Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Pinthaliya (Ambalama Leisure Restaurant)

Avissawella Road, Hanwella

Pinthaliya is a resto adjoining the popular Ambalama Leisure Restaurant in Hanwella.

“ඒ අම්බලමෙන් බැහැලා මොනවහරි කාලා යං බං. තව පැය දෙක තුනකට කොළඹට යාගන්න වෙන්නේ නෑ මේ වැස්සයි, ට්‍රැෆික් එකයි එක්ක.”

පහුගිය දවසක ඇඹිලිපිටියේ වෙඩින් එකකට ගියපු අපේ කට්ටියට කොළඹ හරියට කිට්ටු වෙද්දී පට්ට ම බඩගිනියි. මොකද කාර් එකක් අස්සේ හිරවෙලා ඉඳපු මහන්සිය විතරක් නම් මදැයි, නා කපන වැස්ස නිසා තවත් බඩගින්න වැඩියි. ඔන්න ඔය නිසා ම කට්ටිය කතා වෙලා අම්බලම ලෙෂර් ලෞන්ජ් එකට ගොඩවෙන්න තීරණය කළා.

තැන

කොළඹ - අවිස්සාවේල්ල පාර දිගේ යන එන ඕනේ ම කෙනෙක්ට, හංවැල්ල හරියේ පාස් වෙන අම්බලම ලෙෂර් ලෞන්ජ් එක අමුතු දෙයක් නෙවෙයි. හොටෙල් එකක් විදියට වගේ ම මේකේ රෙස්ටෝරන්ට් එකත් බොහොම ප්‍රසිද්ධයි.

රෙස්ටෝරන්ට් එකේ සෑහෙන්න ඉඩකඩක් තියෙනවා. එක සැරේ 30 දෙනෙක්ට විතර මෙතැන වාඩිවෙන්න ඇහැකි. බාර් එක තියෙන්නෙත් එතැනින් ම ඇතුළට ගියම. ඒ වගේ ම රෙස්ටෝරන්ට් එකේ අනිත් පැත්තේ තියෙන පොඩි පාලමෙන් එගොඩට ගියා ම පොඩි හට් එකක් තියෙනවා. එතැනත් වඩාත් සුදුසු ඩ්‍රින්ක් එකක් ගන්න එන අයට තමයි.

කෑම බීම

කෑම නම් තොගයක් ම තියෙනවා මෙතැන. නූඩ්ල්ස්, රයිස්, කරි වර්ග, සැන්විච්, ඊළඟට බාබෙකියු පවා මේ කට්ටියගේ මෙනුවේ අන්තර්ගතයි. හැබැයි බාබෙකියු ගන්න ඕනේ නම් 7න් පස්සේ වගේ යන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අපි මෙතැනට ගොඩ වැදුණේ 6ට වගේ. ඒ නිසා ලොකු කෑමක් කන්න මූඩ් එකක් අපට තිබුණේ නැහැ. ඒක නිසා අපි ගත්තා Ambalama Club Sandwich (රු.450) එකකුයි, Chicken Sandwich (රු.350) එකකුයි, Pasta Puttanesca (Rs. 600). නිදිමත යවාගන්නත් එක්ක කට්ටියම එක්ක තේ කෝප්ප (එකක් රු.40) ටිකකුත් ඕඩර් කළා.

ක්ලබ් සැන්විච් එක මාර ෆිලින්. මොකද මේක හදලා තිබුණේ පාන් පෙති අතරට බිත්තර, චීස්, සහ චිකන් එකතු කරලනේ. ඒ විතරක් නෙවෙයි රවුමට කපපු ලූනුත් දාලා තිබුණා. ලෝබ නැතුව ඕවා සේරම එක්කාසු කරලා හදපු නිසා මේකේ රසත් හොඳයි. බඩත් පිරෙනවා. මේකත් එක්ක ආව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකත් වරදක් නැහැ. හොඳට ක්‍රිස්පි ගතියට තිබුණා වගේ ම, ලුණු රසත් ගානට.

චිකන් සැන්විච් එක ශේප්. චිකන් එකේ ඒ හැටි ෆ්ලෙවර් එකක් නැතත්, සැන්විච් එකට එකතු කරපු ගම්මිරිස්, ලුණු සහ මයෝනිස් නිසා පොඩි රසක් ඇවිල්ලා තිබුණා. හැබැයි පාන් එක පොඩ්ඩක් ග්‍රිල් කරලවත් නැහැ. නිකන්ම නිකන් කඩෙන් ගන්න සැන්විච් පාන් එකකට චිකන් ටිකක් එකතු වුණා ම මෙච්චර ගාණක් ගන්නේ ඇයි කියන එක අපටත් ප්‍රශ්නයක්.

අනේ! පැස්ටා එක අන්තිම සවුත්තුයි. හරියට නිකන් ගෙදර ආසාවට හදපු පැස්ටා එකක් වගේ. ඔහේ තම්බපු පැස්ටා එකකට මැරිනාරා සෝස් දාලා, උඩින් චීස් පෙත්තක් තියලා. තව ඔලිව් කෑලි දෙක තුනකුත් තිබුණා. සාමාන්‍යයෙන් Pasta Puttanesca කියන්නේ වෙජිටේරියන් අයට කැමැත්තෙන් කන්න පුළුවන් රස වෑහෙන කෑමක්. මොකද මස් මාළුවල රසවල් නොදැනෙන විදියට එළවළු යහමින් මේකට දානවනේ. හැබැයි මේකේ එන්නේ පිටි සහ සෝස් රස විතරයි. හරි ම අපරාදයක්.

සර්විස් එක

සර්විස් එකේ අවුලක් නැහැ. ස්ටාෆ් එකේ අය හරි ම සුහදශීලියි. අපේ කෑම බීම ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 15ක වගේ කාලයක්.

අවසාන වශයෙන්

හංවැල්ල පැත්තෙන් යන එන වෙලාවක බඩගින්නක් ආවොත් යන්න පුළුවන් තැනක් තමයි මේක. කෑමවල කියන්න තරම් අමුතු හොඳක් නැතත්, බඩ පිරෙන්න කන්න පුළුවන්නේ.

Similar Places

User Reviews
C
1

1/5

0

Chanuka

We were on the way home after a long day, and went in for lunch…
We went to sit to order from ala carte menu…suddenyl a manager comes and saying we cant sit here and move to the bar area…
So me and my wife moved to the said area, waiter comes in…gives 01 menu…
I asked him about few pasta dishes and rice dishes, he dsnt seems like what the hell he is talking…not polite at all…we ordered mix fried rice, and a pasta bolognese….it tool about 50mins for them to bring it… and when they brought it, the rice was cold as it was inside the fridge… even though in the mixed rice we were suppose to get all meats n seafood i only tasted seafood… no chicken no pork no cuttlefish at all…Pasta was ok but less salty…however we wanted to finish soon since we were at the bar area and Kudda buggers were coming in for the daily liquor shot…
However we havnt even finished half of our dishes so i asked the waiter to get these 2 dishes packed as takeway… he qsked me why? I said why not? He went to kitchen i think…i.badly wanted to leave soon, so went to the cahier to pay…while i was waiting this waiter comes and gives me a a brown paper bag to my hand, i was shocked…it was the rice which i had and it was jst put to a lunch sheet, and put in the brown paper bag…and when asked why there is no pork n chickem he is saying what do u expect sir? We only put abt 2 or 3pieces…i said look if we wanted to hav 2 or 3 pieces in a 800rs rice we wouldnt have come here in the 1st place…and he has not put the pasta to the bag even the rice it wasnt the full thing which i left…it was like something you give for a begger…there is a way you give the food packed to the client right ?
Bloody waiter is like we are eating from his money…worst experience i hav had in my whole life…worst staff, worst attitude, worst ambiance, not qorth the wait at all…would never recommend any1 to go to this shitty place….

See 1 Comment