Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

4/5

Rusty Rhodes

Crescat Boulevard, 89, Galle Road, Colombo 03


Rusty Rhodes is a food stall in Crescat Boulevard and does some juicy, meaty, and filling burgers.



අපේ විශ්විගෙ යෝජනාවක් ම තමයි. මොකද එයා වීක්එන්ඩ් එකේ හොයල හොයල අලුත් තැන් හොයාගන්නවනෙ සතියෙ දවස් ටිකට ගිහින්, හිතේ හැටියට... කෑම වේලක් රස බලන්න!

මේකත් ඉතින් ඒවගේ තැනක්. අපි යන්න හිටියෙ නම් සඳුදා. ඒත් කොහෙද... මට හරියට සෙට්වෙන්න බැරි වුණානෙ ටයිම් එකට. ඒ නිසා ම ඔන්න අපි අඟහරුවාදා මද්දහනෙ ම පිටත් වුණා, ස්කූල් ටයිම් එක එහෙම මගඇරල. පිටත් වෙලා හිටං ඕන්න කෙළින්ම ගෝල්ෆේස් ‘ක්‍රෙස්කැටි ෆුඩ් කෝට්’ එකට.

හප්පේ...

ඒත් සෙනඟනෙ. මගෙ හිතේ ලන්ච් ටයිම් නිසා වෙන්න ඕන. එහෙමයි කියල ඉතින් නොකා ඉන්නයැ. කට්ටියත් එක්ක කිට්ටු කළා විශ්වි කියපු කඩේ ළඟට.

‘රස්ටි රෝඩ්ස්’! මැනේජර් මහත්තයද කොහෙදත් ඉන්නව ඉස්සරහට ම වෙලා. ඒ විතරක් නම් බැරියැ, අපි ගියාම හොඳ ලස්සන හිනාවක් දාලා, පුංචි මෙනුවෙ කෑම බීම ටික තෝරන්න අපිට උදවුත් කරල… නියම ම සර්විස් එකත් ඈ... හැරත් අපි ඉල්ලපු කෑම ටික මේසෙටත් ආවානෙ විනාඩි දහයට දොළහට.

ආව අනික් පැත්තට නම් කාගෙවත් කතා බහක් නෑ... මම කෙළින්ම ‘ෆැට් කව්’ (රු. 980) බර්ගර් එකට. විශ්වි ‘ඔගෙස්මික්’ චිකන් බර්ගර් (රු. 990) එකේ. දිනේශුත් ඔය ගත්තෙ අතට ‘ස්ටික් ගෞකමොල්’ රැප් එක (රු. 680). ම්... ඒ අතරට කියන්න ඕන, මම විශේෂයෙන් කියල ගෙන්නපු ටී එකත්!

සත්තයි කහට පාට හරි හැටියට නැති වුණාට, සීනි හැන්දයි දැම්මෙ... තියෙනවනෙ ටී එක රස පදමට. ආයෙ වගකීමෙන් කිව්වහැකි එයාලා පාවිච්චි කරල නම් තියෙන්නෙ එසේ මෙසේ තේ කොළ එකක් නෙවෙයි. හොඳ සුපිරි භාණ්ඩයක් ඈ...

ඒකත් එක්ක කෑවා බර්ගර් කටක්.. රස නහර පිනාගියේ. බීෆ් රසයෙන් අනූනයි කියන්නෙ, 100%යි කෙළින්ම. මාර ම පදමක් ඒක නම්. ගොඩක් වෙලාවට වෙන තැන්වල, එක්කො බීෆ් එක කරවෙලා නැත්නම් බැදිලා, එහෙමත් නැත්නම් වෙන මොනවහරි එකතු වෙලා රස පදමට යට ගිහින්නෙ. ඒකට මෙයාලගෙ... අර එකම අවුල තිබ්බෙ, දාලා තිබ්බ පිකල්ස් තොගේ තමයි. ඒකත් නරකම නෑ. හැබැයි මට නම් එච්චරම සෙට් වුණේ නෑ. මොකද ඒක නිසා, කටක් කාපු ගමන් තොලකට ලෙව කැවෙන තරමෙ බීෆ් රස සනික යට යනව. අනික චීස්, අනිත් අඩුම කුඩුම රසක් තියෙනවද වගකුත් නැතුව යනව.

ඇත්තම කියනව නම් විශ්විගෙ චිකන් බර්ගර් එකෙත් ඒ සෙතේමයි. චිකන් රසෙන් පරිපූර්ණ පැටි එකේ රස පදම දිවට දැනෙන්න, නෑ... අර පිකල්ස් රස නිසා. හැබැයි ඇත්තම කිව්වොත් බීෆ් එකට වඩා නම් චිකන් එකේ, ඒ රස අඩුයි. අනිත් කාරණය තමයි ඒ බනිස් මාර සොෆ්ට්. මං කියන්නෙ බටර් ටිකක් ගාලා පොඩ්ඩක් ෆ්‍රයි කරල ගත්ත නම් ඔයිට වඩා ගතියකට දෙන්න තිබ්බ.

ම්... දිනේශ්ගෙ රැප් එකත්!

නරකම නෑ. හැබැයි ඒකෙ රොටිය ටිකක් පපඩම් ගතියයි. ඔන්න ක්‍රිස්පි ගතියට ආස අයට නම් කියාපුම. කෙසේවෙතත් ඒකෙත් බීෆ් එක නම්... පංකාදු පහයි ඈ. රෝස්ට් බීෆ් වෙන්න ඕන. පෙති පෙති කපල තොගයක් දාලා. සලාද, මයොනීස් අඩුම කුඩුමත් එක්ක... කතහැකි තලුමර මර යමරෙට. 

අර වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කිසිම බර්ගර් එකක් පොඩ්ඩක්වත් සැර නෑනෙ. අනේ මංදා ගම්මිරිස් සැරක්වත් මට නම් ආවෙ නෑ. අඩුම තරමෙ අර පිකල්ස් එකට කොච්චි පොඩ්ඩක්වත් දැම්ම නම්..

ඒකට... තිබ්බ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් කනෙන් දුම් දාන්න. බුදාප්පොච්චියෝ... මම දැක්කමයි කෑම කඩේක එච්චර සැරට ෆ්‍රයිස් දෙනව. දාලා යාළු ඒකට මිරිස් කුඩු තොගයක්. ලුණුත් හොඳහැටි දාලා...

හොඳමට හොඳයි ඉතින්. හැබැයි තව ශ්‍රී ලංකන් වුණා නම්..

නොම්මර එකයි ම තමයි!

Address

Crescat Boulevard, 89, Galle Road, Colombo 03

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice Burgers Submarines Wraps

Cuisine

American

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
User Reviews
I
1

5/5

0

Indy

I have tried this place! Totally delish

I
1

5/5

0

Indy

I have tried this place! Totally delish

See 1 Comment