Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Shandong The Chinese Kitchen

1092, Jayawardenapura Mawatha, Rajagiriya


Shandong is a Chinese restaurant in Rajagiriya, spearheaded by a few Industry veterans. They're one of the better choices when it comes to Sri Lankan Chinese delivery, though certain areas have plenty of room for improvement.



ගිය අවුරුද්දෙ ඉඳන් මේ වෙනකන් පනවපු තුන් වෙනි ලොක්ඩවුන් එකෙනුත් පස්සෙ, දැන් දැන් රට ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් වේගෙන එනවා වුණාට, තාම අවදානම නං පහ වෙලා නැහැ. අවන්හල් එහෙමත් දැන් නැවත ටික ටික විවෘත වෙනවා. ඒත් කෝකටත් හොඳයි කියලා අපි තාමත් ඩිලිවරිවලට ම සීමා වෙන්න තීරණය කළා.

මෙදා පාර අපි කෑම ගෙන්නගත්තෙ Shandong The Chinese Kitchen එකෙන්. හොඳ චයිනීස් කෑම සපයන තැනක් විදිහට කාලයක් තිස්සෙ නම් දරාපු තැනක් මේක.

කෑම

අපේ ඕඩර් එක වුණේ ප්‍රෝන් ස්ප්‍රිං රෝල්ස් පෝෂන් එකයි (රු. 700), මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 900), මැන්චුරියන් චිකන් එකයි (රු. 950), හොට් බටර් මෂ්රූම් එකයි (රු. 700). මීට අමතරව ඩිලිවරි ගාස්තුව විදිහට රු. 200කුත් අපේ බිලට ඇඩ් වුණා.

කැරට්, ගෝවා හීනියට ලියලා ඒකට ඉස්සො කෑලි ගොඩක් මික්ස් කරලා හදල තිබුණ ප්‍රෝන් ස්ප්‍රිං රෝල්ස් ටික හොඳ ෆ්‍රෙෂ් පිට තමයි ආවෙ. ගාණට ෆ්‍රයි වෙලා නිසා හොඳ ක්‍රිස්පි ගතියයි. තෙල් ගතිය තිබුණෙ යන්තමින්. මේකට දීල තිබුණ චිලී සෝස් එකත් සෑහෙන සැරයි වගේ ම රසයි.

මාළු, ඉස්සො, දැල්ලො, පෝක්.. ලොකු ලොකු කෑලි මහ ගොඩක් එක්ක කැරට්, ලීක්ස්, ගෝවා, ලූනු මික්ස් කරලා ආපු මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් එක ටොප්! බීෆ් එහෙමත් මේකට ඒගොල්ලො දානවා. අකැමැති නං අපි ගත්තා වගේ බීෆ් නැතුවත් ඕඩර් කරගන්න පුළුවන්.  මේ බාස්මතී හාලේ බත හොඳ සුමුදුවට තැම්බිලා තිබුණා. පෝෂන් එකත් ලොකු ම ලොකුයි.

මැන්චුරියන් චිකන් ටික රතු ම රතුවට සෝස් ගොඩක නෑවිලා තමා ආවෙ. සෝස්වලින් එන ළා පැණි රහයි ස්පයිසි ගතියයි ගාණට මික්ස් වෙලා. බෝන්ලස් චිකන් කෑලි ටික කටට සොෆ්ට්. පොඩි අවුලකට තිබුණෙ ටිකක් තෙල් ගතිය වැඩි එක.

හොට් බටර් මෂ්රූම් එක ගැන කිව්වොත්, මෂ්රූම්වලට හොඳ බටර් ගතියක් එන විදිහට වගේ ම ක්‍රිස්පි වෙන විදිහට ස්ටර් ෆ්‍රයි කරලා තිබුණා. ලීක්ස්, වියළි මිරිස්, කෑලි මිරිස්, ස්පයිසස් එහෙම දාල තව රහ කරලා. වෙජිටේරියන් කෙනෙක් නං මේක හොඳ ම ඔප්ෂන් එකක්.

අවසන් වශයෙන්

ගොඩක් චයිනීස් කඩවලින් කාල ඉවර වුණාම ලුණු ගතියත් එක්ක එන වතුර තිබහ තමා අවුල. කොහොම වුණත් සමස්තයක් විදිහට හොඳ රසට බඩ පිරෙන්න චයිනීස් කෑම කන්න පුළුවන් තැනක් මේක. පෝෂන්ස් එහෙමත් ගොඩක් ලොකුයි නේ. ඉතින් ඕගොල්ලොත් ඕඩර් කරලා බලන්න. හොඳ නරක අපිටත් කියන්න.


Similar Places

User Reviews
R
1

2/5

1

RahulJ

Well, I’ve been Shandong a few times before, almost an year ago, and I loved it then. However with good expectations when I visited the place yesterday, I was left with a lot surprises. The quantities were very small, value for money was less, food wasn’t unto expectations, service was kind of poor. I hope they improve and get back on track soon…

R
1

2/5

1

RahulJ

Well, I’ve been Shandong a few times before, almost an year ago, and I loved it then. However with good expectations when I visited the place yesterday, I was left with a lot surprises. The quantities were very small, value for money was less, food wasn’t unto expectations, service was kind of poor. I hope they improve and get back on track soon…

M
1

5/5

1

Michael Lu

Great food and even better service!

See 15 Comments