Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

5/5

Sugarcube

No. 15, Duplication Road, Colombo 04


Sugarcube is the newest cafe to grace Duplication Road. With its cutesy and warm ambience, it was an instant favourite!



අපේ ඔෆිස් එකට ඇවිදින දුරින් හුරුබුහුටි කැෆේ පොඩිත්තක් දාලා’ය කියන ආරංචිය අපට ගෙනාවේ සාරා. ඔෆිස් එකේ හැමෝට ම ඉතින් හරි සතුටුයි. සතියක් දෙකක් යන්න ඇරලා, සාරායි මායි දෙන්නා මෙතැනට ගියේ පිටින් පේන තරමට ම මේ කට්ටියගේ වැඩත් හොඳද කියලා බලාගන්න. මේ කැෆේ එකේ නම ෂුගර් කියුබ්.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ අපේ ඔෆිස් එක ළඟ. අහ්! එහෙම කිව්වට දන්නේ නැහැනේ. මතකයි නේද ඉස්සර හවුස් ඔෆ් ෆැෂන් එක තිබුණු තැන? බම්බලපිටියේ ලොකු බිල්ඩිම. අන්න එතැනින් පාර පැනලා, ඩිංගක් වැල්ලවත්ත පැත්තට ආවනම් හරි. ඉස්සරහ පැත්තෙන් පොඩි කොළ පාට කාපට් එකක් එළලා, කහපාට දොරකින් හැඩවෙලා තියෙන ෂුගර් කියුබ් එක පුංචි ම පුංචි කැෆේ එකක්.

ඇත්තම කිව්වොත් මේ දොරින් ඇතුල් වුණා ම වෙනම ලෝකෙකට ගියා වගේ. පොඩි ඉඩක් වුණත් මේ කට්ටිය ප්‍රයෝජනෙට අරගෙන තියෙන විදිය දැක්කම ආස හිතෙනවා. එක පැත්තක තියෙන්නේ කුෂන් තියපු ලී බංකු දෙක අනිත් පැත්තේ තියෙන්නේ කකුල් තුනේ ලී පුටු ටික. කවුන්ටරේ තියෙන්නේ කැෆේ එකේ කෙළවරේ. හත් අට දෙනෙක්ට අමාරුවෙන් හැරෙන්න පුළුවන් සයිස් එකට විතරක් ඉඩ තිබුණට, මෙතැනට ගියා ම අපට දැනුණේ තමන්ගේ තැනකට ගියා වගේ සැහැල්ලු ගතියක්.

කෑම බීම

කෝපි, තේ තමයි මේ කට්ටියගේ බීම මෙනුවේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි,චීස්කේක්, කේක් ජාති තියෙනවා කෑමට. ඕනේ නම් කෝපිවල රස වැඩි කරන්න ෆ්ලෙවර්ස් (අයිරිෂ්, කැරමල්, හේසල්නට් වගේ) දාගන්නත් පුළුවන්.

බීම මෙනුවෙන් සාරායි මායි ගත්තේ “අයිරිෂ් කැපුචිනෝ” (රු.480, අයිරිෂ් ක්‍රීම් නැතුව රු.380) එකකුයි, මසාලා චායි (රු.200) එකකුයි. තව ගත්තා රෙඩ් වෙල්වට් කේක් (රු.380) කෑල්ලකුයි, බ්ලූබෙරි චීස්කේක් (රු. 380) කෑල්ලකුයි.

මුලින් ම කියන්නම්කො බීම ජාති ටික ගැන. අපි ඕඩර් කරපු මසාලා චායි හුඟක් රසයි. යාල් එකේ, ශන්මුගාස් එකේ තරම් නැතත්, මසාලා රස නියමෙට ම තිබුණා. හොඳ ම වැඩේ තමයි මේක බොන්න ලැබෙන්නේ මැටියෙන් හදපු කෝප්පෙකින්. අර පෝසිලෙන් කෝප්පෙන් බොනවා වගේ නෙවෙයි, මේකෙන් බොද්දී වැඩියෙන් රස දැනෙනවද කොහෙද. අනික ඔය අනිත් කැෆේවල වගේ නෙවෙයි. ෂුගර් කියුබ් එකේ සීනි පැකට් වෙනුවට දෙන්නේ ඔය පින්තූරේ තියෙනවා වගේ ෂුගර් කියුබ්මයි. ඕවයින් දෙකකුත් දාගත්ත ම මේ මසාලා චායි පෝච්චිය ම වුණත් බොන්න ඇහැකි.

කැපුචිනෝ එකත් නියමයි. තද කෝපි රසක් තිබුණා. මේක තවත් රසවත් වෙලා දැනුණේ ඒකට එකතු කරලා තියෙන අයිරිෂ් ක්‍රීම් එක නිසා. හොඳ උකු ගතියට කිරිත් එක්ක මික්ස් වෙලා එන මේ වගේ කෝපි එකක් බිව්ව ම නිදිමත කොහෙන් ගියාද නැතිවෙනවා. සීනි ඕනෙත් නෑ. මතක ඇතුව හොඳට හැන්දෙන් මිශ්‍ර කරලා බොන්න හොඳද. එතකොට තමයි අර අයිරිෂ් ක්‍රීම්වල රස හොඳට ම දැනෙන්නේ.

රෙඩ් වෙල්වට් කේක් එකත් අවුලක් නැහැ. හැබැයි පොඩ්ඩක් ඝනකමයි. මේකේ උඩ තිබුණු ක්‍රීම් චීස් ලේයර් එක නම් මොනවා වුණත් පට්ට.

විශ්වාස කරන්න මහත්තයෝ කෑවයින් කෑවේ නෑ මේ වගේ රස බ්ලූබෙරි චීස්කේක් එකක්. මාර ම ෆ්‍රෙෂ් ගතියට තිබුණා.මතුපිට තට්ටුවට බ්ලූබෙරි ගෙඩි පිටින් දාලා. චීස්කේක් එක ක්‍රීමි ගතියෙනුත් අනූනයි. බ්ලූබෙරිවල ඇඹුල් රස, කේක් එකේ තියෙන කිරි රසින් කැපිලා යද්දී තවත් මරු. මේ වගේ රස චීස්කේක් තියෙද්දී, ඔය කොෆී බීන් වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කැෆේවල තියෙන පරණ චීස්කේක් දාස් ගණන් දීලා ගන්නේ මොකටද?

මේ කට්ටිය සතියේ දවස්වල ලන්ච් පැකට් එහෙමත් දෙනවයි කියලා අපට දැනගන්න ලැබුණේ ඔය අතරෙදී. ඉතින් අපි චිකන් රයිස් (රු.290) එකකුයි, ප්‍රෝන් රයිස් (රු.350) එකකුයි ගත්තා ඔෆිස් එකට ගෙනියන්න.

ෂහ්! බත් දෙකම පංකාදු පහයි. මේ දෙක ම කහබත්. චිකන් රයිස් එකේ චිකන් හැරුණා ම මැල්ලුම්, බෝංචි, පරිප්පු සහ ලුණුදෙහි තිබුණා. ප්‍රෝන් රයිස් එකේ තිබුණේ පරිප්පු, බෝංචි, සහ තෙල් දාපු වම්බටු එක්ක ඉස්සෝ පස් හයදෙනෙක් හිටියා. බත ගානට තැම්බිලා. තෙල් ගතියක් ගෑවිලාවත් නෑ. අපි ඒත් බැලුවා ඇයි කියලා. අහ්! එතකොටනේ දැක්කේ. මේ බත බෙදලා තිබුණේ කෙසෙල් කොළයකට. රස විතරක් නෙවෙයි, බත් එකේ සුවඳ වැඩිවෙලා තියෙන්නෙත් ඒකයි. බෝංචි, පරිප්පු කරි දෙකේ ම හොඳට කිරි රස දැනුණා. ඉස්සෝ, චිකන් කරිවලට ඕනේ කරන කුළුබඩු සේරම දාලා නිසා හරි ම ගති. ඔෆිස් එකේ කට්ටිය ම මේ බත් දෙක කෑවේ හරි ම ආසාවෙන්.

සර්විස් එක

ෂුගර් කියුබ් එකේ සර්විස් එක නම් හරි ම හොඳයි. බොහොම මිත්‍රශීලී විදියට කතා කරන, කෑම බීම ගෙනත් දෙන සේවක මඩුල්ලක් මෙතැන ඉන්නවා. හරියට තමන්ගේ තැනකට ගියා වගේ ෆීලින් එකක් එන්නේ.

අවසාන වශයෙන්

කොළඹ කොහේ හිටියත් අනිවාර්යෙන් ම ගොඩවෙලා යන්න ඕනේ කැෆේ එකක් තමයි මේ ෂුගර් කියුබ් එක. ඒ වගේ ම තවත් කාරණයක් මෙතැනදී මතක් කරන්න ඕනේ. මේ කට්ටිය පාවිච්චි කරන ලන්ච් පැකට් කවර, ඊළඟට ටේක්අවේවලට දෙන බෑග්, හැඳි සේරම ස්වාභාවිකව ම දිරාපත් වෙන ද්‍රව්‍ය. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතාවක් වෙන්නේ ම නැහැ. එහෙම බැලුවාමත් ගොඩක් ප්‍රසිද්ධ හෝටල් නොහිතන පැත්තක් ෂුගර් කියුබ් එකේ අය බලලා තියෙන වග හොඳින් ම පේන්න තියෙනවා.


TIP

Try their Blueberry Cheesecake- it's the BOMB. Also, they serve good, affordable rice & curry every Mon-Fri so make sure you check that out!

Address

No. 15, Duplication Road, Colombo 04

Directions

It's down Duplication Road. Just look out for the bright yellow door and little patch of fake grass.

Contacts

Facebook E-Mail Instagram

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Western Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry Cakes Coffee Tea

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4
Similar Places

User Reviews
S
2

3/5

0

Sutharman Paskaran

Expected much better food from a five star rated eatery. Milk toffee was good though.

D
1

5/5

0

Dedo35

Fantastic food and service!

S
2

3/5

0

Sutharman Paskaran

Expected much better food from a five star rated eatery. Milk toffee was good though.

D
1

5/5

0

Dedo35

Fantastic food and service!

Avatar for Vishvi
1

5/5

Vishvi YAMU STAFF

Rated 5/5

Avatar for Malinthe
21

3/5

0

Malinthe

Tried these guys out yesterday for lunch and was pretty impressed. Amazing service and really friendly staff. The rice was pretty nice but the chicken. Oh the chicken. It was so good. The seasoning was spot on and I was in love. Need to check out the other stuff sometime.

See 5 Comments