Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

3/5

Spice Coast

39A/1 Marine Drive, Bambalapitiya, Colombo 4

Get it delivered on Pickme Food

Spice Coast is well-known restaurant down Marine drive for their spread of Indian food.



දවල් බත් එක දිග අරින්න හම්බවුණේ නෑ; අතිජාත මිත්‍රයෙක්ගෙන් කෝල් එකක් ආවා.

“මේ, උඹ දවල් කෑමට ෆ්‍රී ද? කාලෙකින් බිරියානි කෑවේ නෑ බං”

බිරියානි කෑමේ ආසාවක් නම් මටත් තිබුණා. ඊටත් වඩා තිබුණේ නාන් කෑමේ කෑදරකමක්. ඔය දෙකට ම හරි යන, මටයි යාළුවටයි දෙන්නට ම සම දුරින් තියෙන තැනක් ගැන කල්පනා කරනකොට තමයි ස්පයිස් කෝස්ට් එක ගැන මතක් වුණේ.

පැන්නා පාරට; නැග්ගා ටුක් එකකට. විනාඩි 2න් මං ස්පයිස් කෝස්ට් එක ළඟ.

තැන

ස්පයිස් කෝස්ට් එක තියෙන්නේ බම්බලපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ. හරියට ම කිව්වොත් ශ්රුබෙරි ගාර්ඩන් පාරට හැරෙන තැන ම වගේ. මේක මේ අවට ඔෆිස්වල වැඩ කරන අය  අතරේ සෑහෙන්න ප්‍රසිද්ධ තැනක්. ඒ නිසා ටේක්අවේ ඕඩර් එහෙම සෑහෙන්න එන බවක් තමයි පේන්න තිබුණේ. කොහොම වුණත් දහපහළොස්දෙනෙක්ට එක සැරේ වාඩි වෙලා කෑම බොන්න පුළුවන් විදියට ඉඩ තියෙන නිසා ඩයින්-ඉන්වලට ප්‍රශ්නයකුත් නැහැ.

කෑම බීම

ප්‍රධාන වශයෙන් ම මේ කට්ටියගේ මෙනුවේ තියෙන්නේ ඉන්දියන් කෑම. ඒ හැරුණා ම චයිනීස් කෑම කීපයකුත් තියෙනවා. පහුගිය සැරේ රිවිව් එකේදී අපි ගත්තේ චයිනීස් කෑම නිසා, මෙදා සැරේ අපි ඕඩර් කළේ ඉන්දියන් කෑම ටිකක්.

අපි ගත්ත චිකන් බිරියානි (රු.450) එක ඒ හැටි ඔපයක් නැහැ. අර බිරියානි එකක තියෙන්න ඕනේ නියම ඉන්දියන් කුළුබඩුවල රස මේකෙන් ආවේ ලාවට වගේ. බතේ ඒ හැටි තෙල් ගතියක් නොතිබුණු නිසා ලොකු අවුලකුත් නැහැ. අනික තඩි චිකන් කෑලි දෙකකුත් මේකේ ගිලවලා තිබුණනේ. ඒ වුණාට මේක මේ චානා’ස් එකේ බිරියානි කිට්ටුවෙන්වත් තියන්න අමාරුයි.

නාන් දොලදුක යවාගන්නත් එක්ක අපි බටර් නාන් (රු.130) එකකුයි, චීස් නාන් (රු.190) එකකුයි ඕඩර් කළා. බටර් නාන් එක නම් පංකාදු පහයි. බටර් රස, සහ බටර්වල තෙල් ගතිය යසට එන විදියට හදලා තිබුණු මේ නාන් එක උණුඋණුවෙ ම මේසෙට ආව නිසා තවත් මරු. චීස් නාන් එකත් වරදක් නැහැ. හැබැයි අර බටර් නාන් එකට උඩින් ග්‍රේට් කරපු චීස් ටිකක් ඔබ්බවලා තමයි මේක හදලා තිබුණේ. ඒ නිසා රොටිය ඇතුළෙන් එන චීස් රසක් මේකේ තිබුණේ නැහැ.

ෂහ්! නාන් කන්න අපි ගත්ත චන්න මසාලා (රු.390) එක තමයි සිරා ම කරිය. මේක කඩලවලින් හදන සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු කෑමක්. නියම මසාලා රසක් මේකෙන් ආවා. ඒ නිසා නාන් එක්ක තකටතක. කොච්චර ආසාවෙන් මේ හොද්දේ රස බැලුවද කිව්වොත්, අර බිරියානි එකේ ඉතුරු ටික කෑවෙත් ඒකත් එක්ක. කොටින් ම කිව්වොත් අන්තිම වෙද්දී බෙහෙතකටවත් ගන්න හොදි බින්දුවක් ඉතුරු වුණේ නැහැ.

අපි බීම මෙනුවෙන් ඕඩර් කළේ ස්වීට් ලැසී (රු.290) එකක්. මේකත් හොඳයි. මීකිරි රස හොඳට ම දැනුණා. ඒ වුණාට පොඩ්ඩක් විතර උකු ගතිය වැඩි. ඒ නිසා බොන්න ටිකක් වෙලාව යනවා.

සේරම කෑම බීම ඉවර වෙලා අපි කල්පනා කළා වටලප්පන් කෑල්ලකත් (රු.150) රස බලන්න. අනේ! ඒක නම් සෑහෙන්න සවුත්තුයි. හරියට නිකන් වටලප්පන් එකක් ෆ්‍රීසර් එකේ දාලා අරගෙන වගේ. පුදුම හයියනෙ. පොඩ්ඩක් හරි සොෆ්ට් ගතියක් තිබුණේ මේකේ අඩිය හරියේ විතරයි. අනික සීනි පැණි රස බේරෙනවා. සෑහෙන්න අවුල්.

සර්විස් එක

අපි මෙතැනට යද්දී කඩේ පිරෙන්න සෙනඟ. හැබැයි කෑම බීම ටික සේරම විනාඩි 15න් වගේ මේසෙට ආවා. වැඩට ඉන්න අයගේ ලොකු මිත්‍රශීලී ගතියක් දැකගන්න නැතත්, කෑම බීම ගැන ඕනේ විස්තරයක් ඒ අයගෙන් අහලා දැනගන්න පුළුවන්.

අවසාන වශයෙන්

මැරීන් ඩ්‍රයිව් එක අවට ඉන්න වෙලාවක ඉන්දියන් කෑම වේලක රස බලන්න හිතුණොත්, ස්පයිස් කෝස්ට් කියන්නේ ඒකට ගැලපෙන තැනක්. හැබැයි කෑම සේරම හොඳට ම හොඳයි කියලා ලොකු රෙකමදාරුවක් දෙන්න නම් අමාරුයි. හැබැයි ගෙවන ගාණේ හැටියට වටිනාකමක් ලැබෙන වග නම් අනිවාර්යෙන් ම කියන්න ඕනේ.


TIP

They do big biriyani savans (Rs. 2,950 for chicken

Address

39A/1 Marine Drive, Bambalapitiya, Colombo 4

Directions

Spice Coast is between Holy Family Convent and Majestic City on Marine Drive (closer to Holy Family). The nearest junction is Shrubbery Gardens.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 11AM to 11PM every day

Cuisine

Chinese Indian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

4/5

0

Sanjith

Excellent food and best service. The price is little high.

C
1

5/5

0

clyde_jcc

Very tasty spicy food at reasonable prices. Includes Indian and Chinese options.

S
1

4/5

0

Sanjith

Excellent food and best service. The price is little high.

C
1

5/5

0

clyde_jcc

Very tasty spicy food at reasonable prices. Includes Indian and Chinese options.

See 8 Comments