Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Tea Room

90, Old road, Balangoda


Awesome Petti Kade to taste a delicious Sri Lankan village type rice & curry.



එහෙම කියල තමයි අපිත් ගොඩවුණේ. ඒත් පස්සෙනෙ දැක්කෙ රයිස් ඇන්ඩ් කරිත් තියෙනව කියල.

“මෙහ්! බොරුවට ෂෝටීට්ස් කන්න ඕන නෑනෙ බං. කෙලින්ම බත් කමු.”

“ඒක තමයි බං මාත් බැලුවෙ. හිතුවෙ නෑනෙ මෙහෙම තියෙයි කියල. ඇත්තටම කඩේ පොඩි වුණාට වැඩේ ලොකුයි නේ”

ඔන්න යාළු තත්ත්වෙ. එහේ පොඩි කඩවලත් බත් හොඳේ. ඊටත් එළවළු අඩුමකුඩුම! බලන්න එපැයි... මහ ගොඩක් නැති වුණාට තියෙන ටික තියෙනව සුප්ප ගමේ පාටට.

“මහත්තුරු වාඩිවෙන්නකො. මොනවද කන්නෙ?”

කඩේ අයිති මාම ම අපේ ළඟට ඇවිත් විස්තරේ අහනව.

“අපිට මාමෙ බත් දෙකක් ගේන්න. මස් මාළු මොනවද තියෙන්නෙ?”

“චිකන්, , බිත්තර.. ඕන දෙයක් තියෙනව පුතා”

මට නේද නිකම් ඈක් ගෑවුණේ ඒක ඇහුවාම. ඇයි අප්පේ, සත්තයි හිතුවෙම නෑ එහෙම තියෙයි කියල.

“ආ.. එහෙනම් චිකන් එකයි (රු. 300) සැමන් එකයි (රු. 250) ගේන්න මාමෙ.”

ඕඩරේ දැම්මට පස්සේ.. යාළුවයි මායි හෙමින් සැරේ ගියා කඩේ පිටිපස්සට, මූණ අතපය හෝදගෙන එන්න කියල. බොලේ එතකොට කියන්නකො දැක්කෙ... යාළු කෑම ඔක්කොම උයන්නෙ දර ලිපේනෙ. සත්තයි ඒක දැක්කාම නම් කටට කෙලත් ඉනුවා. ඒ නිසාමයි දෙන්න දඩිබිඩියට ඇවිත් ඇතුළෙන් වාඩි වුණේ. ඇයි ඉතින් දැන් කනකම් ඉවසිල්ලක් නෑනෙ.

වාඩිවෙන අනික් පැත්තට ම වගේ මාමා ආවා වතුර වීදුරු දෙකකුත් අරගෙන. ඊට පස්සෙ පිඟන් දෙකකට බත් ව්‍යාංජන ඔක්කොම බෙදල ගෙනැල්ල තිබ්බ අපේ ඉස්සරහින්. ෂැහ්, ටොප් ආ...

“මහත්තය, චිකන් එකයි සැමන් එකයිත් ගේන්නං..” බැලින්නං ඒව ගේන්නෙ වෙනමම.

හැබැයි ඉතින් අපිට ඒව ගේනකම් නම් ඉන්න පුලුවන් වුණේ නෑ. ඇයි අර බතේ සුවඳටයි, උණු උණු හතු, රාබු මැල්ලුම, බෝංචි මාලුවෙ පෙනුමටයි… පිස්සු හැදෙන්නෙ නැද්ද කියන්නකො. 

කොටින්ම කියතොත් චිකන් එක මේසෙට එද්දි දෙන්න කටවල් ‍දෙකතුනක් කාලා. හැබැයි චිකන් හොදි ටිකකුත් දාගත්තාමනෙ... හම්මෝ! පංකාදු පහයි ආයෙ.

හතු එකේ රස කියන්නේ… ඒක හොඳ හැටි කිරි, තුනපහ, අමුමිරිස්, රම්පෙ කරපිංච දාලා මැටි ඇතිලියෙ හිඳෙන්න ඇරල. අමුතුම කර රසක් එක්ක දිව පිනායනව කිව්වොත් හරි. ඒ වගේම තමයි බෝංචි මාලුවත්. පොඩි පොඩියට කපල කරවල කෑලි ටිකකුත් එක්ක කිරට දාලා, මදි නොකියන්න මිරිස්, ලූනු, සුදුලූනු අඩුමකුඩුමත් දාලා ටොප් එකටම හදල තියෙනව. වැඩිය ඕන නෑ හරියට ගත්තොත් ඒ දෙක ඇති බත් ටික කන්න. 

ඒත්… එහෙමයි කියල බෑනෙ. ගත්ත රාබු මැල්ලුමෙනුත් ටිකක්.

අන්න! පැත්තෙ අවුලක් මං හිතන්නෙ. ටිකක් කඳුකරේට බර නිසා මෙයාලා අර පොල් එහෙම දාලා නෑ. තනිකර අලයි කොළයි මැල්ලුම. හැබැයි ඒ නිසාම රස වගේම ගුණත් නූලට. ම්ම්... පොඩි සැර ගතියක් එකේ තිබ්බට ඒක නම් මම හිතන්නෙ ඇවිල්ල තියෙන්නෙ ගම්මිරිස්වලින් වෙන්න ඕන.

ඔය අතරේ ටිකක් වෙනස් කෑමකුත්. අතපත ගාලා බැලුවා..

බැලින්නම්, කොල්ලු කියන්නකො. හීනියට අඹරල නිසා හොයාගන්න බෑ මොනවද කියල. ඇත්තටම යාළුවගෙ පිඟානට බෙදිල තිබ්බට ඒක, මමත් අත දාලා ගත්ත අහුරක්ම. මොකද හොඳ ගුණ කෑමනෙ. හැරත් මිරිසට, හැබැයි කිරි පොඩ්ඩකුත් දාලා ලාවට හින්දල තිබ්බ නිසා.. කන්න කන්න ආසයි අප්පා!

ඔක්කොමත් හරි වට්ටක්කා එකනෙ. අර පොල් බැදල දාපු නැති නිසා රස ටිකක් මදි වගේ තමයි මට නම් දැනුනෙ. හැබැයි ඉතින් ඒකටත් මිරිස්, තුනපහ වගේම කිරිත් මදි නොකියන්නම දාලා හොඳේ.

ඊටත් අහන්නකො, චිකන් එකේනෙ රඟේ තිබ්බෙ. ෂැහ්! කියල වැඩක් නෑ හොඳේ. සැර එහෙම කඳුළු පනින්න. ඒ වගේම තමයි රසත්. තෙල් ගතිය ළාවට තියෙන්න ඇරල දාලා තියෙනව තුනපහ, මස්කරි අඩුමකුඩුම ටික... නහයට ළංකරනකොට කටට කෙල උනන්නෙ. ඒ විතරක් නම් බැරියැ, ඒකෙ ඉඟුරු, සුදුලූනු, ගොරක, සේර, කරපිංච, අබ, උළුහාල්... කුළුබඩු අතරින් එකයි දෙකයි මං හිතන්නෙ නැත්තෙ. අනික චිකන් කෑල්ලෙ සයිස් එකත් අල්ලක් ඇති. දර ලිපේ හදපු නිසාද කොහෙද මස්වලටත් අල්ලල තියෙනව මිරිස් තුනපහ පදම...

අවංකයෙන්ම ටොප් ආ…

ආයෙ ඉතින් තව කියන්න ඕන නෑනෙ. බඩ පැළෙන්න නෙවෙයි, මාමගෙ කඩෙන් අපි කෑවෙ ඉස්මුරුත්තාවට එන්න, ඕං… ඉස්මුරුත්තාවට එන්න. වැඩේ කියන්නෙ ඒ කාලා, දෙන්න හැලපයකුත් කෑවනෙ. ඇත්තටම අන්තිමට අපිටම හිතාගන්න බෑ මේ අපිමද කියල..!


TIP

Try Chicken

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment