Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

4/5

Ravana Falls (Ella)

Ella, Uva Province


Ravana Falls is a waterfall located near Ella, and connected with the legends of the Ramayana



කොළඹ සිට කිලෝමීටර 220කට ආසන්න දුරකින් අතර මැදි දේශගුණික කලාපයක පිහිටි ඌව පළාත තුල ඇල්ල නගරය පිහිටා ඇත.

පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම්පළෙන් අංක 99, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන බස් රථයකට ගොඩ වෙන ඔබට රු. 300ත් 500ත් අතර මුදලක් වැය කොට ප්‍රථමයෙන් බණ්ඩාරවෙළ නගරයට පැමිණීමට සිදුවන අතර ආසන්න වශයෙන් ඊට පැය 4ත් 5ත් අතර කාලයක් ගත වේ. පසුව අංක 31, බණ්ඩාරවෙළ සිට මාතර හෝ ගාල්ල දක්වා ධාවනය වන බස් රථයක අඩ හෝරාවකට ආසන්න ගමන් කාලයකින් අනතුරුව රාවණා ඇල්ල වෙත පිවිසීමට ඔබට හැකි වනු ඇත.

ඒ හැරුණු කොට තමන්ගේ පෟද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම් කොළඹ සිට රත්නපුර හරහා බණ්ඩාරවෙළට පැමිණ එතැනින් ඇල්ල නගරය හරහා රාවණා ඇල්ල වෙත පිවිසීමටද හැකියාව ඇත. එම සංචාරයෙහි මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර 235ක් පමණ වන අතර ඊට පැය 5ත් 6ත් අතර කාලයක් ගතවේ.

ස්වභාවය

ඇල්ල පාමුල සිට බැලූ කල්හි කඳු මුදුන් දෙකක් මධ්‍යයෙන් පැමිණ එක්වරම කඩා හැලෙන ජල කඳ සහ ප‍්‍රධාන ශෛල ස්ථර තුනකින් පැනවිත් ද්විතීයික ඇල්ල දක්වා ගලා එන අයුරු හොඳින් දිස්වේ. එතැන් සිට හතරවන ශෛල ස්ථරය මතින් රූටා ගොස් කිරිඳි ඔය සොයා යන රාවණා ඇල්ල උසින් මීටර 25 (අඩි 82) ලෙසට ගණන් බලා ඇත.

දිය ඇල්ලෙහි වම්පස පිහිටි ගල් කුල මුළුමනින්ම අංශක 70ත් 90ත් අතර ආනතියකින් යුක්ත වන අතර දකුණු පසින් පිහිටි ගල් කුලෙහි මුල් භාගය අංශක 30ත් 50ත් අතර සහ අවසාන භාගය අංශක 60ත් 80ත් අතර ආනතියකින් යුක්ත වේ. දිය ඇල්ල අවට ඇති ඉහල ආර්ද්‍රතාවය නිසාවෙන් ගල් කුළු දෙකෙහිම ඝණ වනාන්තරීය ස්වරූපයක් පවතින අතර දකුණු පස වූ ගල් කුල ඔස්සේ දිය ඇල්ලට සමාන්තරව එහි තෙවන ශෛල ස්ථරයෙහි ආරම්භය තෙක් දිවෙන පටු මංපෙතක් පිහිටා ඇත.

වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල පරාසය තුල ඇද හැලෙන නිරිත දිග මෝසම් වර්ෂාව හැරුණු කොට රාවණා ඇල්ලෙහි සැඩ පහර වර්ධනය කරනුයේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වන කාල පරාසයෙහි ඇද හැලෙන අන්තර් මෝසම් වර්ෂාව පමණි. කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණික තත්ත්ව නිසාවෙන් රාවණා ඇල්ලෙහි ජල පහර නිරන්තයෙන් අවම මට්ටමක පවතී. මෙම කාල වකවානුව කඳු නගින්නන් හට සහ ඉතිහාස ගවේෂකයින් හට ස්වභාවධර්මයා විසින් ලබා දෙන කදිම අවස්ථාවක් ද වෙයි. මන්ද යත් ප‍්‍රධාන ජල කඳ හැරුණු කොට දෙපසින් වන ගල් තලාවෙහි දිය සීරාවකට පමණක් සීමා වන රාවණා ඇල්ලෙහි හතරවන එනම් භූමි ශෛල ස්ථරයෙහි සිට දෙවන ශෛල ස්ථරය දක්වා සෘජු පාගමක යෙදිය හැකි වීම නිසාවෙනි. එතැන් සිට වන දෙවන ශෛල ස්ථරය ඊට ඉහලින් සෘජුව කඩා හැලෙන දිය දහරාවෙහි සී සී කඩ විසිරී යන දිය බිඳු නිසාවෙන් බොහෝ දුරට තෙත් ගතියකින් යුක්ත වෙයි. තෙවන ශෛල ස්ථරයෙහි අවසානය ඇල්ලෙහි දකුණු පස ඇති ගල් කුල තුලට වන ගුහාවක් දක්නට ඇත. අඩි 8කට වැඩි උසකින් සහ අඩි 14කට ආසන්න පළලකින් යුත් මෙම ගුහාවෙහි මුඛය පිහිටා ඇත්තේ දිය ඇල්ල පාමුල සිට බැලූ කල්හි එක එල්ලේ දිස් නොවන අයුරිනි.

විශේෂත්වය

රාවණා ඇල්ලෙහි පුරාවෘත්තය දිග හැරෙනුයේ මෙතැන් සිටය. එලෙසින් මුණ ගැසෙන ගුහාව සහ මෙම දිය ඇල්ල ලංකා ඉතිහාසයේ සැඟව ගිය පෙම් කතා පුවතකට පණ පොවයි.

මීට වසර 7500කට පමණ පෙර එනම් කෝණාගම බුදුරදුන්ගේ සමයෙහි ශ්‍රී ලංකාව අග නගරය කරගනිමින් රාවණ නම් වූ යක්ෂ ග්‍රෝති‍්‍රක රජ කෙනෙකු ලොව පාලනය කර ඇත. යෝග වඩමින් කරන ලද භාවනාවන් නිසාවෙන් රාවණ රජු මාර්ග ඵලයන් ලබා සිටින්නට ඇති බවට ද මතයක් පවතී. ඔහුගේ ඒකාධිපති පාලනය බිඳෙනුයේ‍ උතුරු ඉන්දියාවේ අයෝධ්‍යා  ප්‍රදේශයෙහි උපන් රාම කුමරු ඉන්ද්‍ර දෙවියන් ඇතුළු දෙවිවරුන් රැසකගේ සහය ඇතිව රාවණ රජුට එරෙහිව කරන ලද සටනින් පසුවය.

තම නැගණියන් හට රාම කුමරුන් සහ ඔහුගේ මළණුවන් වන ලක්ෂ්මන විසින් කළ අතවරයට පළි ගැනීමක් ලෙසින් රාවණ රජු රාම කුමරුන්ගේ බිරිඳ වන සීතා කුමරිය පැහැර ගනී. පසුව සිරිලක නොයෙක් ප්‍රදේශයන්හි වන ගල් ලෙන් ගල් වඩුවන් ලවා ගල් ගෙවල් බවට පත් කරන රාවණ රජු බොහෝ සැප සම්පත් මධ්‍යයේ සීතා කුමරිය ඒවා තුල සඟවා තබයි.

රාවණා ඇල්ල මුදුනෙහි වන මෙම ගල් ගුහාව තුල ද එලෙසින් සීතා කුමරිය සඟවා තබන්නට ඇතැයි පුරා වෘත්තීන් ඔස්සේ නිගමනය කොට ඇත.

ජෛව විවිධත්වය

නිය දිගු මා හික් මීයා, කැළෑ හික් මීයා, රිළවා, රන් උණහපුළුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන ක්ෂීරපායී සත්ව විශේෂයන් ද

වළි කුකුළා, පොම්පදෝරු බටගොයා, ගිරා මලිත්තා, අළු කෑඳැත්තා, ලේ පිට මහ කෑරලා, රත් මූණත් කොට්ටෝරුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන පක්ෂි විශේෂයන් ද

Bird wing, Tree nymph, Tamil bush brown, Jewel four ring සහ Black flat (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන සමනළ විශේෂ 140කට ආසන්න ප්‍රමාණයක් ද

දඟර දණ්ඩා, සිවුරුහන් ලන කටුස්සා, පිනුම් කටුස්සා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන උරග විශේෂයන් ද රාවණා ඇල්ල අවට පරිසරයෙහි ජීවත් වෙති.

ඉතා ඉහල ඓතිහාසික වටිනාකමකින් යුත් රාවණා ඇල්ල වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් මේ වන විටත් දිය ඇල්ල අවට භූමිය නොදිරන ද්‍රව්‍යයන්ගේ සුසානයක් වී හමාරය. මේ වන විට 35 දෙනෙකුට අධික පිරිසකගේ ජීවිත රාවණා ඇල්ලෙහි මහා ජල කඳ තුල සැඟව ගොස් තිබුණද පරිසරයට ආදරය කරමින් එහි පැවැත්ම තකා කටයුතු කරන්නේ නම් සොබාදම් මාතාවගේ නොමද ආශීර්වාදය අප සුරකිනු නිසැකය.

Address

Ella, Uva Province

Directions

It's located on the A23 road, between Ella and Wellawaya. It's pretty easy to access since it's located right on the side of the road.

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
4
Similar Places

User Reviews
Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

A very easy travel for one of the most beautiful views of the city of Ella.

Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

A very easy travel for one of the most beautiful views of the city of Ella.

See 2 Comments