Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

Popeyes Sri Lanka

282 Galle Rd, Dehiwala-Mount Lavinia


Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.



Popeyes Sri Lanka; මේක තමයි ලංකාවට ඇවිල්ලා තියෙන අලුත් ම ඇමරිකන් ෆ්‍රැන්චයිස් රෙස්ටෝරන්ට් එක. මෙයාලාගේ ස්පෙෂල්ටි එක තමයි ෆ්‍රයිඩ් චිකන්. ඉතින් ලෝකේ වටේ ම තියෙන Popeyes බ්‍රාන්ච් අතරට ලංකාවේ, ගල්කිස්සේ Glomark එකේ බේස්මන්ට් එකේ තියෙන Popeyes බ්‍රාන්ච් එකත් එකතුවෙලා තවම මාසයක්වත් නැහැ. අපි මෙතැනට ගොඩ වැඩුණේ ඒක ඕපන් කරලා සතියක් යන්නත් කලින්. 

තැන සහ සේවාව 

මෙතැන ඇත්තට ම ලොකු ඉඩකඩක් නැහැ. ශේප් එකේ 30කට විතර එක සැරේ වාඩි වෙන්න පුළුවන්. පටන්ගත්ත අලුත ම නිසාදෝ හෝ සෙනඟ නැති වෙලාවක් නෑ. අපි මේ ෆොටෝ එක ගත්තේ වරුවක් අරහෙට මෙහෙට වෙවී ඉඳලා. තැඹිලි, සුදු සහ කළු පාටවල්වලින් යන තීම් එකක් තමයි තියෙන්නේ. 

සර්විස් එක ගොඩක් හොඳයි. පළමු වතාවට එන කෙනෙක් ට වුණත් බොහොම සුහදශීලී විදියට කෑම ඔප්ෂන් ගැන කියලා දෙන්න ස්ටාෆ් එක සූදානම්. අනික කෑම පිළියෙල වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ජාති ගොඩක් ගත්තත් අපේ ඕඩර් එක ආවේ විනාඩි 5ක් යන්නත් කලින්. 

කෑම බීම 

කිව්වත් වගේ මෙයාලා හදන්නේ ෆ්‍රයිඩ් චිකන් බේස් කරගත්ත කෑම. බර්ගර්ස්, වින්ග්ස්, පොප්කෝන් චිකන්, බත් ආදී වශයෙන් කෑම වර්ග තියෙනවා දැකගන්න පුළුවන්. ඒ හැරුණා ම සීෆුඩ් ඔප්ෂන් කීපයකුත් තියෙනවා.

Regular Classic Chicken Sandwich Combo (රු. 900) එකට ක්ලැසික් බර්ගර් එකයි, ෆ්‍රයිස් පෝෂන් එකයි, සොෆ්ට් ඩ්‍රින්ක් එකකුයි ලැබෙනවා. මේ බර්ගර් එක බොහොම සිම්පල්. ෆ්‍රයිඩ් චිකන් ෆිලට් එකයි, මයෝනිස් සහ සුකිනි පෙති කීයක් තමයි තියෙන්නේ. ඒත් රස හොඳයි. විශේෂයෙන් ම චිකන් එක බොහොම ක්‍රිස්පි. බැටර් එක ගොඩක් තුනීවට දාලා තියෙන නිසා චිකන් රස හොඳට එනවා. ෆ්‍රෙෂ් චිකන් ම පාවිච්චි කරලා තියෙන හින්දා ජුයිසි ගතියත් හොඳට ම තියෙනවා. 

ඔය ඔක්කොටමත් වැඩිය රස මේකේ බන් එක. පුදුම බටර් සුවඳක්නේ තිබුණේ. බටර් රසිනුත් අනූනයි.

කේජන් ස්ටයිල් එකට සීසනින් කරලා තිබුණ ෆ්‍රයිස් ටිකත් රසට තිබුණා.

Spicy Signature Chicken (රු. 580, කෑලි 2ක්) එක ලංකාවේ අපේ රසට කිට්ටුවෙන් යන එකක්. ගොඩක් ම ස්පයිසි නැහැ හැබැයි. චිකන් ස්පයිසස්වල දවටලා බදිනකොට කළු ගැහෙන ගතියක් තියෙනවනේ. ඉතින් ඒක බැලන්ස් කරන්න ඕනේ නිසා තමයි පොඩි ස්පයිසස් ප්‍රමාණයක් දාන්නේ. කොහොම වුණත් කලින් චිකන් එකේ ක්‍රිස්පි ගතිය මේකෙනුත් දැකගන්න ලැබුණා. 

මේ තියෙන්නේ Peri Peri Wings (රු. 340, කෑලි 4ක්). මේක කලින් එකට වැඩිය ස්පයිසි, ඒ වගේ ම ස්මෝකි. අනික හරි ම බ්‍රයිට් කලර් එකක් තිබුණේ.

Classic Rice With Grilled Chicken (රු. 450) එකට එන්නේ සීසන් කරපු කහ පාට බතයි, ග්‍රිල් කරපු චිකන් කෑල්ලයි, ලූණු සම්බෝලයයි, හොදි පොඩ්ඩයි. මේ හොද්ද තමයි නැගල ම ගියේ. හරියට නිකන් අඩුම කුඩුම යහමින් දාලා හදපු මට්න් කරියක හොද්ද වගේ. ලූණු සම්බෝලෙන් හොඳ පෙපරි කික් එකක් ආවා. ඇතුල් පැත්තෙන් බොහොම සොෆ්ට් ටෙක්ස්චර් එකකුත් එක්ක,  චිකන් එකත් හොඳ ම කොලිටියට තිබුණා. සීසනින් එකත් පට්ට.  

බීම මෙනුවෙන් අපි ගත්තේ Virgin Mojito (රු. 220) එකයි, Iced Milo (රු. 260) එකයි. 

දෙකම අවුලක් වුණේ නැහැ. මොහීටෝ එකේ ලෙමන් රස දැනුණේ ටිකක් අඩුවෙන් හැබැයි. ඒත් රිෆ්රෙෂින් ගතිය නියමෙට ම තිබුණා. අයිස්ඩ් මයිලෝ එකට තව මයිලෝ හැන්දක් දෙකක් වැටුණා නම් තමයි තවත් රස වෙන්නේ. 

අවසාන වශයෙන් 

ඕපන් කරලා වැඩි කාලයක් නැතත්, Popeyes එක දැනටමත් සෑහෙන්න ජනප්‍රිය වගක් තමයි පෙන්න තියෙන්නේ. කෑම බීමවලත්  ලොකු අවුලක් අපට පෙනුණේ නැහැ. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment