Taj Samudra, 25 Galle Face Center Rd, Colombo 3
Open until 06:00 PM
The Lattice at Taj is an informal business lounge situated on the right side of their expansive lobby as you enter. They're open from 9:00AM to 11:00PM and their Afternoon Tea session starts from 3:00PM to 6:00PM. They have an excellent menu and are reasonably priced.
සාමාන්‍යයෙන් යමු සිංහල පේජ් එකේ කට්ටිය බත් පැකට් එකයි, ප්ලේන් ටී එකයි වගේ ලෙවල් එකේ ප්ලේස් ගැන තමයි ඉතින් වැඩිය බලන්නේ; ඒ මිසක් ඔය පොෂ් හෝටල් ගානේ යනවා ටිකක් අඩුයි. ඒ වුණාට ඉතින් රාජකාරිය හින්ද ලඟදි ටාජ් සමුද්‍රා හෝටලේ පැත්තට යන්න ගියාම මාත් ඒ පස්සෙන්ම ගියා වෙනසකටත් එක්ක.
ටාජ් එක ඉතින් කොළඹ පරණම හෝටලයක්නේ. ඉතින් තාම අනිත් හෝටල්වලට වැඩිය ටිකක් පරණ තාලේ අලංකරණයක් තමයි තියෙන්නෙ. නිකං අරාබි, ප්‍රංශ, ලාංකීය මොස්තරවල සම්මිශ්‍රණයක් වගේ. හැබයි ඔපේ නං තරු පහට ම හරියන ගාණට තියෙනවා. උස සිවිලිම්, බැබලෙන ගාණට ඔප දාපු මාබල් පොළව, ලොකු ලොකු ලාම්පු ඔක්කොම මාර ලස්සනයි. අපි බලන්න ආපු ලැටිස් කියන රෙස්ටුරන්ට් එක තියෙන්නෙ ලොබියට ආපු ගමන් දකුණු පැත්තෙ. එතනත් හුඟක් වැඩ දාල තිබුනේ. හැමතැනම කැටයම් කරලා, කන්නාඩි අල්ලලා, කවුන්ටරේ පිටිපස්සේ විසාල අමුතු මුර්තියක් එල්ලලා වැඩ කෝටියයි. ලොකු සැප ලෙදර් පුටු, පොඩි ලි මේස එක්ක තියල තිබුණා වගේම ක්‍රීම් පාට සෝෆා කිහිපයකුත් තියල තිබුණා. මෙතනට එනවනං කිට මරල එන තරමට හොඳයි වගේ හිතුන. ඒ වුනාට අපි ගියේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි ගානට ඇඳලා. ඉතින් අමුත්තක් නොදැනුනා නෙමෙයි.
එතන හිටපු අනිත් කට්ටියත් එක්ක බලනකොට අපි ටිකක් කැපිල පෙනුණා වුනාට වේටර් කෙනෙක් අල්ලගන්න විනාඩි විස්සක් විතර ගියා. අපිව ගණන් ගත්තේ නැතුව ඇති. හැබයි අන්තිමේ ආවට පස්සෙ ඒ අය අපිට හොඳට සැලකුවා. මෙනුව හොඳට දැනගෙන හිටිය වගේම බොහොම ප්‍රසන්නව අපිට කථා කළා. ඇත්තෙන්ම වෙනසක්.
මෙනුවේ හුඟක් දේවල් තිබුණට අපි බැලුවෙ ගාණට වැඩිය කන්න පුළුවන් දේකට මොනාද තියෙන්නෙ කියල. ඉතින් මෙනුව හොඳට පීරලා පීරලා අන්තිමේ තෝරාගත්තේ සම්ප්‍රදායික ඉංග්‍රීසි තේ සෙට් එක. ගාන රු. 1200. ටිකක් සැරයි වගේ දැනුනට කලබල වෙන්න එපා. ඒ ගාණට කෑම ගොඩක් ආවා. මේසෙට කෙලින්ම ආවේ තට්ටු තුනේ ට්‍රේ එකක්. ඒකත් එක්ක පොඩි දීසි තුනක තට්ටු තුනේම එක එක ෂෝට්ඊට්ස් වගේ පොඩි පොඩි කෑම. විදුරුවල දාල තිබිච්ච මොනාදත් තිබ්බ.
ෂෝර්ට්ඊට්ස් පොඩි වුනාට රසෙන් නං කිසිම පොඩි ගතියක් තිබුනේ නැහැ. පුළුවන් තරං මස් මාළු පුරවල තමයි මේවා හදල තිබුනේ. අපේ ගෙවල් පැත්තෙ බේකරියේ මාළු නැති මාළු පාන් එකේ 1:3 අල/මාළු අනුපාතය වගේ නෙමෙයි; තියෙන්න ඕන නියම ගාණට තිබුණා. ඇත්තම කියන්න එච්චරම පොඩිත් නැහැ. අර මාළුපාන් එකේ තරමටම පිරවුම මේවයෙත් තිබුණා. තුනපහ හරි පදමට තිබුණා මස් මාළුවල රස මැකෙන්නේ නැතිවෙන්න. පිරවුම වුනත් බටර් රසක් එක්ක හොඳට බේක් වෙලා කරස් ගානවා. වේලිලා රබර් ගතියක් නං කොහෙත්ම තිබුනේ නැහැ.
පොඩි සැන්ඩ්විචස් ටික නං හැබැයි ටිකක් වේලිලා තිබුණා. වැඩිය රස තිබුනෙත් නැහැ සැමන් සැන්ඩ්විච් එකේ. හැම්වලින් හදපු පුංච් කෑමකුත් තිබුණා නිකං පිච්ච මල් වගේ රසක් එන.
මේවටත් වැඩිය හොඳ රසට තිබුනේ පැණිරස කෑම ජාති ටික. ඒවායින් තමයි නියම වටිනාකම මේකට ආවේ. ඉංග්‍රීසි ස්කෝන්ස් ටික මාර මෙලෙක්. කටේ දියවෙනවා. ඒවත් එක්ක ආපු ජෑම්, ක්ලොටඩ් ක්‍රීම්, දොඩම් මාර්මලෙඩ් ගාල කෑවම තවත් රසයි. තව පැණිරස ජාති තිබුණා පොඩි ටාර්ට්, මකරොන්, පන්න කොටා පුඩිම්, ක්රේම් බ්රුලේ පුඩිම් (අර වීදුරුවල ආවේ ඒවා.) ඔක්කොම වැරද්දක් කියන්න බැහැ. නියමෙට තිබුණා.
මම තව ඔර්ඩර් කලා Minute Steak, Bacon and Caramelised Onion in Herb Country Bread සැන්ඩ්විච් එක (රු.925). ඒ නම දිග වුනාට ගණන් ගන්න එපා වැඩ දාපු බීෆ්/බේකන් සැන්ඩ්විච් එකක්. ගාන වගේම ප්‍රමානෙනුත් ලොකුයි. කන්න පුළුවන්ද විශ්වාස නැතුව හිටියේ එත් රස බැලුවම නොකා ඉන්න බැරිවුණා. පාන් මාර මෙලෙක්. බීෆ්, බේකන් පෙතිත් රසයි. අඩු නැතුව පුරවලත් තිබුණා. ඔහේ නිකං පැත්තෙන් දාපු බැදපු අල කූරු ටික වෙන තැන්වලින් හිතල දෙන ඒවටත් වැඩිය හොඳයි.
හවස් වෙච්ච හින්ද ඉතින් සැර බීමකුත් ඉතින් තොලගාල බලන්න හිතුව. මෙනු එකේ පුළුවන් තරං ඒවා බඩට දාගෙන බලන්නත් එපැයි. වේටර් අයියගේ රෙකමදාරුව වුනේ මාගරීටා එක. (රු.695) වෙන තැන්වල වගේ නෙමෙයි කැරකිලා යන්න වදින ගාණට ටෙකිලා මේගොල්ලෝ දාල තිබුණා. ට්‍රිපල් සෙක්, දෙහි යුෂ ලෝබ නැතුව තිබුණා. රසයි. කූල්. රස්නේ දවසකට මරු. සැර ජාති බොන්නැති අයට අයිස් කෝපි එකක් ගත්තා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ ලංකාවේ අපි හැමතැනම බොන අයිස් කෝපි එක තියෙන්නෙ? එකේ ඉස්තරම් වර්ෂන් එක තමයි මෙතන තිබුනේ.
ඔය ඔක්කොටම කොච්චර බඩගෝස්තරේ පිරුනද කියන්නේ අපි ඔෆිස් එකට ආපහු ඇවිදින්න කියල හිතුව.
ටිකක් ගාන සැරයි තමයි ඒත් ගත්තුවා ඔක්කොම ගාණට වටිනවා. විශේෂයෙන් ඔය පොෂ් කෝපි කඩ එක්ක බැලුවම. ඇත්තම කියන්න තේ සෙට් එකනං අපිට සැහෙන්න වටිනවා කියල හිතුන. මොකද ඒ තිබුණ කෑම අපි එක ගානේ සාමාන්‍ය තැනකින් ගත්තනං මීට වැඩිය ගානක් යයි, මීට වැඩිය රසත් අඩුවෙනවා. ඊට වඩා අඩු ගාණට තව තේ සෙට් දෙකකුත් තිබුණා. තනියම ගියොත් පොකට් එකට වදිනවා කියල හිතෙනවා නං ඔය කට්ටියක් එක්ක එකට කන්න ඕනේ වෙලාවක ටාජ් සමුද්‍රා එකේ ලැටිස් රෙස්ටෝරන්ට් එකට යන්න. නරකක් වෙන්නෙ නැහැ.
The Lattice at Taj is an informal business lounge open from 9:00AM to 11:00PM and their Afternoon Tea session starts from 3:00PM to 6:00PM. They have an excellent menu and are reasonably priced.
සිංහල කට්ටියක් එක්ක එකට කන්න ඕනේ වෙලාවක ටාජ් සමුද්‍රා එකේ ලැටිස් රෙස්ටෝරන්ට් එකට යන්න. නරකක් වෙන්නෙ නැහැ.
A restaurant and a guest house in Ella, that one should…
Good place for snacks & short eats, but other food are ?
Delete Comment
Chamod
Is the 'Traditional English Tea' for two people ? Looks like 1200/-nett is pretty good deal :)