Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Pepper House Restaurant

275 G Hokandara Rd, Hokandara


Small but nice, comfortable place to taste some good Sri Lankan Chinese food & bites.



පොඩි බජව්වක් දාන්න කියලා, කාලෙකට පස්සෙ!

තැනක් බැලුවා බැලුවා.. වැඩේ කියන්නෙ පදිංචි ප්‍රදේශය අවටින් හරි හමන් තැනක් සෙට්වුනේම නෑනෙ. ඊට පස්සෙ ඉතින්.. ගූගල් පිහිට තමයි. ඒ අතරට මගෙ මතකයෙ තිබ්බා දවසක් අපේ මස්සිනා කියපු කතාවක්..

“ඔතන හෝකන්දර අලුත් කීල්ස් එකට එහා පැත්තෙ බං. ප්ලේස් එක පොඩි වුනාට කෑම ටොප්. ඊටත් ඔ්න ආතල් එකක් දාන්නත් පුලුවන්නෙ”

එහෙම කිව්වට..

අවාසනාවට තැනේ නම මොකක්ද කියල මගේ ඔලුවට ගිහින් තිබුනෙ නෑ. ඉතින්.. ආයෙත් හරි බරි ගැහිලා, ෆෝන් එක අතට අරගෙන ඔන්න ඉස්සෙල්ලාම ගැහුවා කෝල් එකක් මස්සිනාට. ගහලා තැනේ නමයි, නොම්මරෙයි දෙකම ඉල්ලගෙන ඇමතුවා..

“හලෝ.. ගුඩ් ආෆ්ටනූන්. මේ හෝකන්දර පෙපර් හවුස් එකද?”

“ඔව්..”

“ආ.. මට දැනගන්න පුලුවන්ද ලබන සඳුදා හවසට පොඩි ෆන්ෂන් එකක් දාන්න ඔයාලගෙ ප්ලේස් එක බුක් කරගන්න පුලුවන්ද කියලා. ඒකයි බොට්ල්ස් එලියෙන් ගේනව නම් කොහොමද, කොකේජ් ගන්නවද? කියලා”

“ආ.. පුලුවන් මිස්ට. කී දෙනෙක් වගේ එනවද?”

“අපේ.. 15ක් වගේ”

“නෝ ප්‍රොබ්ලම්. මම අවුට්ඩෝ එක රිසව් කරලා තියන්නම්. මිස්ට ලා එන්න ටිකකට කලින් කෝල් එකක් දෙන්න. ඒකයි.. අපේ කොකේජ් මොනවත් ගන්නෙත් නෑ. කෑම චාජස් එක්ක රෙසවේෂන් එකට රු. 1000ක් ගන්නවා විතරයි”

“ආහ්.. නියමයිනෙ. එහෙනම් රෙසවේෂන් එක කන්ෆර්ම් කරන්න..”

කියල හිටං වැඩෙත් ගොඩදාගෙන.. සනික කෝල් එකක් ගැහුවා යාලුවෙක්ට. ගහලා ගැලපුවා විස්කි බෝතල් 2කුත් ඒ ගැම්මටම!

ඊට පස්සෙ..

ඔන්න සඳුදා හවස හොඳේ..

පුරුදු පරිදි පාටිය 5ට පටන් ගන්නවා කියලා මම ගියා එතනට 6ට. ගිහිල්ලා, මැනේජර් මහත්තයටත් කතා කරලා හරි හරියට දැම්මා බයිට් ඔ්ඩරේ, මොකද ඒ වෙද්දි අපේ දෙතුන් දෙනෙක් එතනට ගැලපිලානෙ හිටියෙ. ඊටත් බඩගිනිත් වෙලා.. කම්මැලිත් වෙන්න දෙන්න බෑනෙ.

“අපිට ගේන්නකො පෝර්ක් කොත්තුවයි (රු. 500), ස්පෙෂල් රයිස් එකයි (රු. 880), හැඳැල්ලො එකයි (රු. 700), හොට්බටර් කට්ල්ෆිෂ් (රු. 1100)එකයි. ඒ එක්කම අයිස් බකට් එකකුයි, සෝඩා, ස්ප්‍රයිට් 2කුයිත් ගේන්න හොඳේ..”

“ඔ්කෙ.. මම එවන්නම් මිස්ට”

කියලා, ගිය අනික් පැත්තට සෝඩා අඩුම කුඩුම නම් මේසෙට. හැබැයී.. කෑම ටික නම් එන්න ටිකක් වෙලා ගියා. දල වශයෙන්.. පැය බාගයක් විතර. ඒත් ආවට පස්සෙනෙ..

ෂැහ්! පංකාදුයි ආ.. උණු උණුවට, දුම් දදා හොට්බටර් කට්ල්ෆිෂ් එක.

ම්.. සෝස් එහෙමත් දාලා හොඳ හැටියට. බාග වෙලාවට කටක් දෙකක් රස බලද්දී.. සෝස් රස එක්ක, රතු මිරිස්, ගම්මිරිස්, මාලු මිරිස් රස නූලට තිබ්බට, ලුණු ටිකක් වැඩියිත් වගෙද මන්දා.. ඒත් අර බැටර් කරලා, ෆ්‍රයි කරපු දැල්ලො කෑලිවල රස මල් හතට තිබ්බ නිසා අවුලක් නෑ.

ඒකට බලන්න එපැයි ෆ්‍රයිඩ් හැඳැල්ලො!

බයිට් එකට හරියන ගාණටම ෆ්‍රයි වෙලා.. තක්කාලි, සලාද, දෙහි පෙති අඩුම කුඩුම දාලා සැලඩ් කරලත් නිසා.. සුටු සුටු ගාලා යන්නෙ ඈ.. අර පොඩි අඩුවක් දැනුනා හැඳැල්ලො එකට ඇත්තටම කොච්චි පේස්ට් තිබ්බ නම්..?

දෙයියනේ කියලා වරදක් කියන්න බෑ පෝර්ක් කොත්තුව නම්.. තරු පන්තියෙන්ම. පොඩි පොඩියට කපපු පෝර්ක් කෑලිත් තොගයක්, ෆ්‍රයි කරලාම දාලා, ඇති හැටියට කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් එක්ක. සෝස් පොඩ්ඩකුත් ගැලපිලා රස පදම හැදෙන්න..

ඔක්කොමත් හරි කොත්තුවෙ සයිස් එකනෙ. හප්පේ.. හතර දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන් තරමට හොඳද.

ඒ වගේම තමයි එයාලගෙ ස්පෙෂල් රයිස් එකත්. කීරි සම්බා හාලෙන්.. බිත්තරත් 2ක් විතර දාලා, පොඩි පොඩියට කපපු පෝර්ක්, චිකන්, මාළු, ඉස්සො, දැල්ලො ගැඹුරු තෙලේ ෆ්‍රයි කරලා, මදි නොකියන්න එකතු කරලා..

ආයෙ උණු උණු බතට, චිලි පේස්ට් ටිකක් ගලපගෙන කනකොට..

බයිට්, ඩයට් දෙකම කවර් යාළු එක හැන්දෙන්..

කොහොමහරි ඉතින් ඔය අතරට විස්කි ලීටර් ප්‍රමාණයකුත් වාශ්ප වෙලා අපේ අය බොංගො එකට තට්ටුවක් දාන්න පටන් අරගෙන තිබ්බෙ. ඒත් එක්කම එතන සුදු එළිය වෙනුවට කහ එළිය මාරු කරලා දීලා, ලස්සන ලී මේස බංකු ටිකත්, ටිකක් ඈත් කරලා, සුවපහසුව සින්දු කියන්න, සින්දු අහන්න ඉඩ හදල දුන්න මැනේජර් මහත්තයට නම් ඔන්න..

අසීමිත ප්‍රශංසාවයි ඈ..

කිව්වට විශ්වාස කරන්න අන්තිමට 12 වෙනකම්ම ෆන්ෂන්, හ්ම්..

කණ ක‌ටේ ආයෙ එළියට බහිද්දි, ඔ්ං..!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment