Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

5/5

Rocco’s

No. 615 A, Nawala Road, Rajagiriya.


Rocco's has a good dine-in restaurant in Rajagiriya serving wood-fired pizza with a wide range of toppings.



ඔන්න තවත් අලුත් අවුරුද්දක් ලබලා හා හා පුරා කියලා වැඩට ආව පළමුවෙනි දවස. හවස් ජාමේ වෙද්දී මට ආවේ ඉවසන්න බැරි පීසා බඩගින්නක්. අවුරුදු රස්නේ ගෙවිලා නැති නිසා ගොඩක් රෙස්ටෝරන්ට් එහෙමත් වහලා. නිකමට ඉන්න ගමන් නාවල රොක්කෝස් එකට මං කෝල් එකක් ගත්තේ හිතේ සැකේ නැති කරගන්නත් එක්කමයි.

අම්මටසිරි! කඩේ ඇරලා කියන්නකෝ. ආයේ හිතහිත හිටියේ නෑ. ගත්තා ටැක්සියක්. අතිජාති යාළුවෙකුත් නග්ගගත්තා මගින්. ගියා දෙන්නත් එක්ක රොක්කෝස්.

තැන

අපි මෙතැනට යද්දී හවස 4.50 වගේ වෙලා ඇති. රෙස්ටෝරන්ට් එක අරින්නේ 5ට වුණත් දොරකඩ ම ඉඳපු සේවක මිත්‍රයෙක් අපිව පිළිගත්තේ හරි ම සුහදශීලී විදියට. ළාවට අඳුරු වෙලා තිබුණු රෙස්ටෝරන්ට් එක එළිය වුණේ තැනින් තැන එල්ලලා තියෙන කහ පාට ලාම්පුවලින්. පාර අද්දර තිබුණා කියලා ලොකුවට සද්ද බද්ද ඇත්තෙත් නැහැ.

“අපි ඔෆිශියලි ඕපන් කරන්නේ 5ට. එතකන් ඔයාලා වාඩිවෙලා මෙනු එක බලන්නකෝ"

කවුන්ටරේ පිටිපස්සේ ඉඳපු ආන්ටි කිව්වා. කෙළවරේ තිබුණු මේසෙක වාඩිවෙනවත් එක්ක ම වගේ අපේ අතට මෙනු එක ලැබුණා.

කෑම බීම

ලීයෙන් හදලා තිබුණු මේ මෙනුව පුරාවට පීසා, පැස්ටා, රැවියෝලි, රිසොටෝ වගේ ඉතාලි කෑම පිරිලා. පීසාවල සයිස් දෙකයි. අඟල් 9 සහ 14. බීම වර්ග විදියට තියෙන්නේ ජූස් සහ මිල්ක්ෂේක් වර්ග. ඒ හැරුණා ම තේ, කෝපි එහෙමත් තියෙනවා.

හරියට ම හවස පහ පහුවෙලා මිනිත්තුවක් ගිය තැන, වේටර් මල්ලි කෙනෙක් ඇවිදින් අපි මේසේ ළඟින් හිටගත්තා. මෙහෙත් ඔය ගොඩක් පීසා කඩවල්වල වගේ හාෆ්-බයි-හාෆ් (එක පීසා එකේ ම රස දෙකක්) ගන්න පුළුවන් කියලා අපි දැනගත්තේ එයාගෙන්. ඒ නිසා ම අපි ඕඩර් කළේ “Baconroni”(රු.1750, බාගයක් රු.875), “Quattro Formaggi - Four Cheese” (රු.1700, බාගයක් රු.850) බාගේ බාගේ දාපු අඟල් 14 පීසා එකක්. තව “කාබෝනාරා පැස්ටා”(රු.950) එකකුත් ගත්තා.

මුලින් ම මේසෙට ගෙනාවේ කාබෝනාරා එක. ඊට විනාඩි දහපහළොවකට වගේ පස්සේ පීසා එකත් ආවා. ආයේ ඉතින් මොනවා බලන්නද යාළු? අපි දෙන්නත් එක්ක දෙයියනේ කියලා වැඩේට බැස්සා.

කාබෝනාරා එක හොඳයි. චීස් සුවඳත් ළාවට තිබුණා. ඒත් රහ මට ඇල්ලුවේ නැහැ. චීස් රස හොඳට ම මදි. කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ කන මගේ යාළුවට නම් මේක ගාණක් නෑ. එයා ඔළුව ඉස්සුවේ තඩි පැස්ටා කටවල් හතර පහකට වග කිව්වට පස්සේ. මොනවා වුණත් මේකට බේකන් නම් මදි නැතුව ම දාලා තිබුණා.

ගෑවිච්ච තැන චීස් කන්න කෑදර කෙනෙක් ඉන්නවනම්, ඔන්න පීසා එක; මේ රොක්කෝස් එකේ Quattro Formaggi - Four Cheese. රිකොට්ටා, පාමේසන්, ඉතාලි බ්ලූ චීස් සහ මොස්රැල්ලා රස උතුරන මේ පීසා එක කටට දෙකට ගිලගෙන යන්න පුළුවන්. ඔය ඉතාලි බ්ලූ චීස් එකට සමහර උදවිය කැමති නැහැනේ, පුස් රහයි කියලා. ඒ වුණාට බයක් වෙන්න දෙයක් නෑ, මේ පීසා එකේ ඒ වගේ කිසිම අවුල් රසක් නැහැ. සෝස් එහෙමත් අඩුවක් නැතුව දාලනේ. ඒ නිසා පට්ට.

ආයේ අමුතුවෙන් අටුවා ටීකා නොකිව්වත්, අපේ කෑම වේලේ තරුව වුණේ Baconroni පීසා එක තමයි. කන කටක් කටක් ගානේ හැපෙන පෙපරෝනි, බේකන්වලින් එන රස ගැන කියන්න වචන නෑ මහත්තයෝ! ඒ විතරක්ද මොස්රැල්ලා චීස්වලින් එක රසත් ඕකට ම එකතු වෙනවනේ. අම්මපා! දැනටත් මගේ කටට කෙළ උනනවා මේකේ රස මතක් වෙද්දී.

අහ්! තව ඩිංගෙන් අමතක වෙනවා. අපි ගත්තනේ රොක්කෝස් බ්ලූ ෂේක් (රු.500) එකකුත්. බ්ලූ කිව්වට මේකේ තිබුණේ ළා කොළ පාටක් වගේ. හැබැයි රස හොඳයි. කිරි රස හොඳට තිබුණා.උකු ගතියත් ගානට. පොඩ්ඩක් විතර ලැසී එකක හුරු ගතියක් තමයි අපට දැනුණේ. ඒ නිසා තිබහට විතරක් නෙවෙයි, බඩගින්නටත් මරු.

සර්විස් එක

රොක්කෝස් එකේ සර්විස් එක හුඟක් හොඳයි. ස්ටාෆ් එකේ උදවිය කෑම බීම තෝරගනිද්දී හොඳ සපෝට් එකක් දෙනවා.

අවසාන වශයෙන්

රස තින් ක්‍රස්ට් පීසා හොයනවනම්, රොක්කෝස් පීසා එකට නියම තැනක්. ගිහින් කන්න බැරි වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. එයාලගේ ඩිලිවරි එකෙන් මේ රස පීසා ගෙදරට ම ගෙන්න ගන්නත් පුළුවන්නේ.  


TIP

Try, Meat Fest, Chicken Alfredo and/or Five Cheese.
All Reviews

No stranger to the residents in Rajagiriya and Nawala, Rocco's has been one of the few consistently good Italian restaurants.

Best suited for those living around Nawala/Rajagiriya. Really good toppings on wood-fired pizza.

Rocco's in Nugegoda is yet another one of the many pizzerias that has gained popularity for it's delivery. Their wood fire pizzas, while not terrible in any way, just aren't as good as some of our top spots.

The real problem with local pizzas is the bacon; bacon being something of a loose term in Sri Lanka, used to denote anything ranging from chicken ham to the actual thing. And this was the problem we had with Rocco's - the bacon

සිංහල අන්තිමට ආපු ලසඤ්ඤා එකෙන් තමා දෙන්න කට් වුණේ. චීසුයි චිකනුයි තට්ටු 4ක් විතර. තලු මැරෙන රස, සුවඳ නිසා නොකා ඉන්න බැරි කමට කටක් දෙකක් කෑවා මිසක් නැත්නම්... අඟල් 14 පීසා 1 ½ට වග කියල, හැරෙන්නවත් බැරුවනෙ හිටියෙ.

සිංහල රස තින් ක්‍රස්ට් පීසා හොයනවනම්, රොක්කෝස් පීසා එකට නියම තැනක්.

සිංහල දේශීය පීසාවල මූලික ගැටලුව තමයි, බේකන්. ලංකාවේ බේකන් කියන වචනයේ අරුත ලිහිල්. එයින් චිකන් හැම්වල සිට සැබෑ බේකන් දක්වා මස් අදහස් කෙරෙනවා. රොකෝස් පීසාවල අප දුටු ගැටලුව එයයි.

Address

No. 615 A, Nawala Road, Rajagiriya.

Directions

From the Battaramulla Road, turn right onto Nawala Road before the Rajagiriya Children's Park.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
J
4

3/5

0

JMZ

Tried their pizza's. Toppings are somewhat less & crust is soggy

A
1

4/5

0

Arthur Teng

Tried the tomato soup and marinara pizza. The tomato soup was piping hot when served (the way I like it) and full of tomato chunks. The pizza crust was thin, crunchy and just the right charring with their wood fired oven. They're in the process of renovating the place so do expect some houseflies buzzing around, Wi-Fi issues and lack of condiments (ran out of tobasco). This place will soon be packed with fans craving for tasty Italian food!

H
2

4/5

1

hesh22

made a delivery order. the quality of pizza was really good… Delivery time quite decent. tiramisu was quite good… very few plc s in Colombo get it right.

J
4

3/5

0

JMZ

Tried their pizza's. Toppings are somewhat less & crust is soggy

A
1

4/5

0

Arthur Teng

Tried the tomato soup and marinara pizza. The tomato soup was piping hot when served (the way I like it) and full of tomato chunks. The pizza crust was thin, crunchy and just the right charring with their wood fired oven. They're in the process of renovating the place so do expect some houseflies buzzing around, Wi-Fi issues and lack of condiments (ran out of tobasco). This place will soon be packed with fans craving for tasty Italian food!

H
2

4/5

1

hesh22

made a delivery order. the quality of pizza was really good… Delivery time quite decent. tiramisu was quite good… very few plc s in Colombo get it right.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

F
1

2/5

0

feldallen

the pizza was tasteless. the tomato sauce was thin on thinly spread. not fresh, lacking essential spices like oregano. the chicken sausage was underdone. and no one in Colombo can make a decent crust. one that rises at the edge and is crispy on the outside and hollow or airy within.

K
1

5/5

0

Kishani

After discovering Rocco's a few months ago, I love this place! The Caprese is one of my favourites, along with the range of pizzas, all of them have been great! During Christmas season they had a Turkey Pizza with a variety of combinations which was amazing and delicious! From the quality of the food to the price, it is definitely worth checking out the place!

See 29 Comments