Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

S39 Pizzeria

No:39 Shrubbery Garden Rd, Colombo 04


Probably the cheapest place in Colombo to get a pizza that really isn't all that bad!



පිට්සා කියන්නෙ ඉතාලි කෑමක්. හැබැයි පිට්සා රසිකයො ඉන්නෙ ඉතාලියෙ විතරක් නෙමෙයි. කෙටියෙන් කිව්වොත් ලෝකෙ කොහේ වුණත් පිට්සා කන්න ආස නැති අය ඉන්නෙ හරිම කලාතුරකින්. ලංකාවෙත් තියනව එක එක තාලෙ පිට්සා කඩ. ඒ අතරින් අපි මේ පාර ගියේ S39 Pizzeria එකට.

තැන

S39 Pizzeria එක තියෙන්නේ බම්බලපිටියෙ මරීන් ඩ්‍රයිව් එකේ. ඇතුල් වෙද්දිම පටු ඉඩකඩක් වගේ පෙනුණත් ඇතුළට ගියාමයි දැක්කෙ ගොඩ දෙනෙකුට වාඩි වෙන්න පුළුවන් කියල. ලී පුටු, ලී මේස උඩින් බල්බ් දාල පිරිසිදුවට පිළිවෙළට තියන තැනක්.

කෑම බීම

මේකේ නමත් එක්ක බැලුබැල්මට හිතෙන්නෙ පිට්සා කඩයක් විතරයි කියලා. ගිහින් බැලුවම තමයි දැක්කේ, ඒගොල්ලො ගාව තව ඉතාලි කෑම තොගයක්ම තියනවා. ඒකට මොකද අපි ආවෙ පිට්සා කන්න නෙ. ඉතිං අපි බැලුවා තියන පිට්සා ජාති මොනවද කියල. තෝරගන්න බැරි තරං දිග ලිස්ට් එකක්ම එයාලගෙ මෙනු එකේ තියනවා.

අපි තේරුවා කොච්චි චිකන් ස්මෝල් හාෆ් එකයි (රු. 625), චිකන් ඇඹුල්තියල් ස්මෝල් හාෆ් එකයි. (රු.625) ස්මෝල් එක කියන්නෙ අඟල් 10 පිට්සා එක. තව අඟල් 14 ලාජ් එකකුත් එයාල ළඟ තියනව.

පිට්සා එක ආවෙ උණුඋණුවේ. ඊට කලින් සෝස් එක්ක කොච්චි සම්බෝලෙකුත් ගෙනත් තිබ්බා. කොච්චි චිකන් පිට්සා එක උඩින් හීනියට ලියපු කොච්චි මිරිස් කෑලි දාලා. චිකන් ඇඹුල්තියල් පිට්සා එක උඩින් හීනියට ලියපු අමුමිරිස් කෑලි දාලා. දැක්කමත් කට දැවිල්ලයි වගේ. කාලම බලමු කියල හිතල අපි ඔන්න කන්න පටන්ගත්තා.

කටක් දෙකක් කාල මිරිස් කෑල්ලක් දෙකක් තුනක් හැපුණම තමයි ජින්ජර් බියර් එක ඕන වුණේ. ඒ වෙලාවට ඒක අමෘතය වගේ!

මං ඉතිං හෝම් මේඩ් ජින්ජර් බියර්වල ලොකු ෆෑන් කෙනෙක් හින්ද බීම මෙනු එකේ හෝම් මේඩ් ජින්ජර් බියර් තියනව දැක්ක ගමන් ඇහැ යන්නේ ඒකට. කතා දෙකක් නෑ මෙතන හෝම් මේඩ් ජින්ජර් බියර් එක (රු. 200) සීයට සීයක් රිෆ්‍රෙෂිං. ඒ වගේමයි රසත්. ස්වාභාවික ඉඟුරු රස ඉතුරු වෙන්න හදපු හොඳ ජින්ජර් බියර් එකක්.

චිකන් ඇඹුල්තියල් කියන්නෙ අපිට නිතර හම්බෙන කෑමක් නෙමෙයි හින්ද ඒකෙන් අමතක නොවෙන රහක් අත්විඳින්න ලැබුණා. හැබැයි නොම්මර එක දෙන්න පුළුවන් කොච්චි චිකන් එකට තමයි. පිට්සා එකේ කුඩු හැලෙන විදිහේ පොඩි වේලිච්ච ගතියක් තිබුණට මොකද රස නියම හින්ද අපි ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ.

සයිඩ් එකක් විදිහට අපි ගත්තා කොච්චි චීස් ටෝස්ට්. (රු. 450) මේක චීස් එක්ක කොච්චි මිරිස් දාල හදපු ටෝස්ට් එකක්. මේකෙත් පොඩි අවුලකට තිබුණේ වියළි ගතිය ටිකක් වැඩි එක තමයි. හැබැයි රහ නං උපරිමයි.

සර්විස් එක

මහ වෙලාවක් යන්න කලින් කෑම ටික මේසෙට ආපු හින්දයි, නිතර හිනා වෙලා සුහදව සර්ව් කරන ස්ටාෆ් එකක් හිටපු හින්දයි, මෙතන සර්විස් එකට සම්පූර්ණ ලකුණු දෙන්න පුළුවන්.

අවසාන වශයෙන්

කොළඹ අවටින් අඩු ගාණකට බඩ පිරෙන්න පිට්සා කනව නං S39 Pizzeria එක තමයි තැන. ගියාම ඔන්න මතක ඇතුව කොච්චි චිකන් පිට්සා එක අරගන්න!

Address

No:39 Shrubbery Garden Rd, Colombo 04

Contacts

Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Pizza Iced Tea

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
P
1

5/5

0

Prarthana

One of the best places I’ve ever visited,the food is amazing as heaven😍Best Pizza in the town♥️

P
1

5/5

0

Prarthana

One of the best places I’ve ever visited,the food is amazing as heaven😍Best Pizza in the town♥️

See 2 Comments