Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

3/5

Quick Thai (Battaramulla)

424A, Pannipitiya Road, Pelawatta.


Quick Thai serves up a range of affordable Thai dishes that are low on refinement, yet big on taste, from its modest, but elegant Pelawatta premises.



පුංචි වැහි පොදක් වැටෙන හැන්දෑවක සීතල ගතිය මැකෙන්නත් එක්ක කටට රසට කෑම ටිකක් කන්න තියෙන අවන්හලක් ගැන මතක් කර කර ඉන්න කොට තමයි මට පැලවත්තෙ ක්වික් තායි අවන්හල මතක් වුණේ. ඉතින් තව යාළුවෙක් එක්ක හැන්දෑවේ හතට විතර මම මේ අවන්හලට ගොඩ වුණා‍.

වාතාවරණය

බත්තරමුල්ල, පන්නිපිටිය ප‍්‍රධාන පාරේ බත්තරමුල්ල පැත්තෙ ඉඳන් එනකොට වම් අත පැත්තෙ ඒ කියන්නේ හරියටම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉස්සරහ තමයි මේ අවන්හල පිහිටලා තියෙන්නේ. ප‍්‍රධාන පාරවල් අයිනෙ තියෙන ගොඩක් අවන්හල්වල වගේම මේ අවන්හලෙත් ලොකු වාහන නවත්වන අංගනයක් නම් නෑ. ඒත් ඉස්සරහ තියෙන පුංචි ඉඩේ බිමට ගල් අල්ලලා දෙපැත්ත සිමෙන්ති වලින් හදපු එක එක හැඩේ මල් පෝච්චි තියල හරිම ලස්සනට හදලා තිබුණා. අවන්හලේ ඉස්සරහ කොටස වීදුරු බිත්ති වලින් හදලා තියෙන නිසා ඇතුලේ තියෙන තායිලන්ත සැරසිලි ටිකක් පාරට හොඳට පේනවා. ඒ නිසාම ද කොහෙද අවන්හල ඇතුලට යනකොට ඇත්තටම තායිලන්තෙ තියෙන අවන්හලකට යනවා වගේ තමයි දැනෙන්න.

ක්වික් තායි අවන්හලේ තට්ටු දෙකක් තියෙනවා. ලීයෙන් හදපු මේස දාලා විසි දෙනෙක්ට විතර එකපාර වාඩි වෙන්න ඉඩ හදලා තියෙන පල්ලහා තට්ටුවේ භෝජනාගාරයට කෙලින්ම පේන්නෙ අවන්හලේ මුළුතැන්ගේ. මේ අවන්හලේ කෑම හදන්නේ මුළු මනින්ම තායිලන්ත සූපවේදීන්. එයාලා සුදු පාට නිළ ඇඳුම් ඇඳගෙන උස තොප්පි දාලා මුළුතැන්ගේ ඇතුලෙ ගජරාමෙට වැඩ. සමහර අවන්හල්වල වගේ ක්වික් තායි අවන්හලේ හැංගි හොරා වැඩ නෑ. ඇතුලතත් හරිම පිළිවෙලයි වගේම පිරිසිදු කමෙනුත් උපරිමයි. සේවක මඩුල්ලත් අවන්හලට එන හැමෝටම ‘‘ගුඩ් ඊවිනින් සර්’’ කියලා පිළි අරන් මෙනුවකුත් අතට දීලා මෙනුවෙ තියෙන කෑම වර්ග තෝරන්නත් උදව් වෙනවා. එළිය තරමක් අඩු විදුලි බුබුළු දාලා ලස්සන තායිලන්ත සැරසිලි එල්ලා හදලා තියෙන භෝජනාගාරය දැක්කාම නම් අපි දෙන්නට හරිම සතුටු හිතුණා.

‘‘මචං අපි උඩට ගිහින් කමුද?’’ මම යාළුවගෙන් ඇහුවා. ඊට පස්සේ අපට උදව් කරන්න ආපු සේවක මහත්මයත් එක්ක අපි උඩ තට්ටුවට ගියා. එතනත් පල්ලහ තට්ටුව වගේමයි. වෙනසකට කියල තිබ්බෙ ලී බංකු වෙනුවට කුෂන් පුටු දාලා තිබුණ එක. පුංචි බැල්කනියකුත් තියෙන උඩ තට්ටුව නම් යුවලකට නිදහසේ කෑම කන්න නියම තැනක්.

ආහාර සහ සේවාව

ඔන්න ඉතිං යාළුවයි මමයි මෙනුව අතට අරන් රෑ කෑමට ඇණවුම් කරන්න දෙයක් තෝරන්න පටන් ගත්තා. මේ අවන්හලේ නූඩ්ල්ස් වර්ග හරිම රසයි කියලා මීට කලින් මම අහල තිබුණ නිසා ටිකක් හොයලා බලලා ඌරු මස් නූඩ්ල්ස් (pork fried glass noodles | රු.650) එකක් ගේන්න කිව්වා. යාළුවට බත් කන්න ඕන කිව්ව නිසා එයා නම් ඇණවුම් කළේ මිරිස් සොස් දාපු තායි මුහුදු ආහාර ෆ්‍රයිඩ් රයිස් (thai chili sauce seafood fried rice | රු.700) එකක්. ඒකත් එක්කම රට කජුයි තම්බපු බිත්තරයි දාපු ව්‍යංජන (red curry with boiled eggs sprinkled with peanuts | රු. 610) එකකුත් ගේන්න කිව්වා. රෑ කෑම කාලා අතුරු පස කන්න අපි එච්චර කැමති නැති නිසා දෙහි, මිංචි යුෂ බීම එකකුයි, දෙහි යුෂ, සෝඩා බීම එකකුයි ඇණවුම් කළේ අපිට කන ගමන්ම බොන්න.

උඩ තට්ටුවේ අපි හැරෙන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා ඇණවුම් කරපු කෑම ටික එනකම් යාළුවයි මායි පොඩි කතාවක් දාගෙන නිදහසේ එහා මෙහා ඇවිද්දා. විනාඩි දහයක් විතර යනකොට මුලින්ම අපේ මේසෙට ආවෙ දෙහි, මිංචි යුෂ බීම එකයි දෙයි යුෂ, සෝඩා බීම එකයි. මම ඇණවුම් කරපු දෙහි, මිංචි යුෂ බීම එකේ දෙහි රස නම් ටිකක් අඩුයි. ඇත්තටම මම ඊට වඩා හොඳ දෙහි රසක් බලාපොරොත්තු වුණා. මිංචි කොළ එකතු කරලා තිබුණෙත් ටිකක් අඩුවෙන්. ඒක නිසා දෙහි රස මැද්දෙන් කටට දැනෙන සීතල ගතියත් ගොඩක් අඩුයි. යාළුවගේ දෙහි යුෂ, සෝඩා බීම එකෙත් ලොකු වෙනසක් නම් තිබුණේ නෑ. මේ බීම දෙකම පොදුවේ ගත්තාම වතුර ගතිය නම් ටිකක් වැඩියි කියලා තමයි මට හිතුනේ. කොහොම හරි බීම දෙක පැත්තකින් තියලා ඒ වෙනකොටත් මේසේට ඇවිල්ලා තිබුණ පෝර්ක් ෆ්‍රයිඩ් ග්ලාස් නූඩ්ල්ස් එක මම අතට ගත්තා. අපිට ඕන රස හදාගන්න පුංචි භාජන වල දාපු චිලී පේස්ට්, සෝස්, අමු මිරිස් සෝස් වගේම ගම්මිරිස් සෝස් ටිකකුත් නූඩ්ල්ස් එකත් එක්කම ඇවිල්ලා තිබුණා.

නමේ තියෙනව වගේම නූඩ්ල්ස් එක නම් වීදුරු වගේ විනිවිද පේනවා. හරිම සැහැල්ලුයි. පොඩි ප‍්‍රශ්නයකට කියලා තිබුණේ ගෑරප්පුවෙන් නූඩ්ල්ස් ගන්න කොට එකපාර ගොඩක් එකට ඇලිලා එන එක තමයි. ඒ කියන්නේ මේ නූඩ්ල්ස් ටිකක් දිගයි. කලවම් කරලා තිබුණ බැදපු ඌරුමස් කෑලි, කෝර්න්, ලීක්ස් නිසා නූඩ්ල්ස් එකට ආවේණික තායිලන්ත රසකුත් හොඳට දැනෙනවා. එකට ඇලිලා එන නූඩ්ල්ස් හැන්දෙන් වෙන් කරලා ඌරුමස් කෑල්ලකුත් ගෑරප්පුවට අරගෙන කටට දාගත්ත මම හෙමිහිට නූඩ්ල්ස් එකේ රස බලන්න පටන් ගත්තා. මේ අතරේ තමයි යාළුවට ඇණවුම් කරපු චිලී සෝස් සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි රෙඩ් කරි විත් බොයිල්ඩ් එග්ස් ස්ප්‍රින්කල්ඩ් විත් පීනට්ස් එකයි මේසෙට ආවේ. සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකට බොයිල්ඩ් එග්ස් ස්ප්‍රින්කල්ඩ් එකෙන් ටිකකුත් දාගෙන යාළුවත් වැඩේ පටන් ගත්තා.

ලොකු බඩගින්නක හිටපු අපි දෙන්නා මේසේට ආව කෑම වල සුවඳට පිස්සු වැටිලා වගේ කාගෙන කාගෙන යනවා. කතා බහත් නතර වෙලා.

නූඩ්ල්ස් ඒකේ තිබුණ ඌරුමස් කෑලි නම් තෙල් ගතිය ගොඩක් අඩුවෙන්න බැදලා තිබුණා. චීන කෑම සුවඳක් අතරින් එන පුංචි ලුණු රසක් තිබුණ මේ නූඩ්ල්ස් එකේ සැරගතිය නම් ගොඩක්ම අඩුයි. ඉතින් නූඩ්ල්ස් එකේ සැර ගතිය හදාගන්න මම චිලී පේස්ට් ටිකකුයි අමු මිරිස් සෝස් ටිකකුයි එකතු කර ගත්තා. යාළුවට ගෙනාපු රෙඩ් කරි විත් බොයිල්ඩ් එග්ස් ස්ප්‍රින්කල්ඩ් විත් පීනට්ස් එකේ හොදි ටිකකුත් එකතු කර ගත්තාම නම් අපිට හුරු පුරුදු කුළු බඩු රස මිශ‍්‍ර කිරි රසක් නූඩ්ල්ස් එකේ හදාගන්න මට පුළුවන් වුණා.

යාළුවට ගෙනාපු චිලී සෝස් සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකෙත් රස බලන්න මට හිතුන නිසා යාළුවට නූඩ්ල්ස් ටිකක් දීලා සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකෙන් හැඳි දෙක තුනක් මගේ පිඟානට දාගත්තා. තායිලන්ත කෑම වලට ආවේණික අඩු සැර ගතිය නූඩ්ල්ස් එකේ වගේම සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකෙත් තිබුණා. බොයිල්ඩ් එග්ස් ස්ප්‍රින්කල්ඩ් එකෙන් එන කුළු බඩු රස මිශ‍්‍ර කිරි රසත් එක්ක බත් එකේ තියෙන බැදපු ඉස්සෙක් හැපෙන කොට දැනෙන රස නම් නියමයි. බැදපු ඉස්සෝ, දැල්ලෝ, මාළු, හාල්මැස්සො වගේම කෝන්, ළූණු, බෝංචි, ලීක්ස් වගේ එළවළු වර්ගත් එකතු කරලා හදලා තිබුණ චිලී සෝස් සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකේ සැර ගතිය හදාගන්න යාළුවත් චිලී පේස්ට් නම් හොඳට එකතු කරලා.

හැබැයි යාළුවනේ ක්වික් තායි අවන්හලේ කෑම ප‍්‍රමාණයෙන් නම් ටිකක් ලොකුයි. අපි දෙන්නටත් ඒක තේරුණේ බඩ පැලෙන්න කාලා ඉවර උනාට පස්සෙත් පිඟානෙ කෑම ටිකක් ඉතුරු වෙලා තියනව දැක්කාම.

බඩ කට පිරෙන්න කාලා ඉඳපු අපි දෙන්නා පුංචි වෙනසකටත් එක්ක කැපුචිනෝ කෝපි එකක් ඇණවුම් කලා. විනාඩි දෙක තුනක පුංචි කථා බහක් යන අතරෙ මේසෙට ආපු උණු කැපුචිනෝ එකට සීනි හැඳි දෙක තුනක් එකතු කලාම දැනුන පොඩි තිත්ත ගතිය එක්ක ආපු කැපුචිනෝ වලට ආවේණික කෝපි රස නම් නියමයි.

කෝපි එකත් බීලා ඉවර කරපු අපි දෙන්නා විනාඩි දහයක් විතර පොඩි කතාවක් දාගෙන ඉඳලා පැලවත්තෙ ක්වික් තායි අවන්හලෙන් එළියට බැස්සෙ ආයෙත් දවසක ඇවිල්ලා වෙනමම කෑම ජාතික ටිකක රස බලන්න හිතාගෙන.

අනුමිතිය

සුහදශීලි වගේම කාර්යශීලි කාර්ය මණ්ඩලයක් ඉන්න පැලවත්තෙ ක්වික් තායි අවන්හල නියම තායි ක‍්‍රමයට විතරක්ම හදන කෑම කන්න නම් කියාපු තැනක්. හැබැයි යාළුවනේ මෙතන තියෙන කෑම වර්ග සමහර අවන්හල්වල වගේ අපිට ඕන විදියට සැර අඩු වැඩි කරලා නම් හදලා දෙන්නේ නෑ. මොකද කෑම උයන්න ඉන්න තායිලන්ත සූපවේදින් අවන්හලට එන පාරිභෝගිකයන්ට නියම තායි රස විතරක් දෙන්න වගබලා ගන්න නිසා.


TIP

If you live in the west and don't fancy a trip out to the eastern reaches of town, fret not. Quick Thai have announced location at Nondescripts Cricket Club, in Colombo 7.

Address

424A, Pannipitiya Road, Pelawatta.

Directions

Turn into Pannipitiya Road from Parliament Road and it's only about 200 meters away, on your right, past HSBC Bank and opposite Isurupaya.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Thai

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Noodles Fried Rice Cuttlefish

User Reviews
N
3

5/5

0

neshane

Love their curries 😍 perfect Thai taste

N
2

5/5

0

northstrider

Food is great, reasonably priced, and quick(ish). The only failing is that you need to verify your order if you place it over the phone, or they often make at least one mistake.

N
3

5/5

0

neshane

Love their curries 😍 perfect Thai taste

N
2

5/5

0

northstrider

Food is great, reasonably priced, and quick(ish). The only failing is that you need to verify your order if you place it over the phone, or they often make at least one mistake.

N
1

4/5

0

nneranjan

Delicious foods…… Good service…….

Avatar for ELINA RODRIGO
1

5/5

0

ELINA RODRIGO

QUICK,FRIENDLY SERVICE
LOVED IT
IM COMING AGAIN NOT ONLY
FOR THE FOOD BUT THE
SERVICE AS WELLLLLLL!!!!!

I
4

4/5

0

imajeed

For the sticks, this is a good bet. Pad thai options aren't authentic but suit the local pallete. Lots of soy sauce. Green curry, tofu, mushrooms, sates veg diets as well. Service is prompt enough though they tend to hide behind the counter which is hidden from view from the dining area. Ambience sucks, but whatever.

See 23 Comments