම සැන්ඩ්විච් හදනවා. රසවත් මිශ්‍රනවලින් පිරුණ, ග්‍රිල් කළ ආදරය මුසුකර පිළියෙල කරන ලද සැන්ඩ්විච් අගනා බව කිවයුතුමයි. හැම බ්‍රහස්පතින්දාම ගුඩ් මාර්කට් එකට යනවනම් ඒවා කාලා බලන්න වටිනවා. එහෙම නැත්නම් එයාලා හොඳයි ඇණවුම් වලට කෑමබීම සැපයීමටයි කාර්යාලයීය දිවා ආහාරයටයි.

සැන්ඩ්විච් කියන්නේ ශ්‍රී ලංකාවේදී නොසලකා හැර තියෙන කලාවක්. හැම කෙනෙක්ම වගේ දවල්ට කන්නේ බත්. ගොඩක් සැන්ඩ්විච් හදන්නේ දෙමව්පියන් විසින් බොහොම අමාරුවෙන් පාන්දර 6.00ට විතර. ගොඩක් වෙලාවට ඒවා නොකාම ආපහු හවසට ගෙදර එනවා ඒවාට ළමයින් කැමැත්තක් නැති නිසා. අපිට සැන්ඩ්විච් වලට රසවත් මිශ්‍රණයන් නැහැ. ඒ වගේම හොඳ පානුත් හොයා ගන්න අමාරුයි.

දැන් දැන් අඩුම තරමින් කොළඹදීවත් හොඳ සැන්ඩ්විච් හැදෙන්න පටන් අරගෙන. "පාන් පාන්" හොඳ පාන් හදනවා. එයාල ක්‍රිකට් ක්ලබ් එක ළඟ සැන්ඩ්විච් බාර් එකක් විවෘත කරලා තියෙනවා. බත්තරමුල්ලේ ගුඩ් මාර්කට් එකේ හැම බ්‍රහස්පතින්දාම පැනිනෝ හොඳ, අතින් හදන සැන්ඩ්විච් හදනවා.

අපි නිර්දේශ කරනවා විශේෂ සැන්ඩ්විච් බලන්න කියලා, ඒවා තමයි වැඩියෙන් විකිණෙන්නේ. සැන්ඩ්විච් රුපියල් 400 සිට 500 දක්වා වෙනවා. තේරීම් විදිහට Chicken Sundried Tomato Pesto Melt, Mushroom & Cheese, Pulled BBQ Chicken වගේ දේවල් තියෙනවා. මෙතන නිර්මාංශ ආහාර වලට කදිම තැනක්. ඒත් මෙයාලගෙන් මස් සහිත් ආහාර ඉල්ලුවොත් ඔයාලව හිස් අතින් යවන්නෙත් නැහැ.

මෙතන ආහාර ද්‍රව්‍ය ඔක්කොම නැවුම්. එයාලා ඒවා හදන්නේ ඔයාලගේ දෑස් ඉදිරිපිටමයි. අපිට කියන්න තියෙන්නේ සැන්ඩ්විච් හරිම රහයි කියලයි. (අපි කැමතියි ඒව නයි මිරිස් සෝස් ටිකක් එක්ක කන්න.) සේවාව අති විශිෂ්ටයි. ගුඩ් මාර්කට් එකේ පැනිනෝ පිහිටලා තියෙන තැනත් හරිම ලස්සනයි. මෙහේ හපන්න වගේම ගෙදර අරන් යන්නත් රසවත් ආහාර තියෙනවා.
All Reviews

Panino makes excellent sandwiches. Filled with tasty ingredients, grilled, prepared with love. If you visit the Good Market each Thursday they're well worth a try. Otherwise they're a good choice for catering or office lunches.

සිංහල පැනිනෝ කදිම සැන්ඩ්විච් හදනවා. රසවත් මිශ්‍රනවලින් පිරුණ, ග්‍රිල් කළ ආදරය මුසුකර පිළියෙල කරන ලද සැන්ඩ්විච් අගනා බව කිවයුතුමයි. හැම බ්‍රහස්පතින්දාම ගුඩ් මාර්කට් එකට යනවනම් ඒවා කාලා බලන්න වටිනවා. එහෙම නැත්නම් එයාලා හොඳයි ඇණවුම් වලට කෑමබීම සැපයීමටයි කාර්යාලයීය දිවා ආහාරයටයි.

සිංහල පැනිනෝ අති විශිෂ්ට සැන්විචස් හදනවා. ඒවා පුරවා තිබෙන්නේ ආදරය මුසු කරමින් ග්‍රිල් කර සකසක ලස රසවත් දේවලින්. ඔබ බ්‍රහස්පතින්දාට ගුඩ් මාකට් පැත්තේ යනවා නම් පැනිනෝ කියන්නේ ගිහින් සැන්විච් කාලා බලන්න යන්න වටින තැනක්. ඒ වගේ ම ඔවුන් ආහාර සැපයීමේ සේවාවක් ලෙසත්, කාර්යාල‍ේ දිවා ආහාර සඳහාත් හොඳයි.

Address

Diyatha Uyana, Battaramulla

Contacts

Facebook

Report Inaccuracy

Open 12 Noon to 8 PM on Thursdays, other days by order

Cuisine

Western Italian Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Sandwiches

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
See 24 Comments