Artwork for Sampath Top - June

4/5

Silver Spoon

953, Thalangama south, Battaramulla


An awesome place to get booze while having delicious Chinese and Thai food



පොඩි ට්‍රැවල් සීන් එකක් ගොඩ දාගෙන කොළඹට බැස්ස විතරයි!

“ඒ අ!@#$ කොහෙද ඉන්නෙ?”

අපේ එකෙක්ගෙන් ඇමතුමක්.

අම්මප දිවි ඇති තුරාවකට මුන්ගෙන් නම් ගැලවිල්ලක් නෑ...,

කියල හිතහිතා තමයි මම ෆෝන් එක ආන්සර් කලේ.

“දැන් ගෙදට්ට ආවෙ බං. මොකෝ සීන් එක?”

“එළ එළ. එහෙනම් හැන්දෑවට පොඩි අඩියක් මොනවහරි කරමු. කට්ටිය ගොඩ දෙනෙක් එන සීන් එකක් තියෙන්නෙ”

“ඒ මොකෝ බං”

“ඒව්ව උඹට වැඩක් නෑනේ. 7 වෙද්දි පැලවත්තෙ සිල්වර් ස්පූන් එක ළඟට වරෙන්කො”

හ්ම්ම්… යාළුවගෙ කතාවෙන් බහෙන් නම් හැන්දෑවෙ එච්චර සුභදායක තත්වයක් නම් පෙන්නුම් කලේ නෑ. මොකක් හරි සීන් එකක් තියෙනව. බලමුකො බලමුකො ගිහිල්ල.

ගමන් මහන්සිය යන්නත් එක්ක කියල නාලා කරල පොඩි ඇලට් එකක් දාපු මම 6.30ට විතර අවදි වුනා. ඒකත් කණ ළඟ රින්ග් වුණ ෆෝන් එක නිසා. බැලින්නම් අපේ එකෙක්.

“ඒ… එන්නෙ නැද්ද යකෝ! උඹේ බර්ත්ඩේ පාර්ටිය, අපිට තනියෙන් ගන්නද කියන්නෙ.”

“හෑ… ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට. මම ඒත් බැලුවා මොකද උඹල ඔච්චර ආදරෙන් කියල. මේ මගේ අතේ නම් වත නෑ හොඳේ. බෝතල් 2ක් අරන් දෙන්නම් උපරිම, ඉතිරිව උඹලා ගාණෙ බලා ගනින්.”

“හා හා වරෙන්කො ඉතින්”

“හිතුව වගේම ශුද්ධ ලාබය, ශුද්ධ වියදමට මාරු වෙන්න යන්නෙ. අපරාදෙ ටුවර් එක කරපු සල්ලි”

හිතල මතලම පරක්කු කරල ගියත් අපේ කට්ටිය මම යනකම් වැඩේ පටන් අරගෙන තිබ්බෙ නෑ. මොකද බෝතල් ඕඩර් කරන්න මාව ඕන වෙනවනෙ.

වෙලාවට වගේ උඩ තට්ටුවට ගොඩ වෙද්දිම සේවක මිත්‍රයෙකුත් මගේ ලඟට ආවා. ඈත මේසෙ අපේ එවුන් 6, 7 දෙනෙක් පිරිලා…

“ම්… ගේන්නකො මල්ලි සංස්ථා ඕල්ඩ් 2ක් අන්න අර මේසෙට. එයාලා මොනවද බයිට් එකට ඉල්ලුවෙ?”

“ස්පෙෂල් මික්ස් චොප්සියකුයි (රු. 1600), ඩ්‍රැගන් පෝර්ක් එකකුයි (රු. 850) ඉල්ලුවෙ සර්!

“ආ… ඒ ඇති ඒ ඇති. තැන්ක්යූ හොඳේ”

මගදිම ඕඩරේ දාපු මම කට්ටියගෙ ෆුල් සුබපැතුම් මැද්දෙ ගිහින් මේසෙන් වාඩි වුණා.

“කොහොමද බං ටුවර් එක?”

“හොඳයි ඉතිං. ගෙදට්ට ගොඩවෙද්දිම, හම්බකරන් ආපු තුට්ටු දෙකට කෙලින්න තොපි වගේ යාළුවො ඉන්නකම්...”

කතා බහ දිගින් දිගට ඇදෙන්න හැදුවත් මේසෙට ආපු බෝතල් 2යි සැන්ඩියයි නිසා ඒක එහෙම පිටින්ම කොට උඩ.

“හා හා… උඹම එකක් කඩල ගත්ත නං එහෙනං!”

බෝතලයක් හෙමින් සැරේ මගේ අතට පාස් වුණා. මාත් ඉතින් ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල පොඩි ෂොට් එකක් දාගෙන සැන්ඩි පදමත් එක්ක චියර්ස් පාර දැම්ම.

හප්පේ… දවස් ගාණකට පස්සෙ නිසා උගුර කට නිකම් පිස්චිලා යන්නෙ. වෙලාවට ඒ වෙද්දි චොප්සිය මේසෙට ඇවිත් තිබුණේ.

පිඟානෙ උඩින්ම, දෑහැට පේන්න තිබුණ ඉස්සව මම ගෑරුප්පුවට අරගෙන එක කටට ගිලල දැම්මෙ අරක්කු සැර කැපෙන්නය කියල.

ඒකට බලන්න එපැයි, සැහ්! ටොප් බඩු ආ… සුපිරි රසක් තියෙන්නෙ. ඉස්ස විතරක් නෙවෙයි ඊට පස්සෙ කාපු දැල්ලො කෑල්ල, චිකන් කෑල්ල වගේම එළවළු ටිකත් පංකාදු පහයිනෙ. අනික ඒ චොප්සියෙ මදි නොකියන්න බත් එහෙමත් තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන, ඔය සමහරක් රෙස්ටුරන්ට්වල වගේ නෙවෙයි මෙයාලගෙ කෑමවලට සෝස් දාලා තියෙන්නෙ නියම ගානට. මොකද රස පදමින් කිව්වහැකි, අඩංගු දෑ සියල්ල ෆුල් ෆ්‍රෙෂ් පිට අරගෙන ලුණු ඇඹුල් පදම ඇතිව තම්බල, එකතු කරල තියෙන්නෙ කියල. අවංකයෙන්ම චොප්සියෙ සීෆුඩ් ටික එහෙම සුපිරි ආයෙ! බයිට් එකට වගේම ඩයට් එකටත් කියාපු. එළවළු ටිකත් තැම්බුණා නැතා ගානයි. තලු මරමර රස බලන්න පුළුවන්.

හැරත් දෙවනි ෂොට් එකේ කට ගැස්ම වෙච්ච ඩ්‍රැගන් පෝර්ක් එක. ෂප්පේ… බලන්න එපැයි ඒකෙ රස! පිස්සු හැදෙනව. තනිකර ගමේ රහට චයිනීස් රස එකතු වෙලා හැදිච්ච පෝර්ක් කරියක් වගේ. සැර ගැන නම් කතා කරන්න දෙයක් නෑ, ආයෙ උපරිමයෙන්ම. පෝර්ක් කෑලි වලත් හොඳ හැටියට කරි රස. ඒ නිසාම අරක්කු වලටත් කියාපු. අනික ඇඟිලි පුරුක් දෙකක විතර සයිස් එකට කපල හදපු පෝර්ක් පෙති අතරෙ තෙල් කෑලිත් එච්චරටම තිබ්බෙ නෑ. කිව්වට විශ්වාස කරන්න යාළු, චොප්සි රයිස් එකට ඩ්‍රැගන් පෝර්ක් ටිකක් එක එකතු වුණාම නම්… ඒකම ඇති ඉතින් බෝතලේ හිස් කරන්න.

කොහොමහරි ඔය අතරට අපේ එක බෝතලයක් ඉවරවෙලා. බයිටුත් සෑහෙන්න සීමිත වෙලා නිසා මම කල්පනා කලා තව මොනව හරි බයිට් එකක් ඕඩර් කලා නම් හොඳයි කියල. වෙලාවට වේටර් මල්ලි මෙනියු එක මේසෙ උඩ තියල ගිහින් තිබ්බෙ.

“අමර පදමට වැදීගෙන එන වෙලාවෙ අකුරු පේන්නෙත් නෑ අප්ප. ඔන්න ඔහෙ චිකන් ඩෙවිල් එකක් දානව. දාලා…”

“ඒ… ඔය රයිස් මොනව හරිත් දාපන්, නාසි එකක් වගේ”

“අන්න හරි"

"ඒ නදියා, අන්න අර මල්ලිට කියාපන්කො චිකන් ඩෙවිල් එකකුයි (රු. 750), මික්ස් නාසි එකකුයි (රු. 1450) දාන්න කියල.” දොර ළඟම ඉඳපු යාළුවට පණිවුඩය දුන්න මම කෙලින්ම බැස්සෙ දෙවනි බෝතලේට.

සැහ්! ඒකෙන් සොට් 2යි දැම්මෙ… නිකං පොල්ලෙන් ගැහුව වගේ.

කොහොම හරි ටික වෙලාවකින් බලද්දි මේසෙ උඩ තියෙනව කියන්නකො බාගෙට ඉවර වෙච්ච චිකන් ඩෙවිල් එකක්! කරන්න දෙයක් නෑ. ගත්ත කෑල්ලක්, දා ගත්ත කටට.

කිව්වට විශ්වාස කරන්න යාළු කන් දෙකෙන් දුං දැම්මෙ ඈ… කන් දෙකෙන්.

කොටින්ම කියනව නම්, අන්න ඩෙවිල්ඩ්. ආයෙ දෙකක් නෑ කෙලින්ම යකා. චිකන් කෑලිත් ටිකක් ලොකුවට කපල තිබ්බ නිසා ෂොට් 2කට වුනත් ඇතිවෙන ගාණක් තිබ්බෙ. ඒ විතරක් නෙවෙයි, කැරට් මාළු මිරිස් ලූණු පදමට දාලා ලෙසටම හදල තිබ්බ. හැබැයි ඒකට නම් සෝස් ටිකක් වැඩියි. මොකද කණ සාක්කුවෙ තියෙද්දිත් සෝස් රස දැනුන කියන්නෙ ඉතින්... සෝස් රස වැඩියි තමා… ඒත් ඔය වෙන හෝටල්වල වගේ බෙලි දෙකේ කුකුලෙක් නම් නෙවෙයි මේ හෝටලේ හිටියෙ. කොටින්ම කියනව නම් ඩෙවිල් එකේ, එක බෙල්ලක් තට්ටක් නෑ කියන්නකො.

නිකම් බොරු ඕන නෑනෙ, නාසිගුරාන් එක නම් සවුත්තුයි හොඳේ… බත ටිකක් වේලිලා. ඒ මදිවට මික්ස් කරල තිබ්බ මස් මාළු ඉස්සො දැල්ලො ටිකෙත් රස සෑහෙන්න මදි. අනික ඒව දාලා තියෙන්නෙ කන් හැන්දෙන්ද මන්දා, ලොකු කෑලි 3, 4ක් හැරුණාම අනිත්ව ඔක්කොම ඉතා කුඩා ඒවා. හැරත් ඒකෙ කිසිම නාසි ගතියක් නෑ. අර නාසි වලට දාන සෝස් තියෙන්නෙ, මගෙ හිතේ ඒව ඉවර වෙලා වෙන්නැති. කොටින්ම කියනව නම් නාසි එක නිකම් දන්සැල් බත් එකක් වගේ. උඩින් ලූණු වගයක් කර කරල දාලා…

අනේ මන්දා!

කමක් නෑ, ඉතින් කාපු බීපු තැනනෙ කියල අපිත් කට වහගෙන එළියට බැස්ස. මොකද නාසි එක එද්දිත් වෙලාව 11ට කිට්ටුයි. මතකෙ හැටියට ඊටත් පැයක් හමාරක් අපි විනාස කරන්න ඇති. වැඩේ තියෙන්න මට හරියට මීටර් නෑනෙ! ඒකනෙ.


TIP

Try Special chopsuey rice & Golden pork

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment