Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

Thuru.lk


Thuru is an app, and tree-planter social network, trying to plant 2 million trees by the end of 2018.



විල්පත්තුව වැනි පලාත්වල සිදුවෙන වන විනාශයත්, ජල මූලාශ්‍ර ආසන්නයේ ඇති වන ගහනය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී ජල උල්පත් සිඳී යාම වැනි දේවල් ගැන නිතරම සමාජ ජාලා හරහා කතාබහ වුණා. නමුත් ලක්දිව පුරා සිදුවන මේ භයානක විනාශය නවත්තන්න තිරසාර වැඩපිළිවෙලක් තවමත් ඉදිරිපත් වෙලා නෑ.

මේ දිහා බලාගෙන හිටපු ඉංජිනේරුවෙක් වගේම ඇවිදින්නෙක් (hiker) වන හේමින්ද ජයවීරට ආවා අපූරු අදහසක්. ඒ තමයි ගස් වවන කට්ටියව එක්කහු කරගන්න ඇප් එකක්. "ගස් සඳහා ෆේස්බුක් එකක්". ඩයලොග් ආයතනෙන් ලැබුනු මූලික ප්‍රාග්ධනය උපයෝගී කරගෙන මේ ඇප් එක MVP (අවම මට්ටමේ ක්‍රියාකාරීත්වය ඇති ඇප් එකක්) මට්ටමෙන් නිකුත් කරන්න හේමින්ද ප්‍රමුඛ "තුරු" කණ්ඩායමට හැකි වුණා.

ඇප් එක

Google Play Store එකෙන් ඇප් එක බාගන්න පුළුවන්. තමන් පැල කරපු ගසක් ඇප් එකට ඡායාරූපයක් එක්ක යවන්න පුළුවන්. පැල කරපු තැනත් සිතියමක ආධාරයෙන් සලකුණු කරන්න පුළුවන්.

ඇප් එකේ තියන තවත් හොඳ අංගයක් විදිහට "ලීඩර්බෝඩ්" එක හඳුන්වන්න පුළුවන්. වැඩියෙන්ම ගස් වැව්වෙ කවුද කියල යම් තරඟයක් ඇති කරන්නත්, එමඟින් ගස් වවන එකට පොළඹවන්නත් තුරු උත්සහ කරල තියෙනව. තමන්ගෙම වත්තෙ ගහක් වවාගන්න ඉඩ නැති අයට එක්කහු වෙලා ගස් වවන්න පුළුවන් උත්සව සංවිධානය කරන්නත් තුරු එකේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා.

ගස් වැවීමේ වටිනාකම


දත්ත data.worldbank.org වෙතින්

ලංකාවේ වනගහනය 1990 සිට අද දක්වා 36% සිට 33% දක්වා පහළ ගොස් තිබෙනවා. මෙය 25% දක්වා පහත වැටුණ දවසක මෙරට ජෛව විවිධත්වයට පිළිසකර නොකළ හැකි මට්ටමේ හානියක් සිදුවන බවට විද්වතුන් පවසනවා. කෙනෙකුගේ වත්කම් මැනීමේදී ගෙවල් දොරවල් යාන වාහන වගේම තමන් හිටවපු ගස් ගණනත් මිනුම් දණ්ඩක් විදිහට භාවිතා කරන්න කියල තමයි හේමින්ද යෝජනා කරන්නෙ. අඩි 30ක් උසට වැඩුනු රූස්ස ගසක් අප ආශ්වාස කරන ඔක්සිජන් ලීටර් 550ක් දිනකට නිපදවනවා. වෙළඳ පොළේ පිරිසිදු ඔක්සිජන් සඳහා වූ මිල සලකා බැලීමෙන් රූස්ස ගසක වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න බවයි හේමින්ද ගණන් බලා තිබෙන්නේ.

"ගස් වවනව වගේ නෙමෙයි බලාගන්න ගිහාම"

ඇත්තටම වවපු ගසක් එච්චර කාලයක් බලාගන්න දෙයක් නෑ. රෝපණය කළ ගස එක් මාසයක් බලාගත්තොත් එය වැඩුනු ගසක් දක්වා ආරක්‍ෂාවීමේ සම්භාවිතාවය 60%ක් වෙනවා. මාස 4ක් බලා ගත්තොත් මෙය 80% දක්වා ඉහළ යනවා. අවුරුද්දක් රැකගත්ත ගහක් ඊට පස්සෙ විනාශ වෙලා යන්න තියෙන්නෙ 10%ක අවස්ථාවක් විතරයි.

ඇප් බාගතකිරීම් ඉලක්ක කරගෙන බොහෝ ඇප් නිකුත් වුනත් තුරු කණ්ඩායමේ ඉලක්කය ඊට වෙනස්. 2018 අහවර වෙද්දි ගස් මිලියන 2ක් රෝපණය කරගෙන මිනිසුන් 1 ලක්‍ෂයකට අවශ්‍ය ඔක්සිජන් නිපදවන එක තුරු කණ්ඩායමේ අරමුණයි. ඔවුන්ගේ අපූරු ආදර්ශ පාඨය වෙන්නෙ "හිටෙව්වොත් ගොඩ, නැත්තම් ගස්" යන්නයි.

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment