Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

PickMe

Colombo


PickMe is an app that lets you call cabs (trishaws, nanos, cars). It mostly works and the company is responsive - we think they'll keep improving.



පික් මී ගැන දැනටත් ඔයාලා ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒක ස්මාර්ට් ෆෝන් එකෙන් ටැක්සි බුක්කරන්න පුළුවන් සර්විස් එකක්. වැඩිපුරම තියෙන්නෙ ත්‍රීවීල් වුණාට නැනෝ කැබ්, සාමාන්‍ය කාර් හෝ වෑන් එකක් වුණත් බුක්කරගන්න පික් මී එකෙන් පුළුවන්. තවම පටන් අරන් වැඩි කාලයක් නැතත් කොළඹ අවට ත‍්‍රීවීල්වල නිතර ගමන්බිමන් යන අය අතර පික් මී දැනටමත් ගොඩක් ජනප‍්‍රියයි. (දැන් මහනුවරත් පික් මී තියෙනවා)

වැඩේ වෙන්නෙ මෙහෙමයි

පික් මී ඇප් එක ඇන්ඩ්‍රොයිඞ්, ඇපල් වගේ ම වින්ඩෝස් ෆෝන්වලටත් දාගන්න පුළුවන්. නම, ෆෝන් නම්බර් එක වගේ දේවල් ඇතුල්කරලා එකපාරක් ලියාපදිංචි වුණාට පස්සේ ආයෙත් සැරෙන් සැරේ අපේ විස්තර දාන්න  ඕන නෑ.

ඇප් එකෙන් ඔයා ඉන්න තැන හොයාගෙන ඒ කිට්ටුව මේ වෙලාවෙ තියන වාහන මොනවද කියලත්, එයාලට අපි ඉන්න තැනට එන්න කොච්චර වෙලාවක් යනවද කියලත් අපට පෙන්වනවා. අපිට  ඕන නම් Book Later කියන එක ටැප්කරලා පස්සෙ වෙලාවකට වුණත් වාහනයක් බුක්කරලා තියාගන්න පුළුවන්.

මුල් කාලේ මේ ඇප් එකේ තිබුණ පොඩි පොඩි අඩුපාඩු මේ වෙනකොට ගොඩක් දුරට අඩුයි. ඒත් ඉඳහිට ඇප් එක පොඞ්ඩක් පිස්සු කෙළලා අපි ඉන්න තැන වැරදියට පෙන්වන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට අර පොඩි මිනිහෙක් වගේ අයිකන් එක ඇදගෙන ගිහින් මැප් එකේ හරි තැනින් තියන්න පුළුවන්.

Book Now කියන එක ටැප්කරලා ඊට පස්සේ Confirm  කියන එක ටැප් කළාම අපිට අදාළ වාහනයේ හා රියදුරාගේ විස්තර ටික පෙන්වනවා. වාහනය අයිති මොන සමාගමටද, කිලෝමීටරයට අයකරන ගාණ කීයද වගේ විස්තර ඔක්කොම බලාගන්න පුළුවන්. මේ හැම ටැක්සි සමාගමකම වගේ ගණන් ගොඩක් දුරට එක සමානයි. ඒත්  ඕන නම් Filter කියන එක ටැප් කරලා අපට අවශ්‍ය සමාගම විතරක් තෝරාගන්න පුළුවන්.

ඇත්තට ම අදාළ රියදුරාටත් එයාගේ ඇප් එකේ අපි ඉන්න තැන පෙන්වනවා. ඒත් ගොඩක් වෙලාවට එයාලා එන්න කලින් අපට කෝල් එකක් දෙනවා. සමහර වෙලාවට අතුරු පාරවල් වගෙ ඒවා හරියට මැප් එකේ පෙන්වන් නැති නිසා කෝල් කරලා අහන එකත් හොඳයි.

වාහනය අපි ඉන්න තැනට ආවාම අපිට SMS එකක් එනවා. ගොඩක් වෙලාවට රියදුරත් කෝල් එකක් දෙනවා.

ගොඩක් පික් මී රියදුරෝ මිත‍්‍රශීලියි. ඒත් තවම සමහරු මේ ඇප් එකට (සහ මීටර් ටැක්සි ක‍්‍රමයට) හරියට හුරු වෙලා නැති නිසාද කොහෙද සමහර වෙලාවට පොඩි පොඩි අවුල් වෙනවා. එක පාරක් මම ත‍්‍රීවීල් එකක් බුක් කළාට පස්සේ ඩ‍්‍රයිවර් මට කෝල් කරලා කිව්වා එයාට මම ඉන්න තැන දුර වැඩියි, ඒ නිසා හයර් එක කැන්සල් කරන්න කියලා. තව පාරක් මම කොට්ටාවෙ ඉඳන් කටුබැද්දට යන්න ටැක්සි එකක්  ඕඩර් කළා. යන්න  ඕන කොහෙටද කියල ඩ‍්‍රයිවර් කෝල් කරලා ඇහුවම මම කිව්වේ මොරටුව කියලා; මොකද කටුබැද්ද කියන්නෙත් මොරටුවෙ ම කොටසක් නිසා. ඒත් මම ත්‍රීවීල්එකට නැගලා හරියට ම යන්න  ඕන තැන කිව්වම එයා සෑහෙන්න කේන්ති ගියා. 

සමහර විට අනිත් ටැක්සි සර්විස්වල වගේ කෙනෙක් මැද ඉඳගෙන අපි දෙගොල්ලොන් ව සම්බන්ධ නොකරන නිසා මේ වගේ පොඩි පොඩි අවුල් වෙනවා ඇති. ඒත් අපිට ඒ වගේ නරක අත්දැකීමක් ලැබුණොත් ඒ ගැන කමෙන්ට් කරලා, අදාළ රියදුරාගේ රේටින්ස් අඩුකරන්න අපට පුළුවන් නිසා කල් යද්දි මේ වගේ ප‍්‍රශ්න ගොඩක් දුරට අඩුවෙයි.

ගොඩක් වෙලාවට පික් මී එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් මීටරේට අමතර ව සාමාන්‍ය මීටරයකුත් ගොඩක් වාහනවල හයිකරලා තියෙනවා. පික් මී එකට මගියාගෙන් අමතර ගාණක් කැපෙන්නෙ නෑ; කෙලින් ම අදාළ ටැක්සි සමාගමෙන් තමයි එයාලා ගාණ අයකරන්නේ. ඇත්තට ම ගොඩක් වෙලාවට පාරෙ යද්දි අත දාලා නගින ත‍්‍රීවීල්වලට වඩා පික් මීවල ගාණ අඩුයි. සාමාන්‍යෙයන් ත්‍රීවිල් නම් කිලෝමීටරයට උපරිම රැපියල් 35ක් විතර තමයි වෙන්නෙ. නැනෝ එකක් නම් කිලෝමීටරයට රැපියල් 45ක් විතර වෙනවා.

වාහන රියදුරන්ට  ඕන නම් අවශ්‍ය වෙලාවට පික් මී මීටරේ  ඕෆ් කරලා සාමාන්‍ය විදියට දුවන්නත් පුළුවන්.

අවසාන වශයෙන්

කොළඹ අවට හැම තැනම වගේ ගොඩක් වෙලාවට පික් මී ටැක්සි තියෙනවා. පාන්දර 1-2ට වුණත් කිලෝමීටර් කීපයක් අවටින් ටැක්සියක් හොයාගන්න පුළුවන්. මෑතක ඉඳන් මහනුවරටත් එයාලගේ සේවාව ව්‍යාප්ත කරලා තියෙනවා. කෝල් කරලා ත්‍රීවීල් ගෙන්වාගන්න ටැක්සි සර්විස්වල තියෙන ප‍්‍රශ්නය තමයි එයාල හරියට ම ඉන්නෙ කොහෙද, එන්න කොච්චර වෙලාවක් යනවද කියන එක අපට දැනගන්න විදියක් නැතිවීම. ඒත් මේකෙදි වාහනය තියෙන තැන අපිට මැප් එකේ පෙන්වන නිසා එහෙම ප‍්‍රශ්නයක් නෑ. එයාලටත් අපි ඉන්න තැන පෙන්වන නිසා පාර කියන එකත් එච්චර අමාරු නෑ. වාහන සංඛ්‍යාව තව වැඩිකරගගෙන, තවත් නගරවලට මේක ව්‍යාප්ත කරන්න පුළුවන් වුණොත් නිතර එහේ මෙහේ යන්න ත‍්‍රීවීල්, කැබ් හොයන ගොඩක් දෙනකුගේ ජීවිත තවත් පහසු කරන්න පික් මී එකට පුළුවන් වෙයි.


TIP

Cabs seem to get a bit busy around school time and when it's rainy.

Address

Colombo

Directions

Available from the Google Play and Apple App Store

Contacts

Website Facebook

Report Inaccuracy

Open Roughly 24 hours

Similar Places

User Reviews
U
1

5/5

0

uk_boy

What a great way to travel around the country. Safe and reliable. Great technology, well done to local talent.

S
1

2/5

-1

Sinthu85

I had only bad experience with the most of the pickme drivers. On two occasions they pretend like their phone didn’t show the amount I was not that stupid that I can’t read English it actually said press to see the price he said his pickme system didn’t work. The other driver switched of and said his system didn’t work. So there is no safety at all I can’t even share when they switch of the phone really Won’t recommend I paid what they asked and gave a good review not trustworthy some off them where good and friendly trust me not many just money matters.

Avatar for Eat Street Sri Lanka
2

2/5

-1

Eat Street Sri Lanka

I dont like the service and how they talk obviously 🙄

U
1

5/5

0

uk_boy

What a great way to travel around the country. Safe and reliable. Great technology, well done to local talent.

S
1

2/5

-1

Sinthu85

I had only bad experience with the most of the pickme drivers. On two occasions they pretend like their phone didn’t show the amount I was not that stupid that I can’t read English it actually said press to see the price he said his pickme system didn’t work. The other driver switched of and said his system didn’t work. So there is no safety at all I can’t even share when they switch of the phone really Won’t recommend I paid what they asked and gave a good review not trustworthy some off them where good and friendly trust me not many just money matters.

Avatar for Eat Street Sri Lanka
2

2/5

-1

Eat Street Sri Lanka

I dont like the service and how they talk obviously 🙄

R
1

4/5

1

randyjhones

@SanSen
If you left the phone in the tuk tuk its you being absent minded and if the driver came all the way to give you the phone then you have to thank him and pay money for coming all the way. Its your fault and you blaim pick me? The story doesnt sound fair.

Pickme safety got nothing to do with being absent minded. While travelling if he threatned then there is a breach of safety policy. But you told the tuk tuk driver to come and return the phone. You shouldve visited him and collected the phone in the first place.

S
1

1/5

-1

sam sen

i left my phone in the tuk and the driver when finally came back to return the phone after idling us the whole day threatened me to pay him unreasonable amount of money. the headquarters did nothing about the complaint. so called safety

G
1

1/5

0

geeth456

useless and poor drivers

See 39 Comments