4/5

The VoV Coffee Lounge

30/81A Longdon place, Malalasekara Mawatha, Colombo 00700


The VoV Coffee Lounge is a little eatery situated at Malalasekara Mawatha that serves up 100% vegan food. They're fairly priced, the food is tasty and their burgers are sure to satisfy.


අපි අතරේ සමහරු ඉන්නවා මස්, මාළු කන අය. සමහරු ඉන්නවා මාළු විතරක් කන අය. තවත් කට්ටිය ඉන්නවා ඔය දෙකම තියා, ඕවා ගෑවිච්ච හැන්දකින්වත් බෙදාගන්න අකමැති අය. ඕවා ඉතින් තමතමන්ගේ කැමති අකමැතිකම් නේ.

වෙජිටේරියන් රෙස්ටෝරන්ට් ලංකාවේ වැහි වැහැලා තිබුණත්, වීගන් රෙස්ටෝරන්ට් තියෙන්නේ හරි ම අඩුවෙන්. අපි මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තැනක් ගැන.

තැන

VOV Coffee Lounge තියෙන්නේ අර ඒ දවස්වල Vegan Kitchen and Coffee Lounge එක තිබුණු තැනමයි. කලින් තිබුණු පුටු මේස, ෂෝ කේස් තවම එහෙමම තියෙනවා. ඒත් මෙනුව සෑහෙන්න වෙනස්. කොහොම වුණත් අපට තේරුණු විදියට මේකත් අර කලින් කට්ටියගේ ම අතින් සිද්ධ වෙන වැඩක්.

කෑම බීම

මෙයාලගේ කෑම බීම කිසිම දේක කොහොම විදියකින්වත් සත්ව නිෂ්පාදන අඩංගු වෙන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ingredients තමයි යොදාගන්නේ. බර්ගර් ජාති හත අටක් එක්ක, තේ, කෝපි බීම මෙතැනින් ගන්න ඇහැකි. ඒ හැරුණා ම ඒ ඒ දවසට විශේෂ වෙන විදියේ ස්පෙෂල්ස් එහෙමත් තියෙනවා.

අපි ගත්ත The Silverstone බර්ගර් (රු.699) එක හෙන ෆිලින්. අපට දැනගන්න ලැබුණු විදියට මේක එයාලගේ චීස් බර්ගර් එක. හප්පච්චියේ! මේක එක අතට ගන්න බැරි සයිස් එකට ලොකුයිනේ. දිනිති මාර ම ගේමක් දුන්නා මේක කන්න. බර්ගර් එක යටින් ම තිබුණේ තක්කාලි සහ ලේටියුස්. ඊට උඩින් තමයි පැටී එක. චිකන් පැටී එකක් පෙනුම ගත්තට, චිකන් වෙනුවට පාවිච්චි වෙන ආදේශකයක් තමයි මේකට දාලා තිබුණේ. උඩ තියෙන චීස් ටික හදලා තිබුණේ කජුවලින්. රස පැත්තෙන් ගත්තොත් නෝමල් චීස් බර්ගර් එකකින් එන රස මේකේ දැනේනේ නැහැ. ඒත් ටෙක්ස්චර් එක ඊට ගොඩක් සමානයි.

හැබැයි ඒ මොනවා වුණත් මේ කට්ටියගේ ෆ්‍රයිස් ටික නියමයි. වටේට ක්‍රිස්පි, ඇතුළතින් හොඳ සොෆ්ට් අර්තාපල්. මාර ම ෆ්‍රෙෂ් ගතියට තිබුණු නිසා තවත් හොඳයි.

එදා ස්පෙෂල්ස්වලට තිබුණේ Fish Fried Rice (රු.300). මේක තමයි අපට ගොඩක් ම අල්ලලා ගියේ. කොටින් ම කිව්වොත් බාගෙකට වඩා කාගන්න බැරි වුණා. ඇයි අප්පේ! එසේ මෙසේ බත් පොඩ්ඩක් නම් කමක් නැහැ. තඩි ම තඩි බත් එකක්නේ. රයිස් එක හොඳ බටරි ගතියට තිබුණා. සුවඳත් හොඳයි. උඩින් දාපු බැදපු ලූණු ටිකත් හොඳ addition එකක්. මාළු වෙනුවට යොදාගෙන තිබුණු ආදේශකයේ මාළු රස හෝ සුවඳ නැහැ. ඒත් ඊට සමාන ටෙක්ස්චර් එකක් තිබුණා. දවටනේක දාලා ෆ්‍රයිඩ් කරලා තමයි මේක ආවේ.

මේ තියෙන්නේ එයාලගේ චොකලට් මිල්ක්ෂේක් (රු.200) එක. ඇත්ත ම කිව්වොත් මේක හිතුවටත් වඩා හොඳයි. එළකිරි නොදාපු එකක් නිසා උකු ගතිය පොඩ්ඩක් අඩුවට තියෙනවා විතරයි. නැත්තන් චොකලට් රසයි, නට්මිල්ක් රසයි ගානට බැලන්ස් වෙලා.

සර්විස් එක

මෙතැන ස්ටාෆ් එකේ අය බොහොම ෆ්‍රෙන්ඩ්ලි. කෑම බීම ගැන විස්තර ඕනේ එකක් අහගන්න ඇහැකි. අනික ගෙදරට ආව කෙනෙක්ට වගේ සැලකිල්ල. අපේ කෑම බීම ටික මේසෙට එන්න විනාඩි 10ක් යන්න ඇති වැඩිම වුණොත්.

අවසාන වශයෙන්

කොටින් ම කියනවනම්, VOV Coffee Lounge එකට යන්න ඔයා වීගන් වෙන්න ම ඕනේ නැහැ. මස්, මාළු කන කෙනෙක්ට වුණත් අඩුවක් පාඩුවක් නැතුව රස විඳින්න පුළුවන් විදියට කෑම තමයි මේ අය ළඟ තියෙන්නේ.


TIP

Ask for their menu, there's more to it than the simple list of burgers on the wall.

Address

30/81A Longdon place, Malalasekara Mawatha, Colombo 00700

Contacts

Facebook

Open until 10:00 PM

Cuisine

Western Sri Lankan Vegan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Vegetarian Burgers

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Ambience Rating
3


Latest