Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Sweet Surrender

321/A, Madiwela road, Thalawathugoda


A bakery in Madiwela, that's known for its killer chilli crab.



ස්වීට් සරෙන්ඩර් කියන්නෙ කේක් හදන තැනක් කියල අපි අහල තිබුණට, ඒගොල්ලො අලුතෙන් ම ක්‍රැබ් කරි එක්ක රෝස්පාන් සර්ව් කරන වග ආරංචි වුණාම අපිට ඒ පැත්තෙ නොයා බැරි වුණා. ඉතිං ඊයෙ හැන්දෑකරේ කෝට්ටේ තියන ස්වීට් සරෙන්ඩර් එකට ගිය අපි ලබපු අත්දැකීම තමයි මේ...

තැන

කිව්වත් වගේ මේක තියෙන්නෙ කෝට්ටේ මාදිවෙල, තලවතුගොඩ පාරෙ. ලොකු පාකිං ස්පේස් එකක් මැදින් ඇතුල් වෙන්න තියන මේ ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවකුත් තියනවා. පහළ තට්ටුවෙ තමයි ලොකු ෂෝකේසස්වල දාපු පාට පාට කේක්, ෂෝටීට්ස්, කරීස් එක්ක රෝස්පාන් එහෙම තියෙන්නෙ. ඊට අමතරව කැෂියර් එකයි කිචන් එකයි පල්ලෙහා තියනවා.

උඩ තට්ටුවෙ ලොකු ඒරියා එක කාපට් කරලා, හොඳට ඉඩ ඇතුව පුටු මේස සෝෆා එහෙම ඇරේන්ජ් කරලා, නිවීසැනසිල්ලේ කන්න බොන්න ඉඩ සලසල දීල තියනවා. ඒ වගේ ම වීදුරුවලින් පෙරිල එන හැන්දෑ ඉර එළිය නිසා මෙතන හොඳට එළිය වෙලා තිබුණා. ඒගොල්ලො මේ ලස්සන ඉඩ, පාටීස්වලට එහෙමත් දෙනව කියල අපිට ආරංචියි.

කෑම

අපි විශේෂයෙන් ම ගියේ ක්‍රැබ් කරි සහ රෝස්පාන් හොයාගෙන නෙ. ඉතිං මුලින් ම ඕඩර් කළේ ක්‍රැබ් කරිය එක්ක රෝස්පාන් පෝෂන් එකක් (රු. 650). කකුළු කරියට අමතරව ඉස්සො කරි, පරිප්පු සහ තවත් එක එක කරීසුත් තියනව අපි දැක්කා.

කකුළු කරිය නියම රතු පාට තැඹිලි පාට මික්ස් වුණ සැර පෙනුමට තිබුණ නිසා අපේ බලාපොරොත්තු සැබෑ වෙන පාටක් තමයි තිබ්බෙ. කාල බැලුවම හිතුව වගේ ම පංකාදු පහයි. හොඳට ස්පයිසස් දාල කටට සැරට තිබුණ නිසා ක්‍රැබ් කරිය, උණුවට ෆ්‍රෙෂ් ගතියට ආපු රෝස්පාන් එකට තකට තක ගැලපුණා. පෝෂන් එක දෙන්නෙකුට ෂෙයා කරගන්නත් සෑහෙනවා.

ඒ විතරක් ද! මේකට පුංචි පොල් සම්බෝලෙකුත් හම්බුණා නේ. ඒකෙත් ලුණු ඇඹුල් එහෙම හොඳට තිබුණා. ඒක වැඩිය සැර නැතත් කකුළු කරිය සැර හින්ද ෂේප්.

ඊළඟට ෂෝටීට්ස් වර්ගවලින් එකක් රස බලන්න හිතාගෙන අපි ගත්තා ක්‍රීම් චිකන් පේස්ට්‍රි එකක් (රු. 110). මේ පේස්ට්‍රි එක නං සාමාන්‍යයි. ඇතුළට දාල තිබුණෙ චිකන් කෑලි දෙක තුනක් එක්ක බිත්තර කෑලි කීපයක්. හිතුව තරම් ක්‍රීමි ගතියක් නැති නිසා ලොකු විශේෂයක් නෑ.

මෙතන කේක්වලට නම ගිය තැනක් නිසා කේක් රස නොබලා කොහොමද? රෙඩ් වෙල්වට් කේක් කෑල්ලයි (රු. 150) ඉක්ලෙයා එකකුයිත් (රු. 160) අරං තමයි අපි පස්ස බැලුවෙ. කේක් කෑල්ල සෑහෙන හොඳ පෙනුමට, සොෆ්ට් ගතියට සහ රසට හදල තිබුණට ඒකට දාල තිබුණ අයිසිං එක නං පැණි රහ වැඩියි. රතු පාට කේක් කෑල්ලෙ තියන ගතිය, ඒ ඕනවට වැඩි පැණි රසෙන් වැහිලා දුක සේ නැති වෙලා ගියා.

චොක්ලට් එක්ක ක්‍රීම් ගොඩක් දාල ආපු ඉක්ලෙයාර් එක රසයි වගේ ම ප්‍රමාණයෙන් එහෙමත් ලොකුයි. මිලේ හැටියට වටිනවා කියන්න පුළුවන්. පොඩ්ඩක් වේලිලා වගේ තිබුණෙ නැත්තං තවත් අපි කැමතියි. 

බීම 

කෑමවලට හරි යන්න ඊළඟට බීම. අපි තේරුවේ එයාලගෙ ලෙමන් ඇන්ඩ් මින්ට් බූස්ට් එකයි (රු. 380), වෝටර්මෙලන් බූස්ට් එකයි (රු. 380).

සෝඩා එක්ක කලවම් කරල මිංචි කොළයි දෙහි යුෂයි දාල ගෙනාපු ලෙමන් ඇන්ඩ් මින්ට් බූස්ට් එක හොඳ රිෆ්‍රෙෂ් වෙන බීමක්. ඇඹුල් රසයි මින්ට් රසයි උගුරෙන් පහළට යනකොට, මේ රස්නෙ දවස්වල තියන මහන්සිය නිකන් ම නිවිල යනවා. වෝටර්මෙලන් බූස්ට් එකත් නරක නෑ. සීනි එහෙමත් ගාණට නිසා හොඳ බීමක් කියතහැකි.

සර්විස් එක

සර්විස් එක සුහද වුණත් ටිකක් ඉක්මන් වුණා නං හොඳයි. කවුන්ටර් එකෙන් එහා පැත්තෙ වැඩ කරන්න හිටියෙ දෙන්නයි වගේ නිසා අපේ ඕඩර් එක ගන්නකන් ගොඩක් වෙලා එතන ඉන්න අපිට සිද්ද වුණා. කස්ටමර්ස්ලත් පිරිල හිටිය නිසා තමයි වැඩියත් ම වෙලා ගියේ. ඒ ඇරෙන්න වෙන වරදක් නෑ.

අවසාන වශයෙන්

ස්වීට් සරෙන්ඩර් එකේ ස්වීට් කෑම කෙසේ වෙතත් ක්‍රැබ් කරිය නං බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. දවල් එකහමාරෙන් පස්සෙ වගේ තමයි ක්‍රැබ් එක්ක රෝස්පාන් මෙතනින් ගන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා හැන්දෑවක මෙතනින් යන එන වෙලාවක ගොඩ වෙලා කකුළු කරියෙ සැරයි රසයි විඳගන්න අමතක කරන්න එපා.

Address

321/A, Madiwela road, Thalawathugoda

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pork Chicken Crab Short Eats

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment