Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

1/5

The Angler

71 Hotel Road, Mount Lavinia


So another day in our quest for a restaurant (not a hole in the wall/buth kadai) that serves a good rice and curry meal. We had a hot tip on The Angler a small restaurant down Hotel Road just up the road from the Mt Lavinia Hotel. We heard they served up a good homestyle curry with an emphasis on seafood, so expecting delicious piles of squid and prawn curry we rushed down to everyone’s favorite beachside suburb.



මේ අප හොඳ බත් සහ ව්‍යංජන පිරිනමන අවන්හලක් සොයා ගිය තවත් දවසක්. අප සෙව්වේ පුංචි තිප්පලක් හෝ බත් කඩයක් නම් නොවෙයි. මවුන්ට් ලැවීනියා හෝටලය අසල හෝටල් පාරේ The Angler නම් කුඩා අවන්හලක් පිළිබඳ අපට ඔත්තුවක් ලැබුණා. අපට දැනගන්නට ලැබුණු විදියට ඔවුහු හොඳ ගෙදර පිසින ආකාරයේ බත් හා ව්‍යංජන මුහුදු ආහාර ගැන අවධාරණයක් සහිතව පිරිනමන බව අපට අසන්නට ලැබුණා. ඒ නිසා හැමෝම කැමති මේ උපනාගරික සයුරුතෙර අවන්හලට අපි ගියේ රසවත් දැල්ලන් හා ඉස්සන් කරි ගොඩක් කන්න.

තැන සොයාගන්න හරිම පහසුයි. කහ පැහැති සංඥා පුවරුවෙන් ඔබ යොමු වන්නේ 1970 දශකයේ සංචාරක ස්ථාන පන්නයේ ඇතුළතක් සහිත තැනකට. රතු කුෂන් පුටු, හැම දෙයක් මතම සවිස්තර ලී කැටයම් සහ අඳුරු පසුබිමක්. හිමිකරුවෝ මිත්‍රශීලීයි. ඔවුහු යෝජනා කළා අළුකෙසෙල්, කරිවිල, පරිප්පු වැනි එළවළු සමග මාළු සහ ඉස්සන්.

සේවය පුදුම හිතෙන තරම් ඉක්මණ්. (ලංකාවේ සාමාන්‍යයෙන් අලුතින් පිසූ ව්‍යංජන සහිත කෑම කන්න සෑහෙන කාලයක් බලා සිටිය යුතුයි.) ආහාර ඇත්තෙන්ම ගෙදර පිසූ රසමයි. පොල් සම්බෝලය ඉතා හොඳයි. ඉස්සන් කරිය සැහැල්ලුයි. පපඩම් ගොඩක් තිබුණා. එහෙත්, එය ගෙදර පිසින සුවිශේෂ කෑම වේලක් තරම් රසවත් නැති බව කිව යුතුයි. කිසිවක් විශේෂයෙන් කැපීපෙනුණේ නැහැ. මාළු, අළුකෙසෙල්, පරිප්පු සාමාන්‍යයි. ප්‍රමාණය යන්තම් තුන්දෙනෙකුට සෑහුණා. හැබැයි බිල රු. 3000ක්. සාමාන්‍ය බත්කඩයක මෙවැනි සාමාන්‍ය රසවත් කෑම වේලක් එක් අයෙකුට රු. 150ක්. මෙයට ලයිම් සෝඩා තුනක් ඇතුළත්. එකක් රු. 190 බැගින්. ඒත්.......

අපේ අත්දැකීම නරක එකක්ය කියා අපි කියන්නේ නැහැ. බත් හා ව්‍යංජනත්, සේවාවත් කදිමයි. ඒත්, ඔබ බිලෙන් බලාපොරොත්තු වන්නේ වෙනත් මෙවැනි සාමාන්‍ය කෑම වේලක් ලබාගත හැකි තැනකට වඩා ටිකක් ඉහළ මිළක් පමණයි. ඉතින්, ගෙදර හැදූ තරම් රසවත් එළවළු, මුහුදු ආහාර, මස් හා සම්බල් සපයන තැනක් සඳහා පුරයේ වැසියන්ට ඇති නොතිත් ආසාව සපුරන්න The Angler අසමත්.  (Green Cabin තමයි මේ සඳහා හොඳම උත්සාහය)

TIP

Decent rice and curry, but very expensive.
All Reviews

So another day in our quest for a restaurant (not a hole in the wall/buth kadai) that serves a good rice and curry meal. We had a hot tip on The Angler a small restaurant down Hotel Road just up the road from the Mt Lavinia Hotel. We heard they served up a good homestyle curry with an emphasis on seafood, so expecting delicious piles of squid and prawn curry we rushed down to everyone’s favorite beachside suburb.

සිංහල මේ අප හොඳ බත් සහ ව්‍යංජන පිරිනමන අවන්හලක් සොයා ගිය තවත් දවසක්. අප සෙව්වේ පුංචි තිප්පලක් හෝ බත් කඩයක් නම් නොවෙයි. මවුන්ට් ලැවීනියා හෝටලය අසල හෝටල් පාරේ The Angler නම් කුඩා අවන්හලක් පිළිබඳ අපට ඔත්තුවක් ලැබුණා. අපට දැනගන්නට ලැබුණු විදියට ඔවුහු හොඳ ගෙදර පිසින ආකාරයේ බත් හා ව්‍යංජන මුහුදු ආහාර ගැන අවධාරණයක් සහිතව පිරිනමන බව අපට අසන්නට ලැබුණා. ඒ නිසා හැමෝම කැමති මේ උපනාගරික සයුරුතෙර අවන්හලට අපි ගියේ රසවත් දැල්ලන් හා ඉස්සන් කරි ගොඩක් කන්න.

Address

71 Hotel Road, Mount Lavinia

Contacts

E-Mail

Report Inaccuracy

Open 11:00 AM to 9:00 PM

Dish Types

Seafood

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments