110, Sir James Pieris Mawatha, Colombo
Closed right now
Taste of Asia is a very affordable favourite at Slave Island.
ඔය මොන ජාතියේ නා නා ප්‍රකාර නම් දාපු කෑම තිබුණත්, වැස්සත් එක්ක එන සීතල යවාගන්න නම් ප්ලේන්ටියක්, කෝපි උගුරක් තරම් වෙන කිසි ම දෙයක් හරියන්නේ නෑ. ගෙදර සැප පුටුවක වාඩිවෙලා තේ එකක් තොල ගාන ගමන්, හොඳ පොතක් කියවද්දී, ලස්සන සිංදුවක් අහද්දී දැනෙන ෆීලින් එක වෙන කොහෙන් ගන්නද? ඔන්න ඔය වෙලාවට පොඩි කෑමකුත් තියෙනවනම් තවත් මරු. උණු උණුවේ දුම් දාන ආප්පයක්, පොල් රොටියක් වගේ? නියමයි නේද?
ඉතින් ගෙදර හැදුවා වගේ රසට, කොලිටියට තියෙන අපේ රහට ගැලපෙන කෑම ගන්න පුළුවන් තැනක් ගැන කියන්නයි මේ හදන්නේ. මේකේ නම ටේස්ට් ඔෆ් ඒෂියා.
නවලෝක හොස්පිටල් එකේ OPD එක තියෙන සයිඩ් එක මීටර්නේ? ඔය ගංගාරාම පැත්තට මුහුණලා තියෙන්නේ. මේ ටේස්ට් ඔෆ් ඒෂියා එක තියෙන්නේ හරියට ම ඒක ඉස්සරහ පැත්තේ. මේක ඉඩකඩ බොහොම සීමිත තැනක්. ඇතුළේ වාඩිවෙන්න පුළුවන් පස් හය දෙනෙකුට විතරයි. හැබැයි එළියෙත් පුටු මේස දාලා තියෙනවා. ඒ වුණාට පාරේ දූවිල්ල වැදිවැදී කනවට වඩා ටේක් අවේ අරගෙන යන එක ඇඟට ගුණයි.
ටේස්ට් ඔෆ් ඒෂියා එකේ මෙනු එක නම් නියමයි. ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, රොටී වගේ අපේ රසට ගැලපෙන කෑම තොගයක් තියෙනවා. ඒ විතරක්යැ, ජැෆ්නාවල ප්‍රසිද්ධ කරි වර්ග පෙළකුත් මේ මෙනුවේ තියෙනවා. හැබැයි කරුමෙට වගේ අපි ගිය දවසේ ඒවා මුකුත් නැහැ. චිකන්, කිරිමාළු, මිරිස් මාළු වගේ හොදි වර්ග කීපයක් විතරයි තිබුණේ.
අපි ඕඩර් කළේ කිරි ආප්ප (රු.90), බිත්තර ආප්ප (රු.65), සහ තෝසේ (රු.105) එකක්. හොද්දක රස බලන්න ඕනේ නිසා ම කිරි මාළු හොදියි (රු.285), පරාටා රොටියකුයි (රු.65) ගත්තා.
ටේස්ට් ඔෆ් ඒෂියා එකේ කිරි ආප්ප එක අපට ඔය පිලාවුස් වගේ කඩවල්වලින් ගන්න ලැබෙන ඒවට වඩා පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඒවයේ මැදට දාන්නේ යෝගට්නේ. මෙතැන කිරි ආප්පවල මැද තියෙන්නේ කිරිපිටි සහ සීනි මිශ්‍රණයක් (අර ඒ දවස්වල අපි හොරෙන් කන්නේ). හරි ම රසයි. කිරි රස හොඳට ම දැනෙනවා. බිත්තර ආප්පත් නියමයි. ගම්මිරිස් එහෙම දාලා තියෙන නිසා ළාවට එන ස්පයිසි ගතියකුත් තියෙනවා.
මෙයාලගේ තෝසේ නම් එච්චර හරි නැහැ. ගොඩක් තුනීයි. හැබැයි පට්ට සාම්බාර් හොද්දක් ලැබුණානෙ. වට්ටක්කා, පරිප්පු, වම්බටු වගේ අඩුමකුඩුම සේරම දාලා නිසා තමයි මේක මෙච්චර ම රස. තෝසේ කන්න මරු භාණ්ඩෙ.
ෂහ්! මේ කිරිමාළු හොද්දක් එක්ක නම් පරාටා, බිත්තර රොටී දුසිමකට වුණත් වගකියන්න ඇහැකි. තඩි තලපත් මාළු කෑලි දෙකක් ම මේකේ තිබුණා. ලුණු පහේ පදම ගානට ගලපලා හදපු මේ මාළු හොද්දට ගොරකාවල ඇඹුල් රසින් එන්නේ නියම කික් එකක්.
ටේස්ට් ඔෆ් ඒෂියා එකේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරෙන් බිල දාගෙන කෑම ටික ගන්න තමයි තියෙන්නේ. හැබැයි මොනවා වුණත් මෙතැන සද්ද බද්දේ වැඩියි. මොකද කිචන් එක තියෙන්නේ පෙනෙන මානේ. සටපට ගාලා මහ සද්දෙන් කොත්තු ගහන සද්දේ ඇහෙද්දී කන දෙදරලා යනවා.
මේ පැත්තට එන්න දුර වැඩි නම්, මෙයාලගේ තවත් බ්‍රාන්ච් දෙකක් තියෙනවා දෙහිවලයි, වැල්ලවත්තෙයි. කිව්වත් වගේ අපේ රසට හරි යන කෑම ගන්න පුළුවන් තැන්වලින් හොඳ ම තැනක් තමයි මේක. ගණනුත් ගොඩක් සාධාරණයිනේ.
Address
110, Sir James Pieris Mawatha, Colombo
Directions
This is located right in front of Nawaloka OPD.
Report InaccuracyGreat place to have a delicious Sri Lankan buffet…
Delicious Jaffna style Sri Lankan food, specially seafood &…
Delete Comment