Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

Sathkara Cafe

Boyd Place, Colombo 03


Fantastic Sri Lankan food coupled with warm hospitality.



ලංකාව කියන්නේ ආගන්තුක සත්කාර අතින් බොහොම ඉහළ රටක් බව ලෝක ප්‍රසිද්ධ කාරණයක්.  අන්න ඒ ආගන්තුක සත්කාරය බොහොම අපූරුවට ලබාදෙන ගමන්, ඔරිජිනල් රසට ශ්‍රී ලංකාවේ කෑම හදන තැනක් තමයි මේ සත්කාර කැෆේ එක. මේක ඔය Aliya Resort & Spa, Maalu Maalu Resort & Spa වගේ හොටෙල් පවත්වාගෙන යන Theme Resorts & Spas එකේ ම තවත් වැඩක්.

කෑම බීම 

අලුතෙන් පටන්ගත්ත තැනක් වුණත් මෙනුවේ තියෙන ඕනේ ම දෙයක් ගන්න පුළුවන් බවයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් අපි ඒ අතරින් තෝරාගත්තේ චිකන් කොත්තු (රු. 490) එකයි, මඩකලපු-ස්ටයිල් ක්‍රැබ් කරි (රු. 1800) එකයි. 

ෂහ්! චිකන් කොත්තුව පංකාදු පහයි. කන කටක් කටක් ගාණේ චිකන් හැපෙන තරම්! උඩින් තියලා තිබුණු ෆ්‍රයිඩ් චිකන් ලෙග් එක විතරක් නෙවෙයි, රොටි අතරෙත් චිකන් කෑලි. සීසනින් එකත් නියම ගානට. හීනියට ලියපු කැරට්, ලූණු කොළ එහෙමත් කිසිම අඩුවක් පාඩුවක් නැතුව දාලා. අනික ගෙවපු ගාණට කිසිම පාඩුවක් නැහැ. මොකද දෙන්නෙක්ට වුණත් සෑහෙන තරමේ පෝෂන් එකක්නේ.

මඩකලපු-ස්ටයිල් ක්‍රැබ් කරි එක ආවේ එවෙලේම බේක් කරලා ගත්ත රෝස්ට් පාන් හතරකුත් එක්ක. මේකත් තුන්දෙනෙක්ට වුණත් බෙදාගෙන කන්න පුළුවන් පෝෂන් එකක්. සාමාන්‍ය සයිස් එකේ කකුළුවෝ 3ක් දාලා තමයි හදලා තිබුණේ. අනික මේ මස් දියවුණු ඒවත් නෙමෙයි. නියම ෆ්ලේෂී කකුළුවෝ. ග්‍රේවි එකත් සිරා ම සිරා. මාර ම ක්‍රීමි . අනික ස්පයිසස් තොගයක් දාලා හදලා නිසා ෆ්ලෙවර් එක හරි ම රිච්. උණුඋණු රෝස්ට් පාන් එකත් එක්ක කන්න නියමම ජාතිය. 

බීමට තිබුණේ SOZO බ්‍රෑන්ඩ් එකේ ඩ්‍රින්ක්ස්. අපි ගත්තේ SOZO අච්චාරු (රු. 300) එකයි, SOZO රාස්ප්බෙරි හිබිකස් (රු. 300) එකයි.

අච්චාරු එක තමයි අපට හොඳට ම අල්ලලා ගියේ. ඔයත් ඉස්කෝලේ යන කාලේ අඹ අච්චාරු බෑග් හිල් කරලා අර ඉතුරුවෙලා තියෙන ජූස් බොන්න පුරුදු වෙලා ඉඳපු කෙනෙක් නම් මේකට සෑහෙන්න ආස වෙයි. මොකද මේකේ රසත් ඊට බොහොම සමානයි.

රාස්ප්බෙරි හිබිකස් එක ශේප්. රාස්ප්බෙරි රස හොඳට තිබුණත්, හිබිකස්  ටී රස නොදැනුණ තරම්.

වාතාවරණය සහ සර්විස් එක 

කොළඹ හතේ Boyd Place එකේ තියෙන්නේ පුදුම නිස්කලංක ගතියක්. එළියෙන් දාලා තියෙන මෙනු බෝඩ් එක නොවෙන්න මේක මඟ හැරෙන්න තියෙන අවස්ථාවත් වැඩියි. පරණ තාලේ ගෙදරක කොටසක් තමයි මේ විදියට රෙස්ටෝරන්ට් එකක් බවට පෙරළලා තියෙන්නේ. ඒසී කරලා නැතත් හතර අතේ ෆෑන් තියෙන නිසා රස්නේ දැනෙනවා අඩුයි. හැබැයි අපට ස්ටාෆ් එකේ අය කිව්වේ ඉර මුදුන් වෙච්ච වෙලාවට නම් පොඩ්ඩක් රස්නේ වැඩියි කියලා. අපි මෙතැනට ගොඩ වුණේ හවස් වරුවක නිසා ඒ හැටි අවුලක් තේරුණේ නැහැ.

ස්ටාෆ් එකේ ඉඳපු අය අපට මෙනුව අතට දුන්නේ ප්‍රසන්න සිනහවකිනුත් සංග්‍රහ කරන ගමනුයි. ඒ සුහද බව, මිත්‍රශීලී බව අපි එතැන ගෙවපු හැම විනාඩියක ම රැඳිලා තිබුණා.

අවසාන වශයෙන් 

නියම ශ්‍රී ලංකන් කෑම ඕනේ නම් අනිවාර්යෙන් ම යා යුතු තැනක් තමයි මේ. ලොකු ගණන් වගේ පෙනුනට පෝෂන් සයිස් එකත් එක්ක බැලුවා ම ඒ ගාණට ඇත්තට ම වටිනවා. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment