Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

2/5

The Stage Cafe

245/2A Kandy road, Kirillawala


Beautiful interior and just it!



යනඑන අතරමග පොෂ් එකේ..

කන්න කියල තමයි නැවැත්තුවේ..

හැබැයි ඇතුලෙ හැඩ වගේ නෙවේ..

කෑම ටික ආවාම...

ආ.. බොරු නම් ගිහින් කාලා බලන්නකො. අපිත් ඔහොම තමයි හිතුවෙ. දැක්ක ගමන් නිකම් පිස්සු හැදුණ. යනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. මොකද බැලූබැල්මට මාර ලස්සනයි ප්ලේස් එක. ඉන්ටීරියර් එක හදල තියෙනව ආයෙ නියමෙට ම. අනික සර්විස් එකෙත් මාර පිළිවෙළක් පේන්නෙ ඈතට. වැඩිය ඕන නෑ ඉන්නෙත් සෑහෙන පොෂ් ක්‍රවුඩ් එකක්නෙ.

ඉතින් අපිත් ඔන්න ලොකු එකෙන් ගිහිල්ල වාඩිවුණා. කොහොමහරි ඒ සනික සේවක මිත්‍රයෙක් ඇවිල්ල අපිට මෙනුවක් එහෙමත් දුන්න. ඇත්තටම ගෙදර යන්න පරක්කු වෙන නිසා අපි කෑම තෝරන්න වැඩිය වෙලාව ගත්තෙත් නෑ. සනික බලලා... සීෆුඩ් කොත්තුවකුයි (රු. 500), මික්ස් ෆ්‍රයිඩ් රයිස් (රු. 580) එකකුයි, මට්න් ස්ටු (රු. 900) එකකුයි ඕඩර් කළා.

අඩේ... ඕඩර් කළා කළාමයි කියන්නකො. කෑම නැහ්! විනාඩි දහයක් විතර ගියාට පස්සෙ ඔන්න වතුර එක්ක පිඟන් කෝප්ප ටික මේසෙට ආවා. අපි හිතුවෙ ඒ පාර නම් කෑම ළඟ එනව ඇති කියල. එහෙමත් නෑ කියන්නකො. ඇත්තටම ඊටත් විනාඩි 10-15කට විතර පස්සෙ තමයි ඔන්න ගාට ගාට වගේ ආවෙ.

හැබැයි ඉතින් ආවට පස්සෙ නම් පරක්කු වුණත් මෝකෝ කියල හිතුණ. ඇයි යාළු බැලූ බැල්මට ඒවයෙ තිබ්බ හැඩ. ෂැහ්! කොත්තුව එහෙම නිකම් කරකවල අතඇරිය වගේ. නැති පාටක් නෑ ඒකෙ. එතකොට රයිස් එක! ඒකත් එලෙසමයි. ඒකෙ නම් මස් කෑලිත් පේන්න තිබ්බ. මට්න් එකෙත් සුවඳක් එනවා...

ඉතින් යාළුව රයිස් බෙදාගන්න අතරට මම බෙදාගත්ත කොත්තු. බෙදාගෙන මට්න් ටිකකුත් දාගෙන ඔන්න බැස්ස වැඩේට.

කටක් කෑවා... දෙකක් කෑවා… ම්හ, නෑනෙ කිසිම ගැම්මක්. නිකම් පිටි රස විතරයි. මොකද ඒ... වෙන්න බෑනෙ කොත්තුවෙ පාටෙ හැටියට තියෙන්න ඕන නිකම් විසික් වෙන්න. පස්සෙ පොඩ්ඩක් අවුස්සල අවුස්සල දැල්ලො කෑල්ලක් හෙයාගෙන කාලා බැලුවා. අඩෙහ්, ඒකත් එලෙසමයි කියන්නකො. මට නිකම්... හිතාගන්න බැරිවුණා යාළු. ඊටත් මළේ මළ. ඇයි අප්ප බර ගාණක් දිලා ගත්ත. මෙලෝ රහක් නෑනෙ. මගෙ හිතේ වෙලා තියෙන්නෙ ඒකෙ අමුද්‍රව්‍යයෙ ඉඳන් ම අවුල්. රොටිත් හරි හැටි කරවෙලා නෑ... ලූනු සුදුලූනු, රම්පෙ කරපිංච ඉඟුරු අඩුපාඩුත් බාගෙට වගේ, බිත්තර නම් දාලා තියෙනව හැබැයි සෝස්, මස් මාළු හොදි දාලාද කියල හොයාගන්නවත් බෑ, එතකොට එළවළු! අන්න එළවළු නම් දාලා තියෙනව කෙලින්ම ලොරියෙන් බාලා වගේ. අනේ මන්දා ඉතින්, ඔතනින් එහාට මට කියන්න තේරෙන්නෙත් නෑ.

වෙලාවට මට්න් ස්ටු එකයි, ඒකෙ හොද්දයි නම් තිබ්බෙ ලෙසටම. අන්තිමට ඒකෙන් දාගනෙ තමයි ටික ටික රස බැලුවෙ කොත්තුව. හොඳ හැටි ලුණු, ගම්මිරිස්, ලූනු මාළු මිරිස්, අමු මිරිස් අඩුම කුඩුම දාලා, මදි නොකියන්න කිරිත් දාලා, ළාවට හොද්ද තියෙන්න හින්දල... ෂැහ්, ටොප් ආ... ඊටත් ඒ මස් කෑලිත් මාර ම ෆ්‍රෙෂ් කියන්නකො. කොටින්ම කියතොත් මට්න් රසයෙන් අනූනයි. ඒ වගේම තමයි, කෑල්ල දෙක කද්දි මට හිතුණෙම ‘පෝරණු පාන් ගෙඩියක්’ තිබුනනම් කියල. ඇයි අප්පේ...

ඔය අතරෙ අර ජරා කොත්තුව පැත්තකින් තියල මට හිතුණ යාළුවගෙ රයිස් එකට බහින්න. ඉතින් හැන්දක් අරගෙන ඔන්න කිට්ටු කළා ඒ පැත්තට. කිට්ටු කරලා... ඉස්ඉස්සෙල්ලාම කියල ගත්තෙ චිකන් කෑල්ලක්. වැඩේ කියන්නෙ ඒත් එක්කම ආවනෙ සොසේජස් කෑල්ලකුත් හැන්දට. එතනින් ම මම හිතා ගත්ත බත් එක නම් සරුයි කියල. ඇයි අප්ප, එක කටට මස් කෑලි දෙකක් කියන්නෙ!

හ්ම්... කාලා බැලුවාම ඒකෙත්, කඳුළු කතාවක් ම තමයි කොහොමත්. අනේ මන්දා මස්, මාළු, ඉස්සො, දැලේලො ඔක්කොම දාලා තිබ්බට බතේ රසේ මොකක්දෝ අවුලක්. කොත්තුව තරම් නරක නෑ... ඒත්, කඩේ හැටියට  හොඳයි කියල කියන්නත් බෑ. 

ඇත්තටම ඉතින් එතනින් එහාට මොනවත් කියල වැඩකුත් නෑනෙ, නේ..!


TIP

Try Mutton


Similar Places

User Reviews
W
1

5/5

0

Warren Pietersz

Great food for the price.

C
1

5/5

1

Chrishanthi

It's a place I can guarantee that you can take your family to dine with…
The most fresh and tastiest food ever…
But if you r looking for common Chinese food made with msd
and the kottu taste that you have experienced from a night kadee…this is not the place for u…
This place serves you real fresh food made with natural taste and full of goodness…
From all kinds of seafood to many meat types you will taste the freshness with every bite you take…where as most other places you get that taste of the seafood or meat stuff that feels like have been recooked…
If you happen to take your next trip on the Kandy road, don't think twice to stop by this beautiful place with the most delicious food full of freshness!!
My Tip…try everything!!

W
1

5/5

0

Warren Pietersz

Great food for the price.

C
1

5/5

1

Chrishanthi

It's a place I can guarantee that you can take your family to dine with…
The most fresh and tastiest food ever…
But if you r looking for common Chinese food made with msd
and the kottu taste that you have experienced from a night kadee…this is not the place for u…
This place serves you real fresh food made with natural taste and full of goodness…
From all kinds of seafood to many meat types you will taste the freshness with every bite you take…where as most other places you get that taste of the seafood or meat stuff that feels like have been recooked…
If you happen to take your next trip on the Kandy road, don't think twice to stop by this beautiful place with the most delicious food full of freshness!!
My Tip…try everything!!

See 3 Comments