Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

5/5

Superfood Café

No 64, Davidson Rd, Colombo 04

  • Closed right now


Healthy food doesn't have to be boring and Superfood Café is proving it with its vibrant food with delicious flavours.



සුපර්ෆුඩ් කියන්නෙ විලා රහ කියන පොඩි බූටික් හොටෙල් එකේ රෙස්ටොරන්ට් එක. අපේ ඔෆිස් එකේ ඉඳන් වැඩි දුරකුත් නැති හින්දා අපි ගිය සතියෙ දවසක පයින් ම ගියා සුපර්ෆුඩ් කැෆේ එක් පැත්තට.

තැන

අපි මක්ලවුඩ් පාරට හැරිලා ‘සුපර්ෆුඩ් කෑෆේ’ බෝඩ් එකක් තියෙනවද කියල බලබලා ගියත් එහෙම එකක් හොයාගන්න බැරිවුණා. පස්සෙ තමයි අපට මතක් වුණේ මේක තියෙන්නෙ විලා රහ එක ඇතුලෙ නෙ කියලා. විලා රහ එකට ඇතුල් වෙන තැන ම තියෙන්නෙ කැෆේ එක.

නුග ගහකුත් එක්ක, ඉර එළියත් ටිකක් වැටෙන විදියට මේක හදල තියෙන්නෙ.

කෑම

අපි කන්න ගත්තෙ ෆුල් බ්‍රෙක්ෆස්ට් (රු. 920) එකකුයි (මේතන ඕල් ඩේ බ්‍රෙක්ෆස්ට්; දවසෙ ඕන වෙලාවක බ්‍රෙක්ෆස්ට් ගන්න පුළුවන්) ටූනා ප්‍රෝටීන් බෝල් එකකුයි. ස්ට්‍රොබෙරි චියා ලෙමනේඩ් එකකුයි හාට් බීට් එකකුයි ගත්තා බොන්න.

ෆුල් බ්‍රෙක්ෆස්ට් එකට එන්නෙ බිත්තරයි, ස්මෝක්ඩ් චිකන් කෑල්ලකුයි, සොසේජ් එකකුයි, මෂ්රූමුයි එක්ක තක්කාලි. ටෝස්ට් කරපු පාන් පෙත්තකුත් එනවා ගාගෙන කන්න ඇවකාඩෝ පේස්ට් එකකුත් එක්ක. බිත්තරේ අපට ඕන විදියට ගන්න පුළුවන්; අපි ඉල්ලුවේ ස්ක්‍රැම්බල් කරලා.

මේක නම් පට්ට. ස්මෝක්ඩ් චිකන් එකේ ස්මෝක්ඩ් රස තව පොඩ්ඩක් තිබුණ නම් හොඳයි. සොසේජ් එකත් පෝක් වුණා නම් අපි කැමතියි; ඒ වුණාට මෙයාලා ළග පෝක් නෑනේ. හැබැයි මේකේ රසත් එක්ක එහෙම අඩුපාඩුවක් දැනුණේ නෑ. මෂ්රූම් එක එකට ගානට ලුණුයි ඔලිව් ඔයිලුයි වැටිලා. තක්කාලි ගෙඩියත් එහෙමයි. ඕන වුණොත්  දාගන්න කියල ටබැස්කෝ සෝස් බෝතලයක් ගෙනත් දුන්නත් ඒක ඕන වුණේ නෑ.

ටූනා ප්‍රෝටීන් බෝල් එක (රු. 890)  මෙයාලගේ ගොඩක් කෑම වගේ ටිකක් හෙල්ති පැත්තට බරයි. සෝස්, ඩ්‍රෙසිං එහෙම ඕනවට වඩා දාලා නෑ. හැබැයි රසයි.

හාට් බීට් (රු. 390) එකේ බීටුයි, අන්නාසියි, ඇපලුයි, කැරටුයි කලවම් වෙලා එද්දි පැණිරස, ඇඹුල් රස ගානට බැලන්ස් වෙනවා. ස්ට්‍රොබෙරි චියා ලෙමනේඩ් (රු. 450) එකෙත් හැම දේම ගානට. ඕනවට වඩා පැණි රස නෑ. මේ දෙක ම මාර රිෆ්‍රෙෂිං.

මේ ගොල්ලන්ගෙ එක එක දවසට තියෙන්නෙ එක එක ඩෙසර්ට්. අපි ගිය දවසෙ තිබුණේ වීගන් ස්ට්‍රොබෙරි චොකලට් ටාර්ට් (රු. 550). මේකේ චොකලට් එක පොඩ්ඩක් පැණි රස වැඩි ගතියක් තිබුණත් ස්ට්‍රෙබෙරි එකේ ඇඹුලත් එක්ක එකතුවුණාම නම් අවුලක් නෑ.

සර්විස් එක

සර්විස් එක නම් මාර ම හොඳයි. අනිත් එක තමයි පොඩි පොඩි ඩීටේල් ගැන හිතල තියෙන එක. උදාහරණයක් හැටියට මෙයාලගේ ටේබර් වෝටර් සර්ව් කරන ජොග්ගුවට බීට් රූට් අලේකුයි මින්චි කොළ ටිකකුයි එහෙම දාලා තියෙන්නෙ. ඉතිං වතුර එකේ ළාවට ඒ රසත් එනවා.

අවසාන වශයෙන්

ගාණයි කෑමවල කොලිටියයි බැලුවම නම් කොළඹ තියෙන අනිත් ගොඩක් කැෆේවලට වඩා මේගොල්ලන්ගෙ කෑම ලාබයි. අනිත් එක තැනක් හරිම ගති. හෙල්ති ඔප්ෂනුත් ගොඩක් තියෙන නිසා ඇඟටත් හොඳයි.

Address

No 64, Davidson Rd, Colombo 04

Contacts

E-Mail Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Salad Healthy

Ratings Breakdown

Quality Rating
5
Service Rating
5
Ambience Rating
5
User Reviews
P
3

5/5

0

Pudding

Great location, beautiful restaurant, great food & ambiance. The menu has fewer options than the other popular brunch restaurants, but the taste & quality of the food makes up for it & I guess they are working on new dishes cos they are new. Drinks are very average & watery. Since the restaurant has a transparent roof & no AC, it gets quite warm & uncomfortable towards noon. I’ve tried the Prawn bowl, Tuna Bowl, Vegan Bowl, Smoothie Bowl & Granola parfait. All of them are above average. Thumbs up!

R
1

5/5

0

Ruta Ba

Lovely place with lovely clean food which tastes superb! Vegan and vegetarian friendly.

P
3

5/5

0

Pudding

Great location, beautiful restaurant, great food & ambiance. The menu has fewer options than the other popular brunch restaurants, but the taste & quality of the food makes up for it & I guess they are working on new dishes cos they are new. Drinks are very average & watery. Since the restaurant has a transparent roof & no AC, it gets quite warm & uncomfortable towards noon. I’ve tried the Prawn bowl, Tuna Bowl, Vegan Bowl, Smoothie Bowl & Granola parfait. All of them are above average. Thumbs up!

R
1

5/5

0

Ruta Ba

Lovely place with lovely clean food which tastes superb! Vegan and vegetarian friendly.

See 2 Comments