Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

New Thisara Restaurant

No 22, Old road, Pannipitiya


Thisara rset is an awesome spot to chill with some booze, and delicious Sri Lankan Chinese food.



“ඒ… එන්නෙපා බං. ඒක වහල කියාන්කො. මම හංදියට එන්නම්. යමං පන්නිපිටියෙ බෝ සෙවණ පැත්තටවත්”

පිටකෝට්ටෙ අලුතෙන් දාපු චයිනීස් රෙස්ට් එකක අඩියක් ගහන්න සෙට් වෙන්න කියල බැලුවෙ. කොහෙද ඒක දාලා මාස ගාණෙන් වහලනෙ. සිද්ධියෙන් යාළුවටයි මටයි දෙන්නටම අවුල්. ඇයි අප්ප, අඩියක් ගහන්න හිත හදාගත්තට පස්සෙ ඉතින් ගහන්න ම එපැයි.

වසා දමපු රෙස්ට් එක ඉස්සරහ ඉඳගෙනම මම ප්ලෑන් එකේ B කොටසට ගියපු මම යාළුවටත් විස්තරේ කියල කෙලින් ම ඇද්ද තලවතුගොඩ හංදියට. ඒ යද්දි යාළුවත් එතනට ඇවිල්ල. ආයෙ ඉතින් බලබල ඉන්න දෙයක් නෑනෙ, එතනින් එහාට දෙන්නම බයිසිකලේ පන්නිපිටියට.

කෙළින්ම නතර කළේ පන්නිපිටිය බෝ ගහ ඉස්සරහ තියෙන තිසර රෙස්ට් එකේ. ඊටම අල්ලපු, යාළුවගෙ ගෙදර බයිසිකලේ දාලා දෙන්න නැග්ග දඩිබිඩියට උඩ තට්ටුවට.

“සැහ්! අඟහරුවාදා වෙලත් සෙනඟනෙ බං. යමංද උඩ ම එකට”

“ඔව් ඔව් යමං. එපා වෙනව බං කෑගැහිලි අස්සෙ බොන්න ගියාම” දෙන්නගෙම කැමැත්තෙන් රෙස්ට් එකේ උඩ ම තට්ටුවට පිවිසුණා.

කිව්වට විශ්වාස කරන්න යාළු පංකාදු පහයි ප්ලේස් එක. මං කිව්වෙ සුවපහසුව, ලස්සන අතින් නෙවෙයි නිදහස අතින්. මුලු ඒරියාර් එකටම හිටියෙ දෙන්නයි කියන්නකො. ඒ දෙන්නත් වෙනවෙනම. ආයෙ ඉතින් නිදහසේ උපරිමය!

ඊටත්, වැඩේ කියන්නෙ අපි වාඩිවෙලා එක විනාඩියක් යන්න හම්බවුණේ නෑ මෙන්න එනව සේවක මිත්‍රයෙකුත් එතන. යකඩෝ… සර්විස් එකත් සුපිරිනෙ. සාමාන්‍යයෙන් ඒ වගේ පාළුවට ගියපු ෆ්ලෝර් එකකට සර්විස් එක ලැබෙන්නෙ ම නැති ගාණයිනෙ. ඒකට මෙතන… පිස්සු හැදෙනව ඈ…

“සර් මොනවද ගන්නෙ?”

“ඒක තමයි මේ අපිත් බැලුවෙ. ඔයාලගෙ සර්විස් එක මාර ස්පීඩ්නෙ මල්ලි. DHL වගේ. ඇවිල්ල වාඩි වෙන්න හම්බුනේ නෑ ඔයා මෙතන. මෙනුව පෙරළන්න හම්බුනේ නෑ මේසෙ රෙඩි… මාරයි ආ…

ඉන්නකො ඉන්නකො. අපි කෑම තෝරනකම් වයිල්ඩ් ඇපල් එකකුයි, කෙග් කාලකුයි ගේන්නකො.”

කරන්න දෙයක් නැතිම තැන සනිකව ලිකර් ඕඩරේ දාපු අපි ඊට පස්සෙ තමයි කෑම මෙනුව බැලුවෙ.

“හ්ම්ම්… පෝර්ක් ස්ටු එකක් (රු. 580) දාමු නේ බං. ඒකයි ස්පෙෂල් රයිස් එකකුයි (රු. 630) වගේ.”

“ඒක මරු. හ්ම්ම්… සැරට නිකම්! කට්ල් ෆිෂ් ඩෙවිල් එකක් (රු. 580)?”

“සැහ්, ඔය තියෙන්නෙ අයිඩියාර්ස්නෙ බොල”

කොහොම හරි ඇරඹුමේ තරම් ම ස්පීඩ් එකකින් නම් ලිකර් ටික මේසටෙ ආවෙ නෑ. විනාඩි 7ක් 8ක් ගියා. ඒත් මොකෝ ඉතින්, වෙන තැන්වල විනාඩි 10ට 15ටත් නොඑන්නෙ. ලිකර් ටික මේසෙට ආපු ගමන්ම අපි කෑම ඕඩරේ දැම්ම. දාලා… බයිට් නැතුවම චියර්ස් පාරක් දාන්නයි ලෑස්ති වුණේ.

මෙන්න බොලේ ඇස් අදහාගත නොහැකි සිදුවීමක්!

සිංදු කියන යාළුව ගිටාර් එකත් අමෝරාගෙන අපේ ඉස්සරහ…

“සර්… සිංදුවක්?”

“ඔව් ඔව්. අනිවා… හැබැයි අපි දැනුයි වැඩේ පටන් ගත්තෙ. කමක් නෑ ඉස්සෙල්ලම එහෙනම් ඔයාගෙ සිංදුවක් අහල ඉමුකො. ඊට පස්සෙ අපි දෙන්න දෙකක් කියන්නම්”

සංගීතය රස විඳන්න බඹර පදමට එන්න ඕන නිසා අපි යාළුවට සිංදු කියන්න දීලා ෂොටක් දෙකක් හලාගත්ත.

ඕන්න ඒ අතරට බයිට් ටිකත් මේසෙට ඇවිල්ල. දැන් ඉතින් පාර්ටිය උස්සල ගන්න තියෙන්නෙ. මොනව කරන්නත් කලින් කටේ සැර කපාගන්න ඕනනෙ කියල මම පෝර්ක් කෑල්ලක් රස බැලුව.

පංකාදුයි යාළු. ටොප් කියන්නෙ ටොපේ ටොප්! කිරි, ගම්මිරිස් එක්ක ඇඹුල්, තුනපහ රසවලුත් හොඳටම තියෙන්න පදමට හින්දල අරගෙන තියෙනවා.... ඒ මදිවට පෝර්කුත් තෙල් කෑලි අඩුම වෙන්න දාලා තියෙන්නෙ. ඒවටත් හොඳට කරි රස අල්ල නිසා කටගැස්මටම කියාපු. අනික ලූණු, මාළු මිරිස්, කැරට් වගේ එළවළු අඩුම කුඩුම ටිකත් ගාණට දාලනෙ. සත්තයි, බාර් එකේ නොවුණ නම් එහා කඩෙන් පාන් ගෙඩියක්, පරාටා ටිකක් ගෙනැල්ල කනව බඩ පැළෙනකම්.

ඉස්ටු එක එහෙම තියෙද්දි කට්ල් ෆිෂ් ඩෙවිල් එකෙනුත් පොඩ්ඩක් රස බැලුව. ගසාපු සොට් එකේ සැර කොහෙන් ගියාද නෑ කියන්නකො. ඇයි අප්පේ, ඒකෙ රස. හොඳ ගාණට දැල්ලො ටික ගැඹුරු තෙලේ බැදිලා, ලුණු, මිරිස්, ගම්මිරිස් එක්ක හරි හරියට පදම් වෙලා… රඹටි හැලෙන කටගැස්ම! ඊටත් ඒ පෝෂන් එකේ සයිස් එක, ගින්නක් නැතුව දෙන්නෙක්ට බාගයක් ගහන්න පුලුවන්.

ආයෙ ඉතින් රයිස් එකේ රස ගැන කියන්න ඕනත් නැතිවෙයි මගෙ හිතේ…

කමක් නෑ අහගන්නකො. ඒක තනිකරම ඉස්සො, දැල්ලො, චිකන්, සොසේජස්වලින් පිරිලා. ඒ මදිවට තඩි බුල්සායි එකකුත් උඩින්ම. සයිස් එකත් දෙන්නෙක්ට බඩ පැළනේන කන්න පුළුවන් ගාණට. ඔක්කොමත් හරි ලීක්ස්, කැරට් අඩුම කුඩුම ටිකත් එක්ක ගැඹුරු තෙලේ බැදලා එකතු කරපු මස් මාළුවලින් එන රස. චිලි පේස්ට් පොඩ්ඩක් එක්ක කලවම් වුණාම පංකාදු පහයි යාළු. කොටින්ම බයිට් එකටයි ඩයට් එකටයි දෙකටම ඇති හොඳේ!

ආ! කෑම රසෙන් රසේ, සිංදු රස අමතක වෙලා…

කියන්න බැරි වුණානෙ, මම රයිස් එක කන අතරට මගේ යාළුවත් සිංදුවක් කිව්ව.

“රෑ… සිහිනෙන්

ඔබ ළඟ මා සැනසෙනවා…” නාමල් උඩුගම!

ඒ වෙද්දි මගේ පදමත් හොඳ හැටි අල්ලාගෙ ඇවිල්ල තිබ්බෙ. ආයෙ ඉතින් වෙන කවුරුත් මොකටෙයි කියල ඒ සිංදුවෙන් පස්සෙ මාත් ඇල්ලුව…

“නිසල වෙලා හද

නොසැලේ හසරැල්…”


TIP

Try special rice or noodles with pork stew.

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment