ඕනෑම නගරයක සුන්දරත්වය රඳා පවතින්නේ මීටර් කීපයක් තුළ ඔබ එක් ලෝකයක සිට තවත් ලෝකයක් කරා ගෙන යාමට ඇති හැකියාව මතයි. ලන්ඩන්, නිව්යෝක් හා පැරිස් මෙවැනි පුංචි ලෝක හා ප්රජාවන්ගේ එකතු සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. වීදියකින්, පටු මගකට හැරී ගොස් සම්පූර්ණයෙන්ම වෙනස් විශ්වයකට ඇතුල් වන්නට ඔබට එහිදී පුළුවන්.
ඒ තරමින්ම නැති වුණත්, කොළඹත් එවැනියි. පිටකොටුවේ පදික වේදිකා ඇති හෝ නැති තරමේ තද බද වීදියක වෙළඳ කලබල මැදින් ඇවිද යන ඔබ මීටර් කීපයක් ඔබ්බෙන් හිල්ටන් හෝටලයේ ලොබියේදී අයිස් තේ කෝප්පයක් ඇණවුම් කරන්නට පුළුවන්. අත්දැකීම් දෙකෙහි පරතරය පුළුල්. එහෙත් මේ පුරයට ඊටත් වඩා සුන්දර හා සියුම් පරස්පරතාවන් පිළිබඳ අත්දැකීම් ඔබට ලබා දීමේ හැකියාව තිබෙනවා.
ස්කොට් කර්ක්
ගිය සතියේ දිනෙක සැන්දෑවේ අපි කොල්ලුපිටියේ තදබද ගාලු පාර පැත්තෙන් ඇවිදගෙන එද්දී අපි හදිසියේම ශාන්ත ඇන්ඩෘ පල්ලිය හෙවත් ස්කොට්ස් කර්ක් පල්ලිය ළඟට ආවා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ළඟ ඇති මේ ගල් පල්ලිය නොදන්නා කොළඹ වැසියෙක් නැතිව ඇති. ඒත්, මම හිතන්නේ ඇතුළට ගිහින් තියෙන්නේ කීපදෙයි.
අපි හිතුවා වැරදියි. එතුළ ඉතා මනස්කාන්තයි. කමකට නැති අපිරිසිදුකම් මැදින් ඇවිද ආ අප නතර වී තිබුණේ සිදු පිරියම් කළ බිත්තිවලින්, අඳුරු පැහැ දැවයෙන්, පාට ගැන්වූ වීදුරුවලින් හා පුදුම එළවනසුළු සංධ්වනි සංගීතයෙන් සැදුම්ලත් තැනක.
මෙය සිදු වුණේ අහම්බෙන්. දේවස්ථානය සිත් ඇද බැඳ ගත් නිසා ඇතුළට ගිය අපට දක්නට ලැබුණේ ඉරිදා මෙහෙයට පුරුදු පුහුණු වෙමින් සිටි ගීතිකා කණ්ඩායම. එයත් හොඳ ගීතිකා කණ්ඩායමක්. එබැවින් ඔප් නංවන ලද පැරණි බංකු මත හිඳ ගත් අපේ නෙත් ඒ මිහිරි ස්වර හා බැඳී අඩවන් වුණේ නිතැතින්මයි.
මොහොතකින් අපට උණුසුමත්, අසීරු බස් ගමනත්, කොත්තු රොටි කෑමේ බඩගින්නත් අමතකව ගොස් අපි වෙන ලෝකයකට ගියා. එය සදාතනික යටත් විජිත කාලීන නත්තලක්. සැහැල්ලු ඇඳුමින් සැරසී සිටි හැමෝම හිටියේ යුරෝපීය විලාසිතාවේ සැහැල්ලු නිවර්තන තොප්පි අරගෙන
ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය හැම කලෙකමත් වෙනත් ලෝකයක්. මේ වනාහි ස්කොට්ලන්තයේ සිය ගම් බිම් ගැන සිතමින් කණගාටු වුණු ස්කොට් ජාතික තේ වගාකරුවන් විසින් 1842දී ඉදි කරනලද පල්ලියක්. එහි දායක සභාවේ වැඩි පිරිස යුරෝපීයයෝ. අවට කතෝලික පල්ලි හෝ පොල්වත්තේ ඇංග්ලිකන් දේවස්ථානය පවා වැඩිපුර සමන්විත වන්නේ අප දන්නා හඳුනන ලාංකික පිරිසකගෙන් යුත් සභාවකින්.
සුදු මිනිසුන් දෙවියන් පුදන්නට ආ මෙතැන වැරදිය නොහැකි පරිදිම බ්‍රිතාන්‍ය හා ස්කොට් ලක්ෂණවලින් යුක්තයි. එතැන ඉතා චාම්. ගල් හා දැවවලින් කළ ඉදිකිරීම්. ලංකාවේ බොහෝ දේවස්ථානවලට පොදු විශාල සුරුවම් එහි නැහැ. එහෙත් අලංකාර පාට වීදුරුවලින් කළ නිර්මාන නම් තිබෙනවා.
එහි ඇති ආකර්ශනීය සරළකම තමයි, එතැන කොළඹ සුන්දරම දේවස්ථානය වන්නට පුළුවන් හේතුව. (කිසි දිනෙක දේවස්ථානයකදී විවාහ වීමේ අදහසක් මට තිබී නැහැ. එහෙම තිබුණා නම් මෙතැන තමයි, මගේ ලැයිස්තුවේ අංක එක වන්නේ)
පුරයේ සෙසු ආගමික ස්ථාන මෙන්ම (ගංගාරාමය හැර කීවා නම් හොඳය) ආගමික පූජෝත්සවයක් නොපැවැත්වෙන විට මෙතැනත් ශාන්ත, සාමකාමී ක්ෂේම භූමියක්. උස් ගොඩනැඟිලි ඉදි වූ පරිසරයක පිහිටි මේ දේවස්ථානයේ අවට පිහිටි මහා දැවැන්ත දේ නිසාම එයට කාලයට අසම්බන්ධ ආකර්ශනයක් ලැබෙනවා.
එය අපූරු ස්ථානයක්. අප එහි ගොස් සිටින අතරතුර පුහුණුවීම් කරමින් සිටි ගීතිකා කණ්ඩායම අපේ මිහිර දෙව්ලොව දක්වාම ඔසවා තැබුවා. මේ වනාහි ඉබාගාතේ ඇවිද යන විට ඔබ අත්විඳින හොඳ දේ. ඒ නිසයි අපි 'යමු' පාඨකයන්ට ආරාධනා කරන්නේ ඇවිද යන්න, රස්තියාදු ගහන්න, මිදිලා දෛනික ඒකාකාරී ජීවිතයෙන්.
TIP
The main service is on Sunday at 9.30 (come for the choir). We haven’t got a hold of their rehearsal schedule. Though the church was originally Presbyterian it now describes itself as interdenominational - so all are welcome, we certainly didn’t feel unwelcome and we don’t belong to any denomination.
Delete Comment
Denham Pereira
Thank you for your kind comments on St. Andrew's Scots Kirk. So happy that you found peace within. The Choir mentioned in your article is actually the Colombo Philharmonic Choir who were rehearsing for their upcoming concert "Lux Aeterna" which will be held at St. Andrew's on the 17th of August at 7.30 p.m. So if you like to hear more of them I highly recommend that you come or it.
Denham Pereira
*for
Fae Egan
Reading your article on Scots Kirk brought back some very happy memories for me. During my much younger years (!), living in Colombo, Scots Kirk was the church my family attended. Every Sunday evening a very pleasant hour was spent at Scots Kirk. I also attended Sunday school! It is great to see Scots Kirk looking so good.
Ryan
Thank You Yamu for this nice article…
Good luck and may the God be with you all!
Mike
its quite a beautiful place, I enjoy sitting there and whiling away the hours every week, I particularly love the stained glass windows, the choir and the old time charm the entire building has - mike
arjuna
also a main feature of this church is their pipe organ (the original one which they still use… this was like almost 5 years ago when I last visited the place