Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Randoli Sports Club

88, Kirula Road, Colombo 05


A good drink, bites and lively conversation all tucked away in Colombo 5 – this is really the club for Colombo’s gentlemen of class and distinction.



කොළඹ කියන්නේ ගොඩක් ක්‍රීඩා සමාජ පිහිටි ස්ථානයක්. ඒවා ඔරු පැදීම, පිහිනීම, යොට් යාත්‍රා, රග්බි, ක්‍රිකට්, ගොල්ෆ් වැනි ක්‍රීඩා රාශියක් වගේම ජනවර්ග රැසක්මත් ආවරණය කරනවා. ජනවාර්ගික උදාහරණ තමයි ඩච් බර්ගර් යුනියන්, මුවර්ස් ක්‍රීඩා සමාජය, දෙමළ සංගමය, ඒ වගේම සිංහල ක්‍රීඩා සමාජය. මේ ක්‍රීඩා සමාජ බොහෝ කොළඹවාසීන්ගේ සමාජ ජීවිතයේ කේන්ද්‍රස්ථාන.

වැදගත්ම කරුණක් තමයි මේ ක්‍රීඩා සමාජ විවිධ තරාතිරම්වලින් යුක්ත වීම. ඉතින් ස්කොච් සහ සෝඩා වඩි කීපයකින් පසුව මේවායේ සාමාජිකයෝ තරමක් උස් හඬින් ඒ ඒ ක්ලබ් එක ක්‍රීඩා සමාජ ධුරාවලියේ කොතැන පිහිටනවාද යන්න සාකච්ඡා කරනවා. එය මේ ක්‍රීඩා සමාජයන්ට අයත් වීමේ මූලිකාංගයක්.

එහෙත්, කොළඹ රුවල් ඔරු සමාජයද ලංකා මෝටර් යොට් සමාජයද වඩා උසස්, නැතිනම් ඔරු පැදීමේ සමාජයත්, ජිම්කාන් ක්ලබ් එකත් අතරින් වඩා උසස් කොයිකද, එහෙමත් නැතිනම් වඩා ශ්‍රේෂ්ඨ නුවරඑළිය ගොල්ෆ් සමාජයද නැතිනම් කොළඹ රෝයල් ගොල්ෆ් සමාජයද ආදිය සාකච්ඡා කිරීම 'යමු'ගේ විෂයපථයෙන් පරිබාහිරයි. අපි මේ මහඟු සමාජ එකකවත් සාමාජිකයෝ නොවෙයි.

අපි නිරතුරුව යන එක් ක්ලබ් එකක් වන්නේ රන්දෝලි ක්‍රීඩා සමාජයයි. එය ෆයි‍ෆ් පාරේ පිහිටි අපූරු ආයතනයක්. මනා පිළිවෙලක් ඇති හැම ක්ලබ් එකක් වගේම මෙහිදීත් අපට සමාන අදහස් ඇති මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනවා. නිවැරදි සමාජ මට්ටම්වල මිතුරන් ඇති කර ගන්නත් ලැබෙනවා. අමුත්තන් සතුටු කරන්නත්, එසේම බිරින්දෑවරුන්ගෙන් හා පෙම්වතියන්ගෙන් විනිර්මුක්ත නිදහස් පරිසරයක බොන්නත් අපට එහි අවස්ථාව ලැබෙනවා. පිහිනුම් ක්‍රීඩා සමාජයේ ඇති යටත් විජිත විලාසිතාවේ ආකර්හනීය ක්ලබ් හවුස් එකක් නැතත්, ඔරු පැදීමේ ක්‍රීඩා සමාජයේ ඇති ආකාරයේ සුමුදු දැව බිත්ති නැතත්, අතිශය වැදගත් වන බීම කියන කාරණයේදී රන්දෝලි ක්‍රීඩා සමාජය අන් කිසිවකට දෙවැනි වන්නේ නැහැ. මිලි ලීටර් සීයේ අරක්කු ෂොට් එකක් රු. 150යි. බෝතලයක් ගන්න පුළුවන් රු. 1200ට. අපේ ප්‍රියතම ඒවා වන ඔල්ඩ් රිසර්ව් ෂොට් එකක් රු. 210යි. වීඑක්ස් රු. 190යි. ලයන් බෝතලයක් රු. 190යි. සෑම සන්ධ්‍යාවකම මෙහි බෝතල් රැසක් කැඩෙනවා. රන්දෝලි ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට අති සුපිරි අවබෝධයක් තිබෙනවා මත්පැන්වල වටිනාකම පිළිබඳව. ඔවුන්ගේ ද්‍රව ලිහිස්සි ධාරිතාව හෙවත් බීමේ හැකියාව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හෝ සිංහල ක්‍රීඩා සමාජයේ ප්‍රසිද්ධ මත්පැන් ලෝලීන් පවා පරදවන්න සමත්.

රන්දෝලි ක්‍රීඩා සමාජය සම්බන්ධ කුමන ක්‍රීඩාවටද යන්න අපි තවම දන්නේ නැහැ. ඒත් අපි හිතන්නේ එය බාර් එකේ පුංචි පහේ වලියක් පවතිද්දී දේශීය බීහයිව් බ්‍රැන්ඩි පුනීලයකින් වත් කිරීම හා සම්බන්ධ කුමක් හෝ ක්‍රීඩාවක් ‍වෙන්න ඇති. මොකද අපි දැකලා තියෙනවා වේටර්වරු මෙය නිතර කරනවා.

හොඳ බීම වඩියක් කියන්නේ හොඳ ක්ලබ් එකක් වීම තුනෙන් දෙකකින් සම්පූර්ණ කිරීමක්. ඒත්, රන්දෝලි ක්‍රීඩා සමාජය ප්‍රභූ ක්‍රීඩා සමාජ තලයට ඔසවා තබන දෙය වන්නේ එහි ඇති කදිම ආහාර මෙනු පතයි. හොඳ ඩෙවිල්ඩ් ඌරු මස් දීසියක් එහි රු. 400ක්. සුපිරි ෆ්‍රයිඩ් රයිස් හා වෙනම තායි මෙනුවක්ද එහි පිරිනැමෙනවා. තායි මෙනුවේ වියලි මිරිස් ඌරු මස් දීසියක් රු. 400යි. එය ඇත්තෙන්ම හරි අපූරුයි.

හොඳ බීම, කටගැස්ම හා සජීවී සංවාදය සහිත කොළඹ 5  රන්දෝලි ක්‍රීඩා සමාජය ඇත්තෙන්ම කොළඹ උසස් හා විශිෂ්ට මහත්වරුන්ගේ සමාජයක්.

TIP

Do not order the wine.

Address

88, Kirula Road, Colombo 05

Directions

Randoli is on Kirula Road, just a few meters passed Chitra Lane, just before the Department of Survey.

Contacts

Report Inaccuracy

Open 10.00 AM - 11.00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
W
1

5/5

0

WarunaS

What's their contact no?

B
1

5/5

0

BrianCP

The best is their deviled kadala and pork!!! Best part of 1999 of mine was spent there with equal minded friends. Thanks for this post guys.

W
1

5/5

0

WarunaS

What's their contact no?

B
1

5/5

0

BrianCP

The best is their deviled kadala and pork!!! Best part of 1999 of mine was spent there with equal minded friends. Thanks for this post guys.

See 20 Comments