Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

2/5

The Lover (Nugegoda)

5 Stanley Tillakaratne Mw, Nugegoda


The Lover is a hugely popular local shop, selling an abundance of plastic and shiny jewelled goods. Earrings, bracelets, rings, phone bling, handbags, shoes...you name it. And they have over 50 branches across the country. Unlike Srina Palace which is a bright tangle of hair product, gems and jewellery, the Lover is often more orderly and better laid out.



ශ්‍රීනා පැලස් තෑගිභාණ්ඩ සම්බන්ධයෙන් ලංකාවේ රජු නම් (බලන්න මේවාත්: Borella Underpass සහ The Souq), 'ද ලවර්' තමයි රාජිනිය. එතැන වඩා ලස්සනයි. ඉදිරිපත්කිරීමත් මනහරයි.

'ද ලවර්' වර්ග දහස් ගණනක මාල, වළලු, මුදු, කරාබු වැනි ප්ලාස්ටික් හා ලෝහමය ආභරණත්, සපත්තු, ගමන්මලු ආදියත් විකුණන තැනක්. ඔවුන්ගේ ශාඛා පනහක් පමණ රට පුරා පිහිටි තිබෙනවා. ශ්‍රීනා පැලස් වගේ අවුල් ජාලයක් නොවෙයි. 'ද ලවර්' හැම දෙයක්ම හරිම පිළිවෙලට ඉදිරිපත් කරනවා. මෝස්තර රැසක් අතරින් ඔබ කැමති භාණ්ඩය තෝරාගන්න පුළුවන්.

මේ දිලිසෙන, ලාභ අනුකරණ මෝස්තර භාණ්ඩ හැමදෙනෙක් අතරම ජනප්‍රිය නොවන්න පුළුවන්. ඒත්, මේ දිලිසෙන පිස්සුව අතරින් ඔබ කැමති අපූරු දේ හමුවෙනවා.

මම මිළදිගත්තා ජංගම දුරකථනය වෙනුවෙන් කොපුවක්, එල්ලන සැරසිලිදෙකක් හා පිටුපස ඇලවීමට දියමන්ති ස්ටිකරයක්. මිළ පිළිවෙලින් රු. 240යි, එල්ලන ඒවාට රු. 60 සහ රු. 80යි, ස්ටිකරයට රු. 100යි.  වැඩිහිටියකුට නොගැලපෙන්න පුළුවන්. ඒත්, පුංචි නංගියෙකුට හොඳයි.

'ද ලවර්' මෑත කාලයේදී වඩා සුන්දර වුණා. කලින් එය ශ්‍රීනා පැලස් වගේ වූ අයුරු මට මතකයි. දැන් සමහර සාප්පු ලොකුයි, පිළිවෙලයි, වායුසමනය කරලා. ඒත්, මිළනම් වෙනස් වී නැහැ. මුදු රු. 50 - 100 අතර. දුරකථන උපාංග රු. 60ත් 90ත් අතර. වළලු හා අත් පළඳනා රු. 35ත් 40ත් අතර. සෙරෙප්පු රු. 150 - 200 අතර.

ඔවුන් සතුව වෘත්තිකමය පෙනුමේ වැදගත් තොරතුරු සහිත වෙබ්අඩවියකුත් තිබෙනවා. යන්න වටින තැනක්.

Address

5 Stanley Tillakaratne Mw, Nugegoda

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 9.30 AM to 6.30 PM

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
2
Ambience Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment