3/5

Pinnawala Open Zoo

Kegalle - Rambukkana Rd, Rambukkana

  • Closed right now


Established in 2015, Pinnawala Open Zoo is a zoological garden in Sri Lanka. It's the first open-air zoo in Sri Lanka, and acts as an educational and conservation based visitor center.



ලංකාවට එන සංචාරකයන් විතරක් නෙවෙයි, දේශීය නරඹන්නන් පවා ඇද බැද තබාගන්න, අලින්ට ම වෙන්වුණු නිවහනක් වෙන පින්නවල අලි අනාථාගාරය ගැන අපි පහුගිය දවසක කතා කළා ඔයාලට මතක ඇති. අද අපි කියන්න යන්නේ මීට අවුරුදු දෙකකට, දෙකහමාරකට වගේ කලින් ඉදිවුණු පින්නවල විවෘත සත්වෝද්‍යානය ගැන.

පිහිටීම

Image Credits : nationalzoo.gov.lk

පින්නවල අලි අනාථාගාරයේ ඉඳලා ඇවිදින දුරින් තමයි මේ සත්වෝද්‍යානය තියෙන්නේ. ඒ කියන්නේ අනාථාගාරය පහු කරගෙන මීටර් 650ක් වගේ දුරක් රඹුක්කන කරඬුපොන පාර දිගේ එන්න ඕනේ. අක්කර 44ක භූමි භාගයක් පුරා පැතිරුණු මේ සත්වෝද්‍යානය බොහොමයක් දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙන වග, සතියේ දවස්වල පවා මේ පැත්තේ ඇදෙන සෙනඟ ප්‍රමාණයෙන් ඔප්පු වෙනවා. කොළඹ ඉඳලා වරුවෙන් ගිහින් එන්න පුළුවන් ගමනක් වීම, ඊට ප්‍රධාන ම හේතුවක්.

ඉතිහාසය

ලංකාවේ පළමුවෙනි විවෘත සත්වෝද්‍යානය විදියට නම් දරන්නේ පින්නවල සත්වෝද්‍යානයයි. මුලට ම හැදුණු දෙහිවල සත්වෝද්‍යානයේ ඇති වෙලා තියෙන ගැටලු මඟහැරීමේ පරමාර්ථයෙන් තමයි මේක ඉදි වුණේ. ඒ 2015 අවුරුද්දේ.

නැරඹීම්

රු.100ක් වගේ මුදලක් ගෙවලා දේශීය වැඩිහිටියන්ට මේ සත්වෝද්‍යානයට ඇතුල් වෙන්න ඇහැකි. දේශීය ළමා ටිකට්පතක මිල වෙන්නේ රු.30යි.

සත්වෝද්‍යානයට ඇතුල් වෙද්දි ම ගහලා තියෙන මේ සිතියමෙන්, සත්තු නරඹන්න තියෙන තැන් ගැන පොඩි අදහසක් ගන්න ඇහැකි. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ සත්වෝද්‍යානය කොටස් 15කට බෙදෙනවා. ඒත් ඕවයින් මේ වෙද්දී නරඹන්න පුළුවන්කම තියෙන්නේ කොටස් 9ක් විතරයි. අනික අපේ අත්දැකීමේ හැටියට නම්, මේ ගණන තව දුරටත් සීමා වෙනවා.

සුරතල් මළුව - 1

ටිකට් ගන්න කවුන්ටරය සමීපයේ තියෙන සුරතල් මළුවෙන් ඉබ්බන්, හාවන්, තාරාවන්, කුකුළන්, කළුකුමන් වගේ සත්තු දැකගන්න ඇහැකි.

සිතියමේ හැටියට නම් මෙතැන මොනරුත් ඉන්න ඕනේ. හැබැයි අපට නම් එකෙක්වත් දැකගන්න ලැබුණේ නැහැ. මේ අය අරහෙට මෙහෙට යන එන හැටි, කෑම ගන්න හැටි එහෙම මෙතැන දි බලාගන්න පුළුවන්.

හංස පොකුණ

ටිකට් කවුන්ටරේට වම් අත පැත්තෙන් තමයි හංස පොකුණ තියෙන්නේ. මේක බොහොම පොඩි පොකුණක්. කළු පාට සහ සුදු පාට හංසයන් ජෝඩුවක් වගේ මෙතැනදී දැකගන්න ලැබෙනවා.

මුව අරණ

මුව අරණ කියලා ගහපු බෝඩ් ලෑල්ලක් තිබුණට, අපට දැකගන්න පුළුවන් වුණේ පඳුරු කීපයක් විතරයි. මොකද අපි ගිය දවසේ මේ කොටස නවීකරණ කටයුත්තක් වෙනුවෙන් වහලා දාලා. සිතියමට අනූව නම් මෙතැන ගෝනා, ඕලු මුවා, මීමින්නා, තිත් මුවා සහ ගෝන මුවා යන අය නරඹන්න ඇහැකි.

කිඹුල් අරණ

පින්නවල සත්වෝද්‍යානයේ තියෙන එක් විශේෂත්වයක් තමයි සත්තුන්ව නරඹන ගමන් ඔවුන් ගැන හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් විදියට ඉඩකඩ සලස්වලා තියෙන එක. මේ කිඹුල් අරණ පටන්ගන්න තැන තියෙන knowledge centre එකත් ඒ වගේ. ලංකාවේ ඉන්න කිඹුලන් වර්ග, උන්ගේ පරිසර පද්ධති, ව්‍යාප්තිය, වගේ ම සජීවී ඇටකටුත් මෙතැන ප්‍රදර්ශනය කරලා තියෙනවා.

ඉන්පස්සේ පොඩි පොකුණක් මැද්දෙන් වැටිලා තියෙන පාලම උඩින් යන ගමන් කිඹුලන් ව දැක බලාගන්න පුළුවන්. හැල කිඹුලා සහ ගැට කිඹුලා මේ පොකුණේ ඉන්නවා.

දිවි අරණ

අඩි කීපයේ කූඩුවල හිරවෙලා ඉන්න කොටි වෙනුවට, ගස්, කොළන් හොඳින් වැවුණු විශාල ඉඩමක දිවි ගෙවන කොටියන් අපට පින්නවල සත්වෝද්‍යානයේදී දැකගන්න ලැබුණා. දිවි අරණට ඇතුල් වෙන තැනත්, කිඹුල් අරණේ විදියට ම knowledge centre එකක් මුණගැහෙනවා.

Image Source : nationalzoo.gov.lk

සංචාරකයන් බොහොමයකට එක වෙලාවේ මේ කොටියන් ව නරඹන්න පුළුවන් විදියට ඉඩකඩත් සපයා තිබීම විශේෂත්වයක්. අවාසනාවකට වගේ අපි යද්දී කොටියන් හැමෝම දවල් කෑම කාලා, කැලෑව අස්සේ හැංගිලා නිදි. ඒ නිසා හරි ඇති පින්තූරයක්වත් ගන්න වුණේ නැහැ. හැබැයි ඊට පොඩ්ඩක් එහායින් තිබුණු යකඩ කූඩුව ඇතුළේ උන්නු කොටි දෙන්නා නම් අරහෙට මෙහෙට පෙරළිලා පොඩි දාංගලයක් දැම්මා.

වලස් අරණ

වලස්සුන්ට නම් කොටියන්ට තරම් ඉඩකඩ ඇති තැනක් ලැබිලා නැහැ. ඒත් දෙහිවලට වඩා ඉඩකඩ සපයලා තියෙනවා. පේන්නේ නෑ, කාලා කාලා බුදියගෙන ඉන්න හැටි. මෙතැන තියෙන knowledge centre එකෙන් වලස්සුන්ගේ වගතුග ගැන ඇති තරමට දැනගන්න ඇහැකි.

මේ තැන් ටික හැරුණා ම, සිතියමේ දක්වලා තියෙන විදියට නම් පෝනියා, බූරුවා, පෙලිකන්, වගේ සත්තුත් පින්නවල සත්වෝද්‍යානයෙන් නරඹන්න පුළුවන්. හැබැයි අපට ඒ අයව දැකගන්න ලැබුණෙත් නැහැ. ඒ වගේ ම, වානර දූපත, උභයජීවී සහ උරග දූපත, කුරුලු උයන, සමනල උයන සහ සුරතල් මළුව - 2 වශයෙන් කොටස් කීපයක් මේ වෙද්දීත් සැකසෙමින් පවතිනවා.

අවසාන වශයෙන්

සත්තුන්ට විශාල කලාපයක නිදහසේ සැරිසරන්න අවස්ථාව ලබා දීම, නරඹන්නන්ටත් පහසුවෙන් සතුන්ගේ හැසිරීම් ,ඉරියව් දැක ගැනීමට අවස්ථාව උදා කිරීම වගේ ම සත්තු සම්බන්ධයෙන් ඔවුන්ට හොඳ දැනුමක් ලබාදීම කියන අරමුණු ඔස්සේ තමයි මේ පින්නවල සත්වෝද්‍යානය ඉදි කරලා තියෙන්නේ. හැබැයි මේක තව සෑහෙන්න දියුණු වෙන්න ඕනේ. මොකද දුර බැහැර ඉඳලා ඇවිල්ලත් අපට දැකගන්න ලැබුණේ හරි ම සීමිත සතුන් ගණනක්. ඉතින් විදේශිකයන්ට ඒ ගැන ඇති වෙන කලකිරීම ගැන අහන්නත් දෙයක් නැහැනේ. හැබැයි තව අවුරුද්දකින් හමාරකින් මේකේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන් ඉවරයක් වුණා ම, මීට වඩා හොඳ අත්දැකීමක් මෙයින් ලබාගන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

Kegalle - Rambukkana Rd, Rambukkana

Contacts

Website

Report Inaccuracy

Closed right now

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment