Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

The Cuisine Colombo

19 New Parliament Rd, Battaramulla


A restaurant down Parliament Road with great food that takes inspiration from different culinary fares.



බත්තරමුල්ල, පැලවත්ත හරියේ රෙස්ටෝරන්ට් ප්‍රමාණයේ වැඩිවීමක් අපට නෝට් වෙන්න අරගෙන දැන් මාස කීපයක් ම වෙනවා. ඔය අතරින් මෙදා සැරේ අපි ගොඩ වුණේ The Cuisine Colombo එකට. ශ්‍රී ලංකන්, ඉටෑලියන්, ඒෂියන් සහ යුරෝපියන් ස්ටයිල් එකේ කෑම බීමවලට එයාලගේ ටච් එකකුත් දීලා කටට රහට කෑම හදන තැනක් තමයි මේ.

තැන

මේක තියෙන්නේ අලුත් පාර්ලිමේන්තු පාරේ. අර අපි කැමති ම බාබෙකියු හදන මීට් අස් එකට පොඩ්ඩක් එහාපැත්තෙ, පාරේ අනිත් සයිඩ් එකේ. බොහොම පුංචි ඉඩකඩක් වුණත් ඒ ඉඩෙන් උපරිමේට ප්‍රයෝජන අරගෙන, සැප පහසුවට කෑම වේලක් කන්න පුළුවන් විදියට ලස්සන ලී පුටු මේස අහුරලා තියෙනවා. 

කෑම බීම

අපි මුලින් ම ට්‍රයි කළේ Four Cheese Penne Pasta (රු. 750). නමේ තියෙන විදියට ම චීස් ජාති හතරක් දාලා තමයි මේක හදලා තිබුණේ. ඒ පනීර්, රිකොට්ටා, පාර්මජාන් සහ මොසරැල්ලා. ඉතින් ක්‍රීමි ගතිය උතුරන්න. චීසි රසත් මදි පාඩුවක් නැතිව ම තියෙනවා. වෙජිටේරියන් විතරක් නෙවෙයි, චීස්වලට කැමති කොයි කාට වුණත් හරි යන කෑමක් තමයි මේ.

ඊටපස්සේ අපි රස බැලුවේ Filet Mignon (රු. 1450). මේක ස්ටේක් එකක්. අපි ඉල්ලුව විදියට ම මීඩියම් විදියට ග්‍රිල් කරලා තමයි මේක ආවේ. ෂහ්! මතුපිටින් තදට තියෙන, ඒ වගේ ම ඇතුළතින් ලස්සන රෝස පාටට දිලිසෙන මේ ස්ටේක් එක මාර ම ජුයිසි, සහ සොෆ්ට්. මේකට උඩින් වත් කරලා තිබුණේ රෙඩ් වයින් සෝස් එක. ඒකත් පංකාදු පහට තිබුණා. සුදු ලූණු සහ ගම්මිරිස් කුඩුත් එක්කාසු කරලා නිසා තවත් රස වැඩියි. 

ඩෙසර්ට් එකට අපි ගත්තේ Caramel Pudding (රු. 150). ඇත්තමයි මම මෙච්චර කාලෙකට කාලා තියෙන රසම කැරමල් පුඩිමද මන්දා. ඒ තරමට සිරා මේක. හරි ම ක්‍රීමි, බොහොම ස්මූත් විදියට කෑලිවලට කැපෙන මේ පුඩිමේ කැරමල් ශේඩ් එක පට්ට ම ලස්සන විදියට අරගෙන තිබුණා. ලොකුවට පැණි රහක් නැහැ, ඒත් කිරි රස හොඳට තිබුණා. පැණි රහ බැලන්ස් වෙන්නේ කැරමල් සෝස් එකෙන්. මරු!

මේ කට්ටිය ළඟ බීමට තිබුණේ ෆ්‍රෙෂ් ජූස්. අපි ගත්තා Watermelon Juice (රු. 200) එකයි Passion fruit Juice (රු. 200) එකයි. දෙකේ ම රහ උපරිමේට තිබුණා. සීනි අඩුවෙන් දාලා නිසා ස්වාභාවික පළතුරු රස හොඳටම ආවා. 

සර්විස් එක 

මෙතැන සර්විස් එකත් ගොඩක් හොඳයි. කෑම බීම ටික මේසෙට එව්වට පස්සේ, දෙතුන් ගමනක් ම ඇවිදින් ඒවායේ ගුණ අගුණ අහන්න ස්ටාෆ් එකේ අය අමතක කළේ නැහැ.

අවසාන වශයෙන් 

The Cuisine Colombo කියන්නේ බත්තරමුල්ල, පැලවත්ත හරියේ ඉන්න, හෝ ඒ පැත්තෙන් යන එන අය අමතක නොකර ට්‍රයි කරන්න ඕනේ තැනක් කියලයි අපේ අදහස. මොකද කෑම ටික හොඳ රහට තියෙනවා වගේ ම, පොකට් එකටත් ලොකු අවුලක් නැහැනේ.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment