Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Pigeon Island Beach Resort

11th Milepost, Nilaveli, Trincomalee


If you want to get away from the more crowded Nilaveli Beach Resort and have a decent, affordable meal, Pigeon Island Beach Resort is a good spot. It had a great owner (RIP) and continues to have good, hospitable staff.



මම මුලින්ම පිජන් අයිලන්ඩ් බීච් රිසෝට් එකට ගියේ ඒක විවෘත කරන්නත් කලින් අහම්බෙන් හමුවුන ඒකෙ අයිතිකාර නයිජල් කුමරස්වාමිත් එක්ක හෙලිටුවර්ස් හෙලිකොප්ටර් සවරියකදී. අපිට ගුවන්තොටුපොළෙන් යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නයිජල් අපිව ගුවන්තොටුපොළෙන් එක්ක ගියා විතරක් නෙවෙයි එයාගේ බෝට්ටුවත් දුන්නා පිජන් අයිලන්ඩ් එකට යන්න. ඒ විතරක් නෙවෙයි අපිට පොකිරිස්සෝ එක්ක දිවා ආහාරයකුත් දුන්නා අපි ආපහු ආවට පස්සේ. එයා හරිම හොඳ කෙනෙක් වගේම රසවත් පුද්ගලයෙක්. මම ගොඩක් කණගාටු වුණා එයා මේ අවුරුද්දේ ජූලි මාසේ මියගියා කිව්වම.

පිජන් අයිලන්ඩ් බීච් රිසෝට් කියන්නේ නිලාවේලි වල තියෙන අලුත්ම හෝටල් වලින් එකක් වගේම වැඩිම මහන්සියෙන් වැඩකරන එකක්. අපි එහෙ ගියා කෑම වේලකට. කෑම රසයි වගේම මිල දරාගන්නත් පුළුවන්. ඒ වගේම හොඳින් සේවාව සැලසුවා.

හෝටලය

මේ හෝටලයේ කාමර 38ක් තියෙනවා. ඒවාට මුහුණලා තියෙන්නේ මිදුල සහ තටාකයයි. මුහුද නෙවෙයි. හෝටලය පිහිටලා තියෙන්නේ පටු ඉඩමක. ඒ නිසා මුහුද පැත්ත තියෙන්නෙත් ටිකයි. හැබැයි මෙයාලා ඒ ටිකෙන් ගොඩක් වැඩ අරගෙන තියෙනවා. ඉඩමේ තියෙන හොඳම දේ තමයි ඒක පිහිටලා තියෙන්නේ හරියටම පරෙවි දූපතට මුහුණලා. පරෙවි දුපත කියන්නේ ලස්සන, කොරල් වලින් හැදුන වෙරළෙන් එහා තියෙන දූපතක්. ඒකට බලන්න යන්නම වටිනවා. (කරුණාකරලා කොරල් පාගන්න එපා.)

කාමර වල මිල ඇමෙරිකානු ඩොලර් 60 සිට 300 දක්වා ( රු. 8,000 සිට 40,000 දක්වා) පරාසයක වෙනවා. කාමර මිල වෙනස් වෙන්නේ කාමරයේ පිහිටීම මත සහ සංචාරක කාලය අනුව. අපිට පෙනුන විදිහට නම් ඒක පවුල් සඳහා වූ හෝටලයක් වගේ. තටාකයේ ගොඩක් ළමයින් හිටියා.

කෑම

කෑම වේලක් සඳහා මෙහාට එනවනම් අපි නිර්දේශ කරන්නේ බුෆේ එක. හැබැයි සෙට් මෙනූ එකත් ගොඩක් හොඳයි. ගොඩක් හෝටල වගේ නෙවෙයි මෙහෙ මුද්‍රණය කළ මෙනූ එකේ සේවා ගාස්තු සහ බදු සඳහා යන මුදල් ප්‍රමාණයත් දක්වා තියෙනවා වගේම ඒවා බොහොම සාධාරණ ගණන්. සේවාව හරිම හොඳයි.

අපි කෑම වර්ග කිහිපයක් කෑවා. කදිම ස්පැගටි කාබෝනාරා (රු. 950), ටිකක් වැඩියෙන් පදම් කළ කකුළු කරි සමග බත් (රු. 1,000), නියම බේකන් සමග ක්ලබ් සැන්ඩ්විච් එකක් (රු. 650) සහ බර්ගර් (රු. 750) එකක්. ඒ වගේම හරිම ෂෝක් තක්කාලි සුප් එකක්. සේවා සහ බදු සඳහා කෑම වේලකට 20%ක් එකතු වෙනවා. මේ ගණන් සාධාරණයි වගේම ගෙවපු මුදලට වටිනවා.

සේවාව

මෙහෙ සේවාව අති විශිෂ්ටයි. ගොඩක් හෝටල් ඔබ ඒවායෙහි නවතින්නේ නැතුව කන්න විතරක් ආවොත් ඔබව කොන් කරාවි. ඒත් මෙහෙ එහෙම නෑ. බොහොම සාදරයෙන් පිළිගන්නවා වගේම හොඳින් සේවාව සලසනවා. එයාලා නියම හැඳි, ගෑරුප්පු, පිහියා ආදිය සපයනවා. මෙනූ එක සම්බන්ධයෙන් වෘත්තීය විදියට ප්‍රශ්න අහලා හරියටම ඇණවුම් ගන්නවා. මේක ටිකක් දුර්ලභ දෙයක්. මේ හෝටලයේ කණ්ඩායමට ස්තුති කරන්න ඕනේ හැම දෙයක්ම හරියට කරන එකට.

නිගමනය

සෙනග පිරුණ නිලාවේලි බීච් රිසෝට් එකෙන් ඈත්වෙලා, කදිම දරාගත හැකි මිලකට එන කෑම වේලක් කාලා එන්න ඕනේ නම් පිජන් අයිලන්ඩ් බීච් රිසෝට් එක හොඳ තැනක්. ඒකට හිටියා කදිම අයිතිකාරයෙක්. (එයා සමාදානයේ සැතපෙන්න ඕනේ) එයා නැති වුණත් තවමත් හොඳ, ආගන්තුක සත්කාරයට කැමති කාර්යමණ්ඩලයක් ඉන්නවා.

TIP

They have a good buffet.

Address

11th Milepost, Nilaveli, Trincomalee

Directions

Take the road north out of Trinco town to Nilaveli. After the sign for Nilaveli Beach Resort you should see the Pigeon Island sign, it's around the 11th milepost. Turn right and then turn left as you get near the beach.

Contacts

Facebook

Report Inaccuracy

Open 24 hours (hotel)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment