3/5

Snow Monkey (Food Station)

No 123, Vinayalankara Mawatha, Colombo 10


A great place to cool off. Pun intended.


දැන් දැන් ලංකාවේ රෙස්ටෝරන්ට් කලාවට අලුත් රැළි පෙරළෙන ගතිය වැඩියි. බබල් ටී, රෝල්ඩ් අයිස්ක්‍රීම් ඕවයින් කීපයක්. ඔන්න ස්නෝ කෝන් සංස්කෘතියත් ලංකාවට ඇවිල්ලලු. කොල්ලුපිටියේ තියෙන ස්නෝ මන්කි එකේ තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් පහුගිය දවසක මායි ශලිනියි මේ පැත්තට ගියේ ඒ විස්තරේ බලාගන්න.

වාතාවරණය

මේක තියෙන්නේ කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි මාවතේ. කොළඹ පැත්තේ ඉඳන් ඩුප්ලිකේෂන් පාර දිගේ එද්දී, පබ්ලික් බැංකුවත් එක්ක ම හැරෙන්න තියෙන පාරෙන් ගාලු පාර පැත්තට ආව නම් හරි. හරියට ම කිව්වොත් මේක තියෙන්නේ ඉස්සර අච්චාරු කඩේ තිබුණු තැන. වැඩි ඉඩකඩක් නැති කඩ පොඩිත්තක්. බිත්තියට ම සවිකරපු මේසෙකුයි, පුටු හතර පහකුයි තියෙනවා. ඒ බිත්තිය පාටපාටින් ඇඳපු තීරුවලින් සරසලා. අනිත් බිත්තිය පින්තූර ගොඩක් එල්ලපු එකක්. රාමු කරපු මීම්, කොළඹ පරණ ගොඩනැගිලිවල පින්තූර එහෙම මේ අතරේ තියෙනවා.

ස්නෝ කෝන්ස්   

දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්නම්කො එහෙනම්. ස්නෝ කෝන් හදන්නේ කුඩුකරපු අයිස් කැටවලට උඩින්  පලතුරු  සිරප් වක්කරලා. හපලා කන්න වගේ ම, දිය වෙන්න ඇරලා බොන්නත් පුළුවන් විදියේ අපූරු කෑමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

ස්නෝ මන්කි එකේ ප්‍රධාන වශයෙන්  පලතුරු  රස හතක හයක් තියෙනවා. ඒ නෙල්ලි, දෙහි/ලෙමන්, නන්නාරි, පැෂන් ෆෘට්, බ්ලැක් කරන්ට්, රෝස් (රෝස මල් නෙවෙයි හොඳේ. මේ ෆලූඩාවලට දාන රෝස් සිරප්) සහ මික්ස් ෆෘට්. ඒ හැරුණා ම, රසවල් කීපයක් එකතු කරලත් ගන්න පුළුවන්. කෝප්පේ සයිස් එක සහ තෝරාගන්න රසවල් ගානේ හැටියට රුපියල් 100 ඉඳලා 300 දක්වා මේවයේ ගණන් වෙනස් වෙනවා.

කවුන්ටරේ පිටිපස්සේ ඉඳපු ස්නෝ මන්කි එකේ අයිතිකාර මිත්‍රයා රෙකමදාරු කරපු නිසා ම, අපි ගත්තේ බ්ලැක් රෝස් (රු.150), නෙල්ලි ලයිම් (රු.150) සහ පැෂන් ෆෘට් ලයිම් (රු.150).

මේ තියෙන්නේ නෙල්ලි ලයිම් එක. මේකෙන් ඇත්තට ම ළා මොහිටෝ රසක් ආවා (පොඩ්ඩක් දියවෙන්න ඇරලා බීලා බලන්නකෝ. පට්ට ම රසයි). ගොඩක් ම දිවට දැනුණේ දෙහිවල ඇඹුල් ගතිය. නෙල්ලි එකෙන් තමයි ලස්සන කොළ පාටක් ඇවිත් තිබුණේ. ඇඹුල් රසට බොන්න කැමති අයට මේක බයක් සැකක් නැතුව රස විඳින්න පුළුවන්.

පැෂන් ෆෘට් ලයිම් එකේ තිබුණු පැෂන් ෆෘට් රසට තමයි අපට ගොඩක් ආස හිතුණේ. පැෂන් ෆෘට්වල තියෙන ළා ඇඹුල් රස ලයිම්වලින් තවත් වැඩි කරලා තිබුණා. දියවෙලා බොද්දි හොඳ සීතලට හදපු පැෂන් ෆෘට් ජූස් එකක් වගේ. මේකත් ඇඹුල් රසට කැමති නියමෙට හරියන එකක්.

අපි ගත්ත ස්නෝ කෝන් අතරින් නියමෙට ම අල්ලලා ගියේ බ්ලැක් රෝස් එක තමයි. යන්තමට දැනෙන ෆලූඩා රසට එකතු වෙච්ච බ්ලැක් කරන්ට් රසින් අපේ රස නහර පිනා ගියා කිව්වොත් හරියට ම හරි. දම්, රතු පාටට තියෙන මේ ස්නෝ කෝන් එක බොන්නත් මරු. තිබහට පට්ට බීම. පැණි රසට කැමති උදවියට මේක තමයි හොඳට ම හරි යන්නේ.

සර්විස් එක

පටන් අරගෙන දවස් කීපයක් වගේ වුණත්, ස්නෝ මන්කි එකට වටේ පිටේ තියෙන කන්තෝරුවල උදවියගෙන් තියෙන්නේ සෑහෙන්න ලොකු ඉල්ලුමක්. මායි ශලිනියි මෙතැනට යද්දීත් පහළොස්දෙනෙක්ගේ විතර කාණ්ඩයක් මේකේ පිරිලා හිටියා. මේකේ කාර්ය මණ්ඩලය හැදිලා තියෙන්නේ ස්නෝ මන්කි එකේ අයිතිකාර මිත්‍රයයි, තව එක්කෙනෙක්ගෙනුයි. ඒකයි කියලා නැහැ, ඕඩරේ දීලා විනාඩි 10ක් 15ක් වගේ වෙද්දි ස්නෝ කෝන්ස් ටිකේ රස බලන්න අපට අවස්ථාව ලැබුණා.

අවසාන වශයෙන්

ලංකාව කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් අව්ව වැටෙන රටක්නේ. ඉතින් එහෙව් රටකට නියමෙට හරි යන කෑමක් තමයි මේ ස්නෝ කෝන්ස්. තිබහ, මහන්සිය දෙක ම යවාගන්න මරු. අනික ස්නෝ මන්කි එකෙන් මේවා ගත්තොත් වැඩි ම වුණොත් යන්නේ රුපියල් 300නේ. ඒ නිසා සාක්කුවටත් ෂේප්.


TIP

Try the Passion Fruit snow cup.

Address

No 123, Vinayalankara Mawatha, Colombo 10

Directions

It's at The Food Station on Vinayalankara Mawatha. From the ODEL roundabout head past Hayley's and turn just before Union Chemist.

Contacts

E-Mail Facebook Instagram

Closed right now



Latest