Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Verandah (Galle Face Hotel)

2 Galle Road, Colombo 3


The Galle Face Hotel is one of Colombo's oldest, best known hotels, established in 1864. Over the years it's provided food and shelter to many a revered name: Yuri Gagarin, John D. Rockefeller, Prince Phillip and Richard Nixon, to name just a few. They've changed over the years and we decided to pop in to see how they're doing.



අදත් ටිකක් විතර පොෂ් තැනක් ගැන කියන්නයි යන්නෙ. ගාලු මුවදොර හෝටලේ නොදන්න කවුරුත් නැහැනේ. ලඟදි හොඳ පේන්ට් එකක් දීල පොලිෂ් කරලා අරගෙන හෝටලේ දැන් තවත් ලස්සනයි. මෙතන සුප්‍රකට එළියේ  ආලින්දයේ තියෙන ”වෙරැන්ඩා” රෙස්ටුරන්ට් එක දැන් දවල්ට සහ රෑට බුෆේ පටන් අරං නිසා ඒ පැත්තෙ විපරමක් කරන්න අපි හිතුවා.

 

තැන

අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ගාලු මුවදොර හෝටලේ අපූරුව? කොළඹ ලොකු ගොඩනැගිලි අතර ලස්සන සුදු මැණිකක් වගේ තාම අපුරුවට තියෙනවා. ඉංග්‍රීසි ගෘහනිර්මාණ ශිල්පය ලස්සනට රැකගෙන තියාගෙන, ඔපයකුත් දෙන්න කාර්ය මණ්ඩලය සමත් වෙලා තියෙනවා. කන්නාඩියක් වගේ මැදපු මාබල් පොළව උඩින්, සුදට බැබලෙන කුළුණු අතරින් ඇවිදලා, ලොකු ලි දොරවල්, පිත්තල අල්ලු වලින් ඇරගෙන ගියාම හිතෙනවා මෙතන ඒ කාලේ හිටපු සුද්දෝ කොහොම ඉන්න ඇතිද කියල. ඇයි, මෙච්චර අවුරුදු ගානකට හිටපු සම්භාවනීය අමුත්තෝ?

වෙරන්ඩා රෙස්ටුරන්ට් එක තියෙන ආලින්දයේ ලස්සන නං ඇස් දෙකින්ම දකින්න ඕනේ. අර කියපු ගෘහ නිර්මාණ ශිල්පය දිග තට්ටු දෙකක, තීරු දෙකකට තියෙනවා. ඒ සුදු කුළුණු අතරේ, ඒ තීරු දෙකේ කළු වේවැල් පුටු මේස පෝලිමට තියල තියෙනවා. හැබැයි ලස්සනටම තියෙන්නෙ ආලින්දයෙන් එලියට බලනකොට. මොකද කෙලින්ම ඉස්සරහ තියෙන්නෙ ඉමක් කොනක් පෙන්නේ නැති මහ මුහුදයි. දවාලක ගියාම ලා නිල් පාට අහසත් එක්ක තද නිල් පාට මුදු වතුර එකට තියෙනකොට ලස්සන කියල නිමකරන්න බැහැ.

 

කෑම

අපි කෙලින්ම සෙට් වුනේ දවල් බුෆේ එකට. ලොකු හෝටලේ හින්ද ඇති වෙන්න කන්න දෙයි කියල හිතාගෙන. ලස්සනට මේස පහ හයකම පිත්තල භාජනවල කෑම තියල තිබුණා. අනිත් මේසවල පිගන් තට්ටු තට්ටුවල කෙටි කෑම, අතුරුපස තියල තිබුණා. සාරාට පිඟානක් දීල බුෆේ එක පැත්තට ඇරලා මම වාඩිවෙලා ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක මෙනු එකෙන් ඔර්ඩර් කලා ඒක හුඟ දෙනෙක් හොඳයි කියල තිබුණ හින්ද.

ඉස්සෙල්ලම බුෆේ එකේ ස්ටාටර්ස් පිඟානට තමයි අපි බැස්සේ. ලස්සන කපපු තුනී මස් මාළු පෙති ටික හොඳට රසට තිබුණා. ඔක්කොම අලුත් මස් මාළු. සැමන් පෙත්තෙ පාට පේනවනේ.

බත් පිඟානට දාගන්න ගොඩක් දේවල් තිබුණා. අමුතු සම්මිශ්‍රණයක් තමයි තිබුනේ. ලාංකීය කෑම වගේම, ඉන්දියානු, පෙරදිග කෑමත් කරි විදියට තියෙනවා. පරිප්පු, අල, ඉස්සෝ, දැල්ලෝ හදල තිබුණ. පුරවපු මාළුමිරිස් කෑමකුත් තිබුණා. මේ ඔක්කොම හැබැයි වැඩිය රසක් නැහැ. ඇත්තටම දුකයි ඒ ගැන. එළවලු ටිකත් අර ටින්වල එන එලවළුද මන්ද. බත් එකත් වේලිලා තිබුණේ.

තායි හුරුවට උයල තිබුණ කුකුල් මස් එක ටිකක් නැගල ගියා. මිරිස්, මීපැණි, දෙහි එහෙම දාල පදම් කරපු මේ මස් එක දුක නැතුව කන්න පුළුවන්. තන්දුරි චිකන් එක නං මෙලෝ රහක් නෑ.හොඳ දේකට තිබුනේ මඤ්ඤොක්කා කරිය විතරයි. දියවෙන්න උයල තිබුනේ නැහැ. මිරිස් සැරකුත් තිබුණා.

මෙතන මේසයක්ම වෙන්කරලා තිබුණා නුඩ්ල්ස් කන්න කැමති අයට.නුඩ්ල්ස් ජාති කිහිපයකුත්, ඒවත් එක්ක කන්න එළවලු, සුප්, ටෝෆු මේ මේසේ උඩ තියල තිබුණා කැමති විදියට බෙදාගෙන තමන්ගේම නුඩ්ල්ස් සුප් එකක් හදාගන්න.

අතුරුපසට බුෆේ එකේ තිබුනේ සාමාන්‍යයෙන් බුෆේවල හම්බවෙන පලතුරු, පුඩිං, කේක් වගේ දේවල්. කැවුම්, කොකිස් එහෙමත් තිබුණා. කේක් නං වේලිලා තිබුනේ, හැබැයි බ්‍රවුනි දෙකනං නරක නැහැ. දෙකෙන් චොකලට් එකට වැඩිය සුදු චොකලට් බ්‍රවුනි එක තමයි හොඳ. බ්ලූබෙරි "පැන කොට" පුඩිම නරක නැහැ හැබැයි එකේ අඹ මුස්‌ එකනං සන්ක්වික් රහයි.

අර ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් ඔර්ඩර් කලේ. ඒක ආවමනං අපිට මාර පුදුමයි. පත සයිස් මාළු පෙත්තක්. හොඳ ගනකමට තිබුණා. වෙන තැන්වල වගේ සයිස් එක වැඩි කරන්න පිටිවලින් වහල තිබුනෙත් නැහැ. පිටි වැස්ම කොච්චර තුනිද කියන්නේ කර කර ගානවා කැඩුවම. මාළු පෙත්තත් පුදුම මෙලෙකක්. අල්ලපු ගමන් කෑලි වෙනවා. හොඳ රසකුත් තිබුණා. හොඳ අලුත් මාළු කෑල්ලක්. මාළු රස නැති නොකර හරි ගාණට හදල තිබුණා. මේක ගැන නං කිසිම දුකක් නෑ. හරිම සතුටුයි දැන්.

 

බුෆේ එකටනං ගාලු මුවදොර හෝටලේ පැත්ත පලාතක යන්න එපා කියල තමයි ඉතින් දුකෙන් කියන්න තියෙන්නෙ. හෝටලේ ලස්සනේ අහලකටවත් බුෆේ එකේ කෑම තියන්න බැහැ. හන්දියේ බත් කඩෙන් මීට වැඩිය රස බත් එකක් කන්න පුළුවන්. ඒ බුෆේ එකට ඇහැට කඳුළු උනන රු 3500 ගියා. ඒ ගානෙන් බාගෙකට මේ වගේ තුන් ගුණයක් හොඳ බුෆේ දෙන තැන් තියෙනවා. අපරාදේ. ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකට නං ගියේ රු.1509. ඒක නං ගාණට සැහෙන්න වටිනවා. වෙරන්ඩා එකට එනවනං මෙනු එකෙන් ගන්න, බුෆේ එක නං ගන්න එපා. ඒ ඇරුනම ලස්සන වටපිටාවක් බලන්නත් පුළුවන්. තනිකමට යාලුවෙකුත් අල්ලගන්න පුළුවන්.


TIP

Visit during the day. The view is spectacular.


Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments