Artwork for Sampath Top - June

5/5

Rocco’s

No. 615 A, Nawala Road, Rajagiriya.


Rocco's has a good dine-in restaurant in Rajagiriya serving wood-fired pizza with a wide range of toppings.



“හෑ…

සිරාවටද කියන්නෙ?”

“ඔව් බං. මේ අපේවුන් එදා ගිහිල්ලනෙ. ආයෙ සුපිරිලු ඈ…”

“අඩෙහ්, එහෙනම් බලබල ඉන්න දෙයක් නෑ. අද හැන්දෑවටම අල්ලමු ඒ පැත්තට”

“එකෙන්ම?”

“ඔව් බං. එකෙන්ම”

“6 වෙද්දි?”

“එළ. 6 වෙද්දි ඒනම්.

අනිවා හොඳේ”

“අනිවා.. බ්‍රෝ…!”

හදිස්සියෙ ආපු පණිවුඩයකට අපි දෙන්නම අම්බානක ෆයර් වෙලා… අන්තිමට කොහොමහරි සනිකෙට ගහපු ප්ලෑන තමයි පත්තු වුණේ. වැඩේ කියන්නෙ වැදගත් වැඩකට ජීවිතේට වෙලාවට එන්නැති යාළුවා, එදා ආවා කියන්නකො වෙලාවට. මාරයි ඉතින් ඒකත්!

කොහොම කොහොමින්හරි දෙන්නම, හැන්දෑවෙ 6 වෙද්දිම රාජගිරිය නාවල පාරෙ. ඔන්න පොඩි හග් එකක් එහෙම දාලා, පැන්න පාර. පැනල බැලුවා කඩේ බෝර්ඩ් එක දිහා.

සැහ්! ‘රොකෝස්’.

දෙන්නම් ජම්බො අද.

අඩියට දෙකට කඩේට ගොඩවුණ අපි හොඳට කල්පනා කරල තමයි අයිනක් අල්ලල සෙට් වුණේ. මොකද එතකොට හිතේ හැටියට කන්න පුළුවන්නේ. අතපයේ ගෑවෙන ඒවා… කට වටේ ගෑවෙන ඒවා අදාළම වෙන්නෑනෙ.

ඇත්තටම මේ ප්ලේස් එක නම් සුපිරි. හොඳට ඒසී කරලා, පරණ බටහිර පන්නයේ ගැජමැටික්ස් වලින් ඇතුළත අලංකරණය කරලා, උඩ තට්ටුවත් ෆැමිලි එකකට සෙට් වෙන්න වගේ සෝපා එහෙම දාලා, එතකොට වොෂ් රූම්!, ඒවත් ෆුල් ක්ලීන් එකට තියල තියෙනවනෙ. අනිත් එක මෙයාලගෙ සර්විස් එකත් පට්ටම. කොටින්ම, කඩේ හැඩවැඩ බලන්නවත් අපිට වෙලාවක් ලැබුණේ නෑ. ඒ ඉක්මනට සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ළඟ. ලොකු මෙනුවයි පොඩි මෙනුවයි දෙකම දීලා අපිට කෑම තෝරන්නත් උදව් කළා…

ටික වෙලාවක් කල්පනා කළාට මොකද හැමදාම වගේ අපේ පළවෙනි ඕඩරේ වුණේ ‘මීට් ෆස්ට් බාගයයි (රු. 975), ස්පයිසි චිකන් බාගයයි (රු. 825)’. ඊට පස්සෙ හිතේ හැටියට චීස් ටිකක් කන්න කියල හිතාගෙන පීසා අමෝරෙ (රු.925) බාගයකුයි, වෙජිටෙරියානෝ (රු. 800) බාගයකුයිත් ඕඩර් කලා. වැඩේ කියන්නෙ ඒ එක්කම යාළුවා ඕඩර් කරාපි කියන්නකො, චිකන් ලසඤ්ඤා එකක් (රු.975),

ටේකවේ…

“කාට කන්නද බොල ඔච්චර”

“බැරි නම් නිකා ඉඳින්. මම ගෙදර ගිහින් හරි කන්නම්.

ඔයා ගේන්න නංගි බය නැතුව. ඔව්!

ආ… මේ අපිට බොන්න කැෆේ ලටේ එකකුත් (රු. 450) ගෙන්න හොඳේ. ඒක නම් දැන්ම හරි කමක් නෑ…”

කිව්වට විශ්වාස කරන්න යාළු කන්න නෙවේ, අන්තිමට නාන්න... පීසා මේසෙ උඩ.

කිරි අප්පට බල්ලො බුරපි කියල, විනාඩි 10ක් යද්දි මේසෙ ඉඩ නෑ බඩු ටික තියන්න.

“මෙන්න මේකගෙ ඔලුව උඩින් තමයි නංගි තියන්න වෙන්නෙ” බැනබැන මම යාන්තම් අඩුම කුඩුම ටික එහෙට මෙහෙට කරල මේසෙ ඉඩ ගත්ත.

ඒ අතරට යාළුව වැඩේ පටන් අරන්. දස බස ගාලා මීට් ෆෙස්ට් කෑල්ලකට දෙසනව.

මේකා බොලේ…

බලබල හිටියොත් මටනෙ පාඩු කියල මාත් ගත්ත මීට් ෆෙස්ට් කෑල්ලක්ම අතට.

ෂප්පේ… සුවඳ? ඒ මදිවට ඒක එන්නෙත් චීස් බේරිබේරි. උඩින්ම වැටිච්ච සොසේජස් පෙති තට්ටුව දැක්කාම කටට කෙළත් උනනව. වැඩේ කියන්නෙ ඊට යටින් තියෙන, හීනියට ලියපු චිකන්, බීෆ් ටිකනෙ සුපිරි. ඒ මදිවට බ්ලැක් ඔලිව්, ලූණු එක්ක තව මොනවදෝ කොළ ජාතියකුත් දාලා නිසා කනකන කටක් ගාණෙ දිව නිකම් පිස්සු වැටෙනව වගේ. අනික මොසරැල්ල චීසුයි, රිකොට්ට චීසුයි එකතු වුණා කියන්නෙ ඉතින් පංකාදු පහයිනෙ. කොටින්ම යාළු රොකෝස් මීට් ෆෙස්ට් එක නම් ඇත්තටම ෆෙස්ටිවල් එකක්. ඔක්කොටමත් වැඩියෙන් එකේ වටින්නෙ, හැම මසකම රසවල් වෙනවෙනම වගේ දැනෙන එක. අනේ මන්දා ඉතින් රෙසිපි නම් අන්න රෙසිපි ඈ...

ඔය අතරට මම හෙමින් සැරේ ස්පයිසි චිකන් කෑල්ලකුත් රස බැලුවා. ටොප් කියන්නේ…

හැබැයි මීට් ෆෙස්ට් එක තරම්ම නෑ. මොකද ඒකෙ චිකන් ටික තරමක් වේලිච්ච ගතියයි. අනික හිතපු තරම් ස්පයිසිත් නෑ. ඊටත් සපයිසස් මොනවත් පදමට එකතු වෙලා තිබ්බෙත් නැති ගාණයි. හැබැයි ස්මෝක්ඩ් මස් වලට වගේ කැමති අයට නම් පංකාදු භාණ්ඩෙ. මම හිතන්නෙ ඒකට දාලා තිබ්බෙ මොසරැල්ල චීස් විතරයි. අනිත් ටික ඔක්කොම බෙල් පෙපර්, බ්ලැක් ඔලිව්, ලූණු වලින් තමයි බැලන්ස් කරල තිබ්බෙ. ඒත් ඉතින් ඒකෙත් වෙනමම ගතියක් තිබ්බ හොඳේ!.

අන්න ඒකට බලන්න එපැයි පීසා අමොරේ එක. සෑ.. වෑව්!

උණුඋණු චීස් විමානයයි. හිතා ගන්න බෑ මොන වගේ කලවමක්ද කියල. කොහොමහරි මොසරැල්ල, රිකොට්ට, පාමෙසාන්, බ්ලු වගේ චීස් තොගේක, නියම ගාණෙ පදමක්. ඊටත් ඒකට ටබැස්කෝ සෝස් ටිකක් එහෙම දාගත්තාම... බලන්න එපැයි රස. උණු වෙලා බේරෙන චීස් වලට පොඩි සැර ගතියක් එකතු වෙලා! පිස්සු හැදෙනව. ආයෙ තලු මරමර රස බලන්න පුලුවන්.

ඒකෙ අනිත් බාගෙ, වෙජිටේරියන් එක. ඒකත් සුපිරි. අපිට එච්චරටම හැඟීමක් නැතත් වෙජි කෙනෙක්ට නම් ලෙසටම සෙට් වෙයි. මොකද ඒකෙ එළවළු තොගයක් එක්ක නොසෑහෙන්න මොසරැල්ලත් තියෙනවනෙ. බෙල් පෙපර් ජාති 2යි, බ්ලැක් ඔලිව්, ලූණු, තක්කාලි, මොනවදෝ කොළ ජාතියක්… ඒ මදෑ ඉතින් නේ…

ඔක්කොමත් හරි අන්තිමට මේසෙට ආපු ලසඤ්ඤා එකෙන් තමා දෙන්න කට් වුණේ. චීසුයි චිකනුයි තට්ටු තට්ටු, 4ක් විතර. තලු මැරෙන රස, සුවඳ නිසා නොකා ඉන්න බැරි කමට කටක් දෙකක් කෑවා මිසක්… නැත්නම් හිතන්නවත් පුළුවන්ද කියන්නකො. අඟල් 14 පීසා 1 ½ට වග කියල, හැරෙන්න හිතන්නවත් බැරුව හිටියෙ.

“දැන් ඇද්ද බොට?”

“හරි ඉතින් බනින්නෙපා. හිතුවෙ නෑනෙ මෙහෙම වෙයි කියල.

හම්මෝ…” යාළුව එහෙම කියල, එහෙම්මම පුටුවෙ ඇල වුණා. මාත් බොහොම අමාරුවෙන් නැගිටල පොඩ්ඩක් හරි බරි ගැහිලා වාඩි වුණේ චාටරෙන් බේරෙන්න. ඇයි ඉතින් තනි මේසෙක දෙන්නෙක් රිලවු වගේ වැටිලා ඉන්නව කියන්නෙ, කඩේට හරි නෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල අපිට කරන්න දෙයකුත් නෑ. එක්කො එයාලා ඒවා, එච්චර රසට නොහද ඉන්නෝන.

අනේ මන්දා…

මේවා ඔයාලටත් හොඳ පාඩම් හොඳේ. ඔන්න රොකෝස් ගියා වගේ නෙවෙයි කෑදර කමට කෑවොත්… සොරි තමා පුතේ!

කියන්න අමතක වුණාට සමාවෙන්න. කැෆේ ලටේ එකත් නොම්මර එකයි ඈ… හැමදේම ගාණට. කෝපි රසත් එක්ක, කිරි පදමයි... සීනි එක පැකට් එකයි දැම්මෙ, රස ආවා ඕං ලෙසටම...


TIP

Try, Meat Fest, Chicken Alfredo and/or Five Cheese.
All Reviews

No stranger to the residents in Rajagiriya and Nawala, Rocco's has been one of the few consistently good Italian restaurants.

Best suited for those living around Nawala/Rajagiriya. Really good toppings on wood-fired pizza.

Rocco's in Nugegoda is yet another one of the many pizzerias that has gained popularity for it's delivery. Their wood fire pizzas, while not terrible in any way, just aren't as good as some of our top spots.

The real problem with local pizzas is the bacon; bacon being something of a loose term in Sri Lanka, used to denote anything ranging from chicken ham to the actual thing. And this was the problem we had with Rocco's - the bacon

සිංහල අන්තිමට ආපු ලසඤ්ඤා එකෙන් තමා දෙන්න කට් වුණේ. චීසුයි චිකනුයි තට්ටු 4ක් විතර. තලු මැරෙන රස, සුවඳ නිසා නොකා ඉන්න බැරි කමට කටක් දෙකක් කෑවා මිසක් නැත්නම්... අඟල් 14 පීසා 1 ½ට වග කියල, හැරෙන්නවත් බැරුවනෙ හිටියෙ.

සිංහල රස තින් ක්‍රස්ට් පීසා හොයනවනම්, රොක්කෝස් පීසා එකට නියම තැනක්.

සිංහල දේශීය පීසාවල මූලික ගැටලුව තමයි, බේකන්. ලංකාවේ බේකන් කියන වචනයේ අරුත ලිහිල්. එයින් චිකන් හැම්වල සිට සැබෑ බේකන් දක්වා මස් අදහස් කෙරෙනවා. රොකෝස් පීසාවල අප දුටු ගැටලුව එයයි.

Address

No. 615 A, Nawala Road, Rajagiriya.

Directions

From the Battaramulla Road, turn right onto Nawala Road before the Rajagiriya Children's Park.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
A
1

4/5

0

Arthur Teng

Tried the tomato soup and marinara pizza. The tomato soup was piping hot when served (the way I like it) and full of tomato chunks. The pizza crust was thin, crunchy and just the right charring with their wood fired oven. They're in the process of renovating the place so do expect some houseflies buzzing around, Wi-Fi issues and lack of condiments (ran out of tobasco). This place will soon be packed with fans craving for tasty Italian food!

H
2

4/5

1

hesh22

made a delivery order. the quality of pizza was really good… Delivery time quite decent. tiramisu was quite good… very few plc s in Colombo get it right.

A
1

4/5

0

Arthur Teng

Tried the tomato soup and marinara pizza. The tomato soup was piping hot when served (the way I like it) and full of tomato chunks. The pizza crust was thin, crunchy and just the right charring with their wood fired oven. They're in the process of renovating the place so do expect some houseflies buzzing around, Wi-Fi issues and lack of condiments (ran out of tobasco). This place will soon be packed with fans craving for tasty Italian food!

H
2

4/5

1

hesh22

made a delivery order. the quality of pizza was really good… Delivery time quite decent. tiramisu was quite good… very few plc s in Colombo get it right.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

F
1

2/5

0

feldallen

the pizza was tasteless. the tomato sauce was thin on thinly spread. not fresh, lacking essential spices like oregano. the chicken sausage was underdone. and no one in Colombo can make a decent crust. one that rises at the edge and is crispy on the outside and hollow or airy within.

K
1

5/5

0

Kishani

After discovering Rocco's a few months ago, I love this place! The Caprese is one of my favourites, along with the range of pizzas, all of them have been great! During Christmas season they had a Turkey Pizza with a variety of combinations which was amazing and delicious! From the quality of the food to the price, it is definitely worth checking out the place!

See 28 Comments