Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

Randiya Epiliyagoda Resort

Epiliyagoda Walawwa Ratnapura Road Gataheththa, Avissawella


Everything for your leisure is at one place. It's Randiya Epiliya!



“අක්කර 100කට එහා තියෙනව මචං. සුපිරිම ප්ලේස් එකක්. වලව්වයි වත්තයි තියෙන්නෙ අක්කර පහක විතර. තේයි රබරුයි තමයි වැඩි හරියක් ම තියෙන්නෙ, අක්කර 30-40ක ම විතර. ඒ අතරට ඉතින් අතරින් පතර රඹුටන් මැංගුස් ටිකක් එහෙමත් තියෙනව. අපිට ඕන නං කඩාගෙන කන්න පුළුවන්”

“නෑ.. අවංකයෙන්ම. එතකොට ඉතුරු ටිකේ?”

“ඉතුරු ටිකේ තනි කැළෑව. ලොකු වගුරයි, කඳු තුනයි. පිස්සු හැදෙනව ඈ.

මෙහ් ඒක නෙවෙයි. කවද්ද කියන්නකො ඔයා එන්නෙ යන්න දැන් ඒ පැත්තෙ.

කුරුල්ලොත් ඉන්නව ඈ පැලෙන්න. බ්ලුමැග්පි එහෙම යන තැන ම ආයෙ. ෂුවර් එකටම ඇම්පිබියන්, රෙප්ටයිලුත් ඇති හොඳටෝම.

මොකෝ කියන්නෙ, හෙට යංද, හෙට?”

“හෙට?

ඒ... හෙටත් මරු දවසනේ... උදේ ගිලල්ල හවස එන්න පුළුවන්නෙ”

“ආයෙත් අහල. එක පැයයිනෙ යන්නෙ. මේ... අවිස්සාවේල්ල, ගැටහැත්තෙනෙ”

දඩිබිඩියට ඇඳෙන් පැන්නෙ යාළු. ඇයි ඉතින් තව පැය කීයද තියෙන්නෙ යන්න. කැමරා, බයිනො, ටෝච් ටික ලෑස්ති කරගන්න ඕන. බැටරි ටික චාජ් කරගන්න ඕන. ඊටත් වෝටර් පෘෆ් වෙන්න පැක් එක හදාගන්නත් ඕන. ඇයි ඉතින් දන්නෙ නැද්ද මේ දවස්වල, ෂුවර් නෑනෙ වෙදර් එක සත පහකට.

කොහොමහරි බඩු ටික ලෑස්ති කරගන්න අතරටම, මම යාළුවට කෝල් කරල කිව්ව රෑ ම ඇවිල්ල අපේ දිහා ඉන්න කියල. එතකොට උදෙන්ම යන්න පුළුවන්නෙ.

ඒත් ඉතින්... අවාසනාවට,

සුපුරුදු පරිදි අපේ උදේ ගමන නම් හරි ගියේ නෑ. අමුණල කරල පහ වෙද්දි එළියට බැහැගත්ත. හැබැයි අපේ එකා ඇද්දනෙ ඇදිල්ලක්… එක විනාඩි 40ට ගැටහැත්තෙ කියන්නකො. මම ඇස් ඇරල බැලුවෙත් 2-3තුන් පාරයි.

“මෙතනින් බැහැගමු. මොකද චෙකින් දාලා තියෙන්නෙ 7ටනෙ. හෝටලේ තාම ඇරල නැතුව ඇති. අපි කෙළින්ම රවුමක් ගහගෙන ම ටයිම් එකට ලයින් වෙමු”

බයික් එක පහළ පාර්කින් එකට දාපු අපි ගත්ත පැක් දෙක කරට. අරගෙන ඔන්න උදෙන් ම, කෙළින්ම වෝකින් සෆාරි එකට.

ෂැහ්! කිව්වත් වගේ... කුරුල්ලොනෙ යාළු. බ්ලු මැග්පි විතරක් නෙවෙයි, චෙස්නට් බැක්ඩුත් ඉන්නව කියන්නකො. මට නේද කරකවල අතඇරිය වගේ. ආයෙ ගියා සවාරියක් මුලු වත්ත වටේම. ගිහිල්ල කුරුල්ලො, සමනල්ලු බලල, කන්දෙ ගුහාවක් තිබ්බ ඒකටත් ගොඩවෙලා, කන්ද මුදුනටත් ගිහිල්ල,

ආපහු හෝටලේට එද්දි 10ත් පහුවෙලා…

ලැජ්ජාවෙ බෑ. දාඩිය දාගෙන!

“ගුඩ් මෝනින් මහත්තය” සේවක අයියගෙන් සුහද පිළිගැනීමක්.

“මම දැක්ක මහත්තුරු දෙන්න හරි ආසාවෙන් සත්තු බලබල වටේ ඇවිදිනව. ඒකයි තේ බොන්නවත් ඩිස්ටර්බ් කලේ නැත්තෙ. මොකද මාත් දන්නවනෙ මහත්තය ඕකෙ තියෙන රසය.

ම්... ඉතින් කියන්නකො, තේකක් බොනවද... නැත්නම් කෙළින්ම බ්‍රෙක්ෆස්ට් එකට වාඩි වෙනවද...

ආහ්, ඊට කලින් එන්නකො මහත්තයලගෙ කාමරේ පෙන්නන්න”

කියල අයිය ඉස්සරහින් ගියා. ඒත් අපි එතනමයි. ඇයි අප්පේ... වලව්වෙ ලස්සනනෙ. ඇතුල්වෙන තැනම ඇන්ටික් කවිචි, පුටු සෙටි, හාන්සි පුටු එක තොගයයි. සමහර ඒවා තනි ලී, සමහර ඒවා වේවැල්වලින් වියල. ඒ විතරක් නෙවෙයි උළුවහු, වඩිම්බු, දොරවල්වල ඉඳන්ම තියෙන ලී කැටයම් ටික! සුපිරිම ඈ... මගෙ හිතේ වලව්ව අවුරුදු 100ට එහාවත් පරණ වෙන්න ඕන. මොකද සාලෙට පිවිසෙන්න තිබ්බෙත් ලොකු දෙපලු දොරක්.

වැඩේ වුණේ ඒක ඇරගෙන ඇතුළට ගියත් හරි, ආයෙ මාළිගාවකට ආවා වගේනෙ. හප්පේ... ඒ සාලෙ! ඒකෙත් පරණ කවිචි, පුටුසෙටි, පෙට්ටගම්, කබඩ් පිරිලා. ඒ අතරට ලොකු ටීවී එකකුත් තියල. සිවිලිමේ තිබ්බ කැටයමත් හරිම ලස්සනයි. මට හිතා ගන්න බැරි ඒ ලයිට් එක. ඒක ඒ කාලෙ එකක්ද, මේ කාලෙ එකක්ද කියල. ඔයාලත් බලන්නකො ඔන්න ඔය ෆොටෝ එකේ.

කොහොම හරි ලස්සන බලාගෙන බලාගෙන අපි ගියා කාමරේට. එවෙලෙ නම් මට කට උත්තර නැති වුණා හොඳේ. ඇරඹුමෙ ම අමන්දානන්දයට පත්වෙලා ඉඳපු මම හොල්මන් වුණේ ඒ වියන් ඇඳ දැකල. කෙළින්ම දඬුබස්නාමානයමයි!

“මචං, මේක මාර ප්ලේස් එකක්නෙ” මට එච්චරයි කියවුණේ…

ඇඟපත හෝදගෙන අපි ඊට පස්සෙ ගියේ උදේ කෑමට.

ලොකු දිග කෑම කාමරේ. හැබැයි අර වලව් ගතියෙන් නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඒ වගේ ම තමයි කෑම වේලත්. සුදු බත් වුණාට මොකද මෑකරල් එක එහෙම කෙළින්ම ගමේ ටයිප් එකට. හොඳ හැටි කිරි දාලා, හොද්දත් ටිකක් තියෙන්න. එතකොට කලවම් කොළ මැල්ලුමත් පංකාදු පහයි ඈ... නියම පදමටම පොල් දාලා මළවල. ම්... බිත්තර ඔම්ලටුත් තිබ්බ. හැබැයි වම්බටු මාලුව තමයි නැගලම ගියේ. මොකද ඒක ටිකක් මිරිසට, හැබැයි කිරිත් දාලා පදමට. ආයෙ ලංකාවෙ අපිටම හරියන්න, හායි හූයි ගෑවෙන තරමට යාළු. 

ඒ කාලා ඉතින් අපි ටිකක් විවේක ගන්න ගියා අවුට් ඩෝ ඩයිනින් ඒරියා එකට. ඇත්තටම ඒකනෙ තැන. මගෙ හිතේ රිසෝට් එකේ හොඳම තැන වෙන්න ඕන. මොකද ෆුල් ඕපන්. ඒ වගේම කෙළින්ම පේන්නෙ ඉස්සරහ කඳු පන්තිය. උදේට නම් ආයේ.. හිතා ගන්න බැරි ලස්සනක් ඇත්තෙ.

විවේකයෙන් පස්සෙ අපි ආයෙත් බැස්සෙ සොබා සෞන්දර්යය විඳින්න, රවුමක් ගහන්න යන්න. ඒත් ඉතින් ඔයාලා හිටිය නම් පූල් එකේ එහෙම බැහල හොඳ හැටි නාලා, සෙල්ලම් කරල විනෝද වෙන්න තිබ්බ. මොකද මෙයාලගෙ තියෙනවනෙ ලස්සන පූල් එකක්. ඒ වගේම ඒක වටේ ලස්සන ගාර්ඩ්න් එකකුත්. 

ඇත්තටම ඉතින් රන්දිය රිසෝට් එක නම් පුංචි නිවාඩුවකට යන්න කියාපුම ප්ලේස් එක ඈ. කොළඹටත් ළඟයි, විස්සකට විසිපහකට ඉන්නත් පුළුවන්, කිසි දේකින් අඩුවකුත් නෑ, අනික ගණනුත් හරිම සාධාරණයිනෙ!


TIP

Try Nature Leisure Holiday

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment