Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

The Colombo Food Court

126/5, YMBA Building, Colombo 01


A great place to have some fine Sri Lankan rice and curry in the heart of Colombo.



අතෝරක් නැතුව සෙනඟ එහෙ මෙහෙ දුවන කොළඹ කොටුවේ ෆුඩ් සීන් එක මහ අමුතුම එකක්. එක්කෝ තියෙන්නේ මහා සද්දෙන් සංගීතේ දාගෙන ඉන්න කොත්තු කඩවල් ටික. ඒ නැත්තන් තියෙන්නේ තරු පහේ හෝටල් ටිකයි, අර ඩච් හොස්පිටල් එක හරියේ තියෙන ලොකු රෙස්ටෝරන්ට් ටිකයි තමයි. ඔය දෙක අතර මැදට සෙට් වෙන රෙස්ටෝරන්ට් තියෙන්නේ ගොඩක් අඩුවෙන්. තිබුණත් ඒවායේ කෑම මේ ලෝකේ රහක් හෝ කොලිටියක් නැහැ.

ඔන්න ඕවා ගැන හිතහිත වද වෙන වෙලාවක තමයි අපට කලම්බෝ ෆුඩ් කෝර්ට් එක මුණගැහුණේ. මේක කොළඹ කොටුවේ ම තියෙන හොඳ රසට රයිස් ඇන්ඩ් කරි හදන, ඒ වගේ ම පිළිවෙලට මේන්ටේන් කරගෙන ඉන්න අපූරු රෙස්ටෝරන්ට් එකක්. එහෙනම් අහගන්නකෝ කතාව.

තැන

හරියට ම කිව්වොත් මේ කලම්බෝ ෆුඩ් කෝර්ට් එක තියෙන්නේ කවුරුත් දන්නා කියන රුහුණු ෆුඩ්ස් එකට එහා පැත්තේ. කොටින් ම කිව්වොත් තනි බිත්තියෙන් තමයි මේ ප්ලේසස් දෙක වෙන් වෙන්නෙත්. මෙතැන සෑහෙන්න ඉඩකඩයි. අඩු ම තරමේ 70 දෙනෙක්ට වුණත් වාඩි වෙන්න පුළුවන් විදියට ඉඩ තියෙනවා. ඒසී කරලා නිසා රස්නයක් ඇත්තෙත් නැහැනේ.

කෑම බීම

මෙතැන සාමාන්‍ය රයිස් ඇන්ඩ් කරි හැරුණා ම, තව තියෙනවා කහබත්. ඊළඟට ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන්, බිරියානි වගේ ජාතිත්. බීමට කියලා විශේෂයක් නැහැ - කෝක්, ස්ප්‍රයිට් වගේ සොෆ්ට් ඩ්‍රින්ක් තමයි. ඒ හැරුණා ම තව තියෙනවා ඩෙසර්ට් වර්ග. කැරමල් පුඩින්, වටලප්පන්, ජෙලි වගේ නා නා ප්‍රකාර ජාති.

තමන්ට ඕනේ බතත් එක්ක, මසක්/මාළුවකුයි එක්ක තව කරි 6ක් තෝරගන්න පුළුවන්. අපි ගත්ත මාළු රයිස් ඇන්ඩ් කරි (රු. 280) එකේ තිබුණේ තඩි බැදපු තලපත් මාළු කෑල්ලකුයි, පොලොස්, කිරි කොස්, රාබු, මෑ කරල්, මැල්ලුම් සහ ෆිෂ් කට්ලට් එකක්.

හැම කරි එකේ ම ඕනේ කරන කුළුබඩු අඩුමකුඩුම ටික ගානට දාලා තිබුණු නිසා හොඳ රසයි. විශේෂයෙන් ම පොලොස් කරිය පංකාදු පහට තිබුණා. ඇත්ත ම කිව්වොත් කොළඹ කඩේකින් කෑව හොඳ ම පොලොස් කරිය තමයි මේ. කිරි කොස් එකත් මරු. ෆිෂ් කට්ලට් එකෙත් කියන්න තරම් වරදක් නැහැ. මැකරල් එක්ක පොලොස් හොඳට ඔබ්බවපු එකක්. මැල්ලුම තිබුණේ ගොටුකොළ. ඒකත් හරි ම ෆ්‍රෙෂ්.

අපි ඕඩර් කරපු චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 400) එක ඒ ගාණට කිසිම පාඩුවක් නැහැ. මොකද තඩි ෆ්‍රයිඩ් චිකන් කෑල්ලක් එක්කනේ ආවේ. බත් එකෙත් තෙල් ගතිය වැඩිය නැහැ. සීසනින් එකත් හොඳට තිබුණා. ඒ හැරුණා ම මේකත් එක්ක ලැබුණු අල තෙල් දැමුමත් බොහොම රසයි. බටු මෝජුවෙත් පැණි රසක් ලාවට එන විදියට හදලා තිබුණේ.

ඩෙසර්ට් එකට අපි ගත්තේ කැරමල් පුඩිමක් (රු. 140). ගාණ පොඩි වුණාට බලන්න එපැයි මේ පුඩින් කෑල්ලේ සයිස් එක. දෙන්නෙක්ට බෙදාගන්න හොඳටෝ ම ඇති. පුඩින් එකේ ටෙක්ස්චර් එක නම් හැබැයි පොඩ්ඩක් විතර ස්පන්ජි ගතියයි. ඒ වුණාට රස හොඳට ම තිබුණා. මෙරූන් පාටට ආව ලස්සන කැරමල් තට්ටුවත් සුපිරි.

සර්විස් එක

ඔය සමහර බත් කඩවල්වල වගේ රවාගෙන බත් බෙදන අය නෙමෙයි කලම්බෝ ෆුඩ් කෝර්ට් එකේ ඉන්නේ. බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරන කට්ටියක්. අනික පිරිසිදුකම ගැනත් සෑහෙන්න හිතලා තියෙනවා.

මොකද සේරම බත්, කරි වර්ග තියෙන්නේ මැටි ඇතිලිවල. අනික ඒ සෙක්ෂන් එක ම ස්නීස් ගාර්ඩ්වලින් වහලා තමයි තියෙන්නේ. ඒ වගේ ම ස්ටාෆ් එකේ හැමෝ ම ඉන්නේ ග්ලව්ස්, හෙඩ් කවර්ස් දාගෙන.

අවසාන වශයෙන්

කොටුවට ආවොත්, අනිවාර්යෙන් ම කෑමට යන්න ඕනේ තැනක් තමයි මේ. මොකද මේ කට්ටියගේ කෑමත් රසයි, තැනත් බොහොම හොඳයි වගේ ම ගෙවන ගාණට වටිනාකමත් ලැබෙනවනේ.

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments